307. සැප විඳීම
- සැපය, කායික සැප සහ මානසික සැප වශයෙන් දෙයාකාර ලෙස දැක්විය හැක
- කායික සැපය යනු නීරෝගීකම හා බැඳුණු ඉතා ඉහළ වටිනාකමකින් සලකන එහෙත් බොහෝ පටු පරාසයක පිහිටි ධර්මයකි
- බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලාට ද කායික දුක් පීඩාවන්ගෙන් ගැලවීමට නොහැකි වූ අතර කළ හැකි වූයේ ඒවා භාර නොගෙන සිටීමයි
- සැපයක් විඳීමට නම් දුකෙහි සිටින කෙනෙක් විය යුතුය. සැපයෙහි අවශ්‍යතාවය ඇත්තේ දුක් විඳින සහ සැබැවින්ම ඒ විඳින්නේ දුකක් බව හඳුනාගත් කෙනෙකුටය. ( සැප විඳීමට කලින් දුකෙහි සිටි බවක් හෝ සැප විඳීමෙන් පසු දුකෙහි සිටීමට සිදුවන බවක් ඒ තුළ අන්තර්ගත වේ )
- ඒකාන්ත සැපයෙන් සිටින කෙනෙකුට සැපය ලෙස අමුතුවෙන් දෙයක් අවශ්‍ය නොවේ
- හිසේ සිට දෙපතුල දක්වා මෙනෙහි කරන විට නොයෙකුත් කායික වේදනාවන්, පීඩාවන් ඇති කරන ස්ථාන බොහෝ හඳුනාගත හැකිය
- මනුෂ්‍ය ශරීරය යනු දුක් විඳීමටම සකස් වූ, රෝගයන්ට කැදැල්ලක් බඳු වූ ශරීරයකි. එම නිසා එයින් සැපයක් බලාපොරොත්තු විය නොහැක
- සැප විඳීම යනු ද එක්තරා විඳීමකි. මනසෙහි සිදුවන එක්තරා ආකාරයක දැනගැනීමකි. දැනගැනීම යනු වෙහෙසකි, දුකකි. තවද මෙම දැනගැනීම මත පුද්ගලයාගෙන් පුද්ගලයාට සැප විඳීම සාපේක්ෂ වේ
- පිරිනිවීම හැරුණු කොට, දැනගැනීම් වලින් තොර වූ, වේදනා, සංඥා නොමැති නිරෝධ ඵල සමාපත්තිය මේ ලෝකයේ ඇති අග්‍රම සැපය ලෙස දැක්විය හැකිය