Buddhist Sutras

ධර්ම පින්තූර ගැලරිය

මෙහි ධර්මය පිළිබඳ සුන්දර පින්තූර එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ධර්මය පිළිබඳ විග්‍රහයන්

මෙහි ධර්මය පිළිබඳ විදර්ශනා අදහස් සහ කෙටි විග්‍රහයන් එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ධර්මය පිළිබඳ විග්‍රහයන් (ebook)

මෙහි ධර්මය පිළිබඳ විදර්ශනා අදහස් සහ කෙටි විග්‍රහයන් එකතුවකින් සමන්විතය

Click More...
Buddhist Sutras

ස්ටිකර්ස්

මෙහි අප විසින් සකස් කළ ස්ටිකර්ස් අන්තර්ගත වේ

Click More...
Meditation Guide

කෙටි සටහන්

මෙහි ධර්මය පිළිබඳ විශේෂිත කෙටි සටහන් අන්තර්ගත වේ

Click More...
Dhamma Talks

කෙටි සටහන්

මෙහි ධර්මය පිළිබඳ විශේෂිත කෙටි සටහන් අන්තර්ගත වේ

Click More...
Poya Days

වීඩියෝ සටහන්

මෙහි ධර්මය පිළිබඳ කෙටි වීඩියෝ දර්ශන අන්තර්ගත වේ

Click More...
Buddhist History

AI විග්‍රහයන්

මෙහි AI තාක්ෂණය යොදා ගනිමින් කළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Daily Readings

නිවන් දකිමු දේශනා

මෙහි ක්‍රමානුකූලව සකස් කළ නිවන් දකිමු දේශනා අන්තර්ගත වේ

Click More...
Daily Readings

සම්පත් මහතා සිදුකළ විග්‍රහයන්

මෙහි සම්පත් මහතා විසින් සිදුකළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Daily Readings

සපුමල් මහතා සිදුකළ විග්‍රහයන්

මෙහි සපුමල් මහතා විසින් සිදුකළ විග්‍රහයන් අන්තර්ගත වේ

Click More...
Life Seconds Tracker

මරණානුස්සතිය - ජීවිතයේ තත්පර

ඔබ උපතේ සිට ජීවත් වූ මුළු තත්පර, වයස (වසර/මාස/දින/පැය/මිනිත්තු) සහ ජීවිතයේ ඉතිරි තත්පර ගණනය කර බලන්න.

Click More...
Life Seconds Tracker

නිවීමේ පණිවිඩය

කිසිවිටක භාහිර දෙයක් ඔබට නොබැදෙන්නේය, සැමවිටම ඔබ භාහිර දේට බැදෙන්නේය

Click More...

194. ඇස සහ විදර්ශනාව-3

194. ඇස සහ විදර්ශනාව-3
  1. ගසට අකමැති නමුත්, එහි බැඳි ඔන්චිල්ලාවට කැමැත්තක් ඇත්නම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ගසටමය. ගසට කොපමණ අකමැති වුවත් ගස කැපීමකට කිසිසේත් අවසර ලැබෙන්නේ නැත. ඔන්චිල්ලාව හරහා ගසට දැඩි කැමැත්තක් සකස් වී ඇත
  2. එසේම මස් වලින් සැකසුණු, ප්‍රමාණයෙන් කුඩා, ආහාරයෙන් පෝෂණය වන ආදී මස් ඇසට අයෙකු බොහෝ විට සෘජුව කැමති වන්නේ නැත
  3. රූපයට කැමැත්ත සකස් වන විට නිරායාසයෙන් ඇසට ද කැමැත්ත ප්‍රකාශවීම සිදුවේ. නැටුම් ගැයුම් ආදිය මෙන්ම සොබාදහමේ වුවද ලස්සනක් පෙනේනම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ඇසටම ය
  4. පෙනීමක් ඇතිවූ විට පෙනීමක් ඇතිවූ බව දැනගත හැකිය. නමුත් එය කෙසේ සිදුවූයේ දැයි අප දන්නේ නැත. පෙනීම යනු පාලනයෙන් තොර ධර්මයකි ආදී ලෙස අනාත්මය වැඩිය යුතුය. උදාහරණයක් ලෙස තිරිංග තද කරන විට වාහනයක් නවතින බවද ඇක්සිලේටරය පාගන විට වාහනය ත්වරණය වන බවද දැන ගත හැකිය
  5. එය මායාකාරී ස්වභාවයක් නොවන අතර එය කෙසේ සිදු වූයේ යැයි ද අප දනිමු. එම නිසා අවශ්‍ය නම් ක්‍රියාදාමය බිඳ දැමීම, නවීකරණය ආදී ලෙස පාලනයක් සිදුකළ හැක. ඇස සම්බන්ධයෙන් එසේ සිදු කළ නොහැක
  6. ඉර පෑයීම වළාකුළු වල චලනය අපට දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතුව නැත
  7. පෙනීමද එලෙසමය. පෙනීමක් ඇති බව දැනගත හැකිය, පෙනීමක් ඇති වූ පමණකින් එහි අයිතිය අප සතුව නැත. විදර්ශනාව පිණිසය...

186. නොවැටහෙන දහම

186. නොවැටහෙන දහම
  1. අමෘතයාවන් තථාගත දහම බොහෝ සරල හෙයින් දෝ බොහෝ පිරිසකට අපහසු වී ඇත
  2. විජ්ජා නැත. මායා කර්ම නැත. ලෝකය තුළ ඇති ධර්මතාවයන් අඩු වැඩි නොමැතිව පැහැදිලි කෙරෙන තථාගත දහම අපහසු නැත
  3. ලෝකය තුළ යම් ශිල්පයක් ඉගෙන ගත් පසු ප්‍රතිලාභයක් ලැබීමට නම් එම ශිල්ප උපයෝගී කරගනිමින් යම් කාර්යයක් සිදු කළ යුතුය
  4. තථාගත දහම එසේ නොමැත. ප්‍රත්‍යක්ෂ කළ මොහොතේ සිට මහත් ඵල වන අතර, දානමාන ලෙස, මානසික සුවය ලෙස, මුලාවෙන් මිදීම ලෙස, පරලෝ සැපය ආදී ලෙස ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයන්හි භුක්තිය පවතී
  5. බර ලෙස කිලෝ සීයක් වත් නොඉක්මවන, පරිමාව ලෙස ගණ මීටරයක් තරම්වත් නොවන අපට ප්‍රමාණයෙන් ආයතන දෙසීයක් තුන්සීයක් නැත
  6. ඇත්තේ දකින බව ඇසෙන බව දැනෙන බව හැඟෙන බව ආදී සරල ධර්මතාවයන් පිළිබඳව ඇති මුළාව දුරු කිරීමක් පමණි. එපමණකි
  7. මේ සඳහා මිලදී ගත යුතු විශේෂ මෙවලම් කට්ටල නැත
  8. ඉන්නා තැන සිට ඉන්නා ඉරියව්වෙන් ගෝචර අරමුණු පිළිබඳව සිදු කෙරෙන කුඩා ගවේෂණයකි
  9. සරල වුවද නොකෙරුනහොත් අත්වන ඉරණම තථාගතයන් වහන්සේටද විසඳිය නොහැකි බැවින් අප්‍රමාද විය යුතුය. වීරිය පිණිසය...
Slideshow Image

Contact Us

Email: sriatapattu@gmail.com

Phone: +94 70 200 3442

. . . බු දු ද හ ම ක අ සි රි ය . . .