Buddhist Sutras

ධර්ම පින්තූර ගැලරිය

මෙහි ධර්මය පිළිබඳ සුන්දර පින්තූර එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ධර්මය පිළිබඳ විග්‍රහයන්

මෙහි ධර්මය පිළිබඳ විදර්ශනා අදහස් සහ කෙටි විග්‍රහයන් එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ධර්මය පිළිබඳ විග්‍රහයන් (ebook)

මෙහි ධර්මය පිළිබඳ විදර්ශනා අදහස් සහ කෙටි විග්‍රහයන් එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ස්ටිකර්ස්

මෙහි අප විසින් සකස් කළ ස්ටිකර්ස් අන්තර්ගත වේ

Click More...
Meditation Guide

කෙටි සටහන්

මෙහි ධර්මය පිළිබඳ විශේෂිත කෙටි සටහන් අන්තර්ගත වේ

Click More...
Dhamma Talks

කෙටි සටහන්

මෙහි ධර්මය පිළිබඳ විශේෂිත කෙටි සටහන් අන්තර්ගත වේ

Click More...
Poya Days

වීඩියෝ සටහන්

මෙහි ධර්මය පිළිබඳ කෙටි වීඩියෝ දර්ශන අන්තර්ගත වේ

Click More...
Buddhist History

AI විග්‍රහයන්

මෙහි AI තාක්ෂණය යොදා ගනිමින් කළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Daily Readings

නිවන් දකිමු දේශනා

මෙහි ක්‍රමානුකූලව සකස් කළ නිවන් දකිමු දේශනා අන්තර්ගත වේ

Click More...
Daily Readings

සම්පත් මහතා සිදුකළ විග්‍රහයන්

මෙහි සම්පත් මහතා විසින් සිදුකළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Daily Readings

සපුමල් මහතා සිදුකළ විග්‍රහයන්

මෙහි සපුමල් මහතා විසින් සිදුකළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Life Seconds Tracker

මරණානුස්සතිය - ජීවිතයේ තත්පර

ඔබ උපතේ සිට ජීවත් වූ මුළු තත්පර, වයස (වසර/මාස/දින/පැය/මිනිත්තු) සහ ජීවිතයේ ඉතිරි තත්පර ගණනය කර බලන්න.

Click More...
Life Seconds Tracker

නිවීමේ පණිවිඩය

කිසිවිටක භාහිර දෙයක් ඔබට නොබැදෙන්නේය, සැමවිටම ඔබ භාහිර දේට බැදෙන්නේය

Click More...

200. සිතෙහි පැවැත්ම

200. සිතෙහි පැවැත්ම
  1. සිත යනු පුද්ගල අනන්‍ය වූවක් නොවේ. මම සිටියත් නොසිටියත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයකි
  2. සිත් අතර පවතින්නේ සංසාරගත පුරුද්දේ වෙනසක් පමණි. සියලු සිත්වල ඇතිවිය හැක්කේ පොදු ක්ලේශයන් වන රාග ද්වේශ මෝහ පමණි
  3. සරුංගලයක නූල අතැතිව තිබුණද සරුංගලයේ චලනය ඒ ඒ මොහොතේ සකස් වන වායුවේ කැලඹීම, සුළඟේ දිශාව, සරුංගලයේ හැඩය ආදී බොහෝ හේතූන් මත රඳා පවතී
  4. නූල යනු එක් හේතුවක් පමණි. ඇඳීම බුරුල් කිරීම හැර එයින් කළ හැකි වෙනත් පාලනයක් නැත
  5. මගේ පැවැත්ම රැඳී ඇත්තේ ද නූල අතැතිව ඇති බැවිනි
  6. අල්ලාගෙන සිටින්නේ නූල වූවත් තණ්හාව පවතින්නේද නූලට නොවේ. නූල කෙළවර පවතින සරුංගලයටයි
  7. සරුංගලයට ඇති තණ්හාව බිඳ වැටුණු විට නූල අතහැරෙනු ඇත. හේතු නැති වී ඇති හෙයින් පුද්ගලයෙකුද එම ස්ථානයේ නොරැඳෙනු ඇත
  8. සිතේ අනාත්මය වැටහීම පිණිස ඉහත වැනි උදාහරණ හොඳින් මෙනෙහි කළ යුතුය
  9. උපමා උපමේය ගලපමින් විදර්ශනා කිරීම ධර්ම අවබෝධයට බොහෝ පහසුවක් වනු ඇත

347. අත් කාචය

347. අත් කාචය
  1. අත් කාච ඉතා කුඩා අකුරු මෙන්ම නොයෙකුත් කුඩා කොටස් හඳුනා ගැනීම සඳහා විශාල පහසුවක් සලසයි
  2. පියවි ඇසින් බැලීම වෙනුවට අත් කාචයකින් බැලීම තුළ දැකීම, හඳුනාගත හැකි දැකීමක් බවට පත්වේ
  3. උපමාවක් ලෙස තථාගත ධර්මය යනු මෝහයට අත් කාචයක් වැනිය
  4. සසර පුරා එළිපිටම මෝහය තිබී ඇති අතර හඳුනා ගැනීමට නොහැකි වීම සසර ගමන් කිරීමට හේතුවයි
  5. නමුත් තථාගත ධර්මය නමැති අත් කාචය භාවිතයෙන් එම එකම මෝහය දෙස බලන විට මෝහය, හඳුනාගත් මෝහයක් බවට පත්වන්නේය
  6. නමුත් අත් කාචය ප්‍රමාණයට වඩා ලං කිරීම හෝ ප්‍රමාණයට වඩා ඈත් කිරීම තුළින් පෙනුන යමක් ඇත්නම් එයද නොපෙනී යාම සිදුවිය හැකිය
  7. තථාගත ධර්මය ද එලෙසය. ධර්මය අතට පත්වුවද එය භාවිතා කරන ආකාරය වරද සහගත වූ විට පෙනීම තවත් විකෘති භාවයට පත් විය හැකිය
  8. එම නිසා ධර්මය පරිහරණය කරන ආකාරයද වෙනම උගත යුතු පාඩමකි
  9. ධර්මය නැමැති කාචය හොඳින් අතට හුරු වන තුරු එයින් නියම ප්‍රයෝජනය ලබා ගැනීමට නොහැකි ය. එම නිසා වැඩි වැඩියෙන් ධර්මය පුරුදු කිරීමට කාලය ගත කළ යුතුය
Slideshow Image

Contact Us

Email: sriatapattu@gmail.com

Phone: +94 70 200 3442

. . . බු දු ද හ ම ක අ සි රි ය . . .