Report Menu
All Cards
Total Cards: 430 | Page: 1 of 22 | Showing: 20 cards
430. හොඳම ඝාතකයා තථාගතයන් වහන්සේය.

430. හොඳම ඝාතකයා තථාගතයන් වහන්සේය.

  1. කෑවත්, නොකෑවත් වයස යන්නේය, රෝගයන් වැළඳෙන්නේ ය, නොබෝ කලකින් ඒකාන්තයෙන් මිය යන්නේය
  2. මිනියක් මැරීම යනු විශාල කාරණයක් නොවන්නේ ය. සරල උපක්‍රමයකින් වුවද එය සිදුකළ හැකිය
  3. එහි දී සිදුවන්නේ හුදෙක් ශරීර මරණයක් පමණි. නමුත් මොහොතකින් තවත් ශරීරයක් දරාගෙන මෙම සිත නැවත නැගිටින්නේ ය
  4. නමුත් පසේබුදු හැරුණු කොට තථාගත අනුශාසනයකින් තොරව මෙම සිත මැරීම තබා කුමක්දැයි, කෙසේ ක්‍රියාත්මක වන්නේදැයි හඳුනා ගැනීම වත් කළ නොහැක
  5. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කල්පයන් පසු කරමින් බොහෝ පරිත්‍යාගයන් කොට මෙම සිත ඝාතනය කිරීමට ශක්තිය උපදවන්නේ ය
  6. මෛත්‍රිය කරුණාව පිළිකුල අසුභය ආදියෙන් මෙම සිත මෙල්ල කරන්නේය. මහා පුරුෂ ශක්තිය උපදවා කෙලෙස් නැමැති සංග්‍රාම භූමිය තුළ සිත සමඟ සම්මා දිට්ඨිය නැමැති අසිපතෙන් සටන් වදින්නේ ය
  7. අවසානයේ උපක්‍රමශීලී ලෙස නැවත නොනැගිටින සේ සිත ඝාතනය කර දමන්නේය. අන් අයට දේශනා ද කරන්නේ ය
  8. එම අර්ථයෙන් තථාගතයන් වහන්සේලා හොඳම ඝාතකයන් වන්නේය.....
No audio available
429. සොබා දහම සහ මම

429. සොබා දහම සහ මම

  1. මළමුත්‍ර, දහඩිය, ගැලවී වැඩෙන සම් කැබලි, නියපොතු, හිසකෙස් ආදී නොයෙක් කොටස් පරිසරයට එකතු වේ
  2. ආහාර ලෙස ජලය ආදී ලෙස ද ආශ්වාසය ප්‍රශ්වාසය මගින්ද මෙම ශරීරය සොබා දහම සහ බැඳී පවතී. නිරතුරුව ශරීරයය සොබා දහම හා කවලම් වීම සිදුවේ
  3. මගේ ලෙස වෙන්කර ගැනීමට වෑයම් කළද මෙම ශරීරය සොබාදහම සහ බද්ධව, මුසුවී පවතී
  4. පණ ගැට ගසා ගැනීමට සොබාදහම අපට දැඩි සක්කාර පහසුකම් සපයයි
  5. ඔක්සිජන් ටැංකිය වායු ගෝලය වේ. උණුසුමට හිරු එළිය, සිසිලස ට සුළඟ, ආහාරයට ගහ කොල, මහ පොළොව ආදී ලෙස වේ
  6. මෙලෙස විදර්ශනා කරන විට මෙම ශරීරය සොබා දහම ම බවද මම ලෙස පැනවීමක් කළ නොහැකි බව වැටහෙනු ඇත
No audio available
428. හොඳ නරක

428. හොඳ නරක

  1. සොබා දහමට හොඳ, නරක විපාක ලෙස විපාක භේදයක් නැත. හොඳ නරක විපාක ලෙස පැනවීමක් හට ගන්නේ එයට විඤ්ඤාණයක් මැදිහත් වූ විටය
  2. සිතේ රුචිකත්වයට යමක් සිදුවේ නම් හොඳ විපාක ලෙස ද නැතහොත් නරක විපාක ලෙස ද සිත මගින් අර්ථ ගැන්වුව ද සොබා දහමට එවැනි පැනවීම් නොමැත
  3. සොබා දහම තුළ ඇත්තේ හේතු සකස් වූ විට එයට සබැඳි ඵලයන් සිදුවීමය. ඒ තුළ අනුකම්පාව දයාව ආදියක් යෙදෙන්නේ නැත
  4. වැස්සක් සඳහා හේතු සකස් වූ විට ඵලය ලෙස වැසි වැටීම සිදුවේ. එහි ඇති හොඳක් නරකක් සොබාදහමට නැත
  5. සිතට හොඳ දේවල් නරක දේවල් ලෙස භේදයක් ඇත. නමුත් වඩා හොඳ දෙයක් හමුවේ හොඳ දෙයක් වුවද නරකකි
  6. නරක දෙයක් වුවද ඊට වඩා නරක දෙයකට සාපේක්ෂව හොඳකි
  7. හොඳ නරකය බෙදන නිශ්චිත රේඛාවක් සිතකට නැත. සිතට විටෙක හොඳ දෙයක් පසුව නරක් වන්නේ එම නිසාවෙනි
  8. එක් අන්තය ක සිටින සිත යම් හේතුවක් වෙනස් වූ විට අනෙක් අන්තය දරයි. හේතුව වන්නේ හොඳ නරක යනු සොබා දහම නොහඳුනන සිතකට සාපේක්ෂක ධර්මයක් බැවිනි
  9. මෙලෙස කාරණා වැටහීමත් සමඟ සිත හොඳ නරක ඉක්මවා යන අතර ඒ වෙනුවට හේතුව ඵලය ලෙස සිතෙහි හැඳිනීම වෙනස් වී සිතද සොබා දහම ම බවට පත්වී නිවී යනු ඇත
No audio available
427. සෑම සිතිවිල්ලකටම විපාකයක් ඇත

427. සෑම සිතිවිල්ලකටම විපාකයක් ඇත

  1. සැලකිය යුතු විපාක මට්ටමක් නොවුනත් පෘථග්ජන සිතක සෑම සිතිවිල්ලකට විපාකයක් ඇත
  2. උදාහරණයක් ලෙස "මේ බස් රථයේ යා යුතු යැයි සිතීම" යන සිතිවිල්ල සලකන්න. එහි විපාකයක් ලෙස ඒ පිළිබඳ මතකයක් අපගේ මතකයට එකතුවීම සිදුවේ. මෙනෙහි කළ හැක්කේ ඒ නිසාවෙනි. එය ඒ අනුබද්ධයෙන් ඇතිවූ විපාකය කි
  3. අපිට වෙන දවසක එම බස් රථය දක්නට ලැබුණහොත් "මේ අසවල් බස් රථය යැයි" මතකය අවදිවන්නේ එහි විපාකයක් ලෙස ය
  4. මේ බස් රථයේ යා යුතු යැයි සිතූ විට, වෙන බස් රථයක නොයෑම එහි විපාකයක් ලෙස සිදුවේ
  5. සෑම සිතිවිල්ලකට ම යම් ශක්තියක් වැයවීම සිදුවේ. මේ බස් රථයේ යා යුතු යැයි සිතන විට එම සිතිවිල්ලට වැයවන ශක්තිය, එම සිතිවිල්ල සඳහා කාලය වැයවීම ආදිය ද දිට්ඨධම්ම වේදනීය විපාකයන් ය
  6. එම සිතිවිල්ල ප්‍රධාන අරමුණ වන විට වෙනත් සිතිවිල්ලක් ඇති නොවීම ද එහි විපාකයකි
  7. ඒ සිතුවිල්ල හේතුවෙන් එම දිශාවට හිස හැරවීම ද විපාකය කි
  8. මේ ආකාරයෙන් එම සිතිවිල්ල නිසා ප්‍රමාණ කළ නොහැකි බොහෝ විපාක සකස්වීම සිදුවේ
  9. අප කර්මයක් විපාකයක් ලෙස බාර ගැනීමට එය මහත් වූ දෙයක් විය යුතු ලෙස සිත තුළ මුලාවක් ඇත. මේ ආකාරයෙන් මෙනෙහි කරමින් එම මුලාව දුරු කළ යුතුය
No audio available
426. ස්ථාන මාරුව

426. ස්ථාන මාරුව

  1. බත් පතක ඇති ව්‍යංජන තිබෙන ස්ථානය අනුව කැමැත්තේ විශේෂ වෙනස් වීමක් සිදුවන්නේ නැත
  2. නමුත් මනුෂ්‍ය ශරීරයක ඇති අවයව තිබෙන ස්ථානය වෙනස් කළහොත් කැමැත්ත අහසට පොළොව සේ වෙනස් වනු ඇත. එයට පදනම් වූ ධර්මය කුමක්ද?
  3. උදාහරණයක් ලෙස නහය පහළට දමා කට ඉහලට දැමුවහොත්, ආදී ඕනෑම වෙනසක් විකෘතියක් වනු ඇත. බිය පිළිකුල ආදිය උපදවනු ඇත
  4. එවිට ප්‍රකෘතිය වන්නේ මේ අවස්ථාවේ අවයව පිහිටා ඇති ආකාරයද?
  5. නැත. එයද විකෘතියකි. කාරණය වන්නේ දීර්ඝ කාලයක් පුරා අප එයට පුරුදුව සිටීමයි. මේ තිබෙන රූප ස්වභාවය සිත තුළ ජප වී තිබීමයි
  6. කමටහන: මනුස්ස සත්ව ආදී ශරීරයක ඇති කොටස් වල තිබෙන ස්ථානය වෙනස් කරමින් තමන්ගේ කැමැත්තට කුමක් වේදැයි මනසින් මෙනෙහි කරන්න
  7. මෙවැනි විදර්ශනා තුළින් සිත තුළ පවතින කැමැත්ත කාලය, පවතින ස්ථානය, ළඟ, දුර, වයස, දැනුම ආදී බොහෝ කාරණා මත පවතින බවද, එය සාපේක්ෂක ධර්මයක් බව ද, මුලාවක් බව ද වැටහෙණු ඇත
No audio available
425. නිදි කුම්බා පැළය

425. නිදි කුම්බා පැළය

  1. නිදි කුම්භ ආදී පැලයක් ඇල්ලූ සැණින් ඇල්ලූ බව දැන ගනී
  2. ප්‍රතිචාර ලෙස හැකිලීම සිදුවේ
  3. නමුත් ඒ තුළ කෙනෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ නැත
  4. සත්වයෙක් පුද්ගලයෙක් නොමැතිව දැන ගැනීමේ ක්‍රමයක් පවතින බව ඉන් පැහැදිලි වේ
  5. අප තුළද පවතින්නේ නොයෙක් ආකාරයේ දැන ගැනීම් ය. ඒවාට ප්‍රතිචාර දැක්වීමක් ද ඒ තුළ දක්නට ලැබේ
  6. නමුත් එම දැනගැනීම් ද ක්‍රියාත්මක වන්නේ නිදි කුම්බා පැලය සේය. එහි යම් සංකීර්ණ අවස්ථාවක් ලෙස සැලකිය හැක
  7. ඇසෙන් රූපයක් දැනගැනීම ඇස රූපය සහ එයට අවධානය සහිත සිත ඇති විට නිරායාසයෙන් සිදුවේ
  8. එම දැනගැනීමට සත්වයෙක් පුද්ගලයෙක් අවශ්‍ය වන්නේ නැත. ඒ තුළ ක්‍රියාත්මක වන මම හුදෙක් සිතිවිල්ලක් පමණි
  9. විදර්ශනාව පිණිස ය
No audio available
424.දැනගැනීම

424.දැනගැනීම

  1. අහස දෙස බැලූ විට වළාකුළු ඇති විට ඇති බව දැනගත හැකිය. නැති විට නැති බව දැනගත හැකිය
  2. නමුත් ඒවා පාලනය කිරීමක් අපට කළ නොහැකිය. එය දැනගත් පමණකට ඒවායේ අයිතියක් අපට හිමිවන්නේ නැත
  3. එලෙසම සිත නැමැති අහසේ සිතුවිලි නැමැති වළාකුල ඇතිවේ. අපගේ පාලනයකින් තොරව පැමිණීම නැති වී යාම සිදුවේ. කාරණා දෙකෙහි කිසිදු වෙනසක් නැත
  4. අපට සිදුකළ හැක්කේ ඇතිවූ විට ඇති බව, නැති වූ විට නැති බව දැන ගැනීම පමණි
  5. එලෙසම සිතෙහි කැළඹීමක් ඇති විට කැළඹීමක් ඇති බව, ද්වේශයක් ඇති විට ද්වේශයක් ඇති බව, ආදී ලෙස සිතෙහි නොයෙකුත් අවදීන් දැනගත හැකිය
  6. නමුත් ඒ දැනගත් පමණකින් ඒ කිසිවක අයිතිය, පාලනය නොමැතිය
  7. විදර්ශනාව පිණිසය..
  8. ගැඹුරින් ගැඹුරට යනු ඇත..
No audio available
423. මතකය

423. මතකය

  1. නිරතුරුව මේ සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය. සසර ගමනට යම් හේතුවක් සකස් වන්නේ නම් එය වරද සහගත ක්‍රියාවකි
  2. සසර ගමන වැළැක්වීම පිණිස යම් ක්‍රියාවක් හේතු වේ නම් එය නිවැරදි ක්‍රියාවකි. සසර තුළම බොහෝ කාලයක් සිටි අපට ජප වී ඇත්තේ සරට යන වරද සහගත ක්‍රියාවන්මය
  3. තවද වැරැද්දක් සිදුවීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී
  4. නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ආදීනවයකි. එම මතකය විටින් විට මතුවෙමින් පසුපසම හඹා පැමිණීම වැළැක්වීම බොහෝ අපහසු කරුණකි
  5. එම මතකය මරණ මොහොතේදී අපගේ ඉරණම පවා තීරණය කළ හැකි බිහිසුණු කාරණයකි
  6. එම නිසා වැරැද්දක් නොවීමට වග බලා ගැනීම නුවණැතිය
  7. මනුස්ස ජීවිතය තුළ නිවනට මෙන්ම නිරයට යෑමටද වැඩිවෙලාවක් ගතවන්නේ නැත.. ප්‍රවේසම් විය යුතුය...
  8. වීරිය පිණිසය...
No audio available
422. බුද්ධිමත් බව

422. බුද්ධිමත් බව

  1. බුද්ධිය ඇති නිසා සත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි ලෙස සක්කාය දෘෂ්ටිය බැසගෙන පැවතිය හැකිය
  2. එය එසේ නම් උදාහරණයක් ලෙස ගසක් තුළද පුද්ගලයෙකු සිටිය යුතුය
  3. ගසක ජලය, ඛනිජ ලවන ආදිය බෙදා හැරීම පමණක් සැලකුව ද එය ප්‍රශස්තව ස්වංක්‍රීයව සමබරව බෙදා හැරීම සිතාගත නොහැකි තරම් බුද්ධිමත් ක්‍රියාවකි
  4. නමුත් ඒය නිර්මාණය කළ අයෙකු හෝ පුද්ගලයකු ඒ තුළ ක්‍රියාත්මක වන්නේ නැත
  5. මේ ආකාරයෙන් හොඳින් මෙනෙහි කරමින් බැසගෙන ඇති දෘෂ්ටින් බිඳ දැමිය යුතුය
  6. විදර්ශනාව පිණිසය...
No audio available
421. භාවිතාව

421. භාවිතාව

  1. විඤ්ඤාණය යනු ධර්මතාවයකි, ඒ තුළ ධර්මය ප්‍රත්‍යක්‍ෂවීම සිදුවන්නේ භාවිතය, නැවත නැවත භාවිතය තුළිනි. ඒ එහි ස්වභාවයයි
  2. උදාහරණයක් ලෙස පාසල් කාලය තුළ ඉගෙන ගත් බොහෝ විෂය කරුණු අමතකව ගොස් ඇතත් ළදරු පාසලේ ඉගෙන ගත් අකුරු ආදිය අමතක ව ගොස් නැත
  3. එයට හේතුව වන්නේ භාවිතය බහුල වශයෙන් භාවිතය සිදුව තිබීම යි
  4. ධර්මය ද එසේම ය. ඇසුණ පමණකින් ප්‍රත්‍යක්ෂ වීමක් සිදුවන්නේ නැත. අසා දැනගත් ධර්මය හොඳින් ධාරණය කර ගත යුතුය
  5. වෙර වීරිය උපදවා එය වැටහෙන තුරු විවිධ උපමා, උපක්‍රම භාවිතයෙන් සිතට පෙන්වා දිය යුතුය
  6. එසේ වටහා ගත් ධර්මය එදිනෙදා ජීවිතය තුළ භාවිතා විය යුතුය
  7. එම භාවිතය තුළ, බහුල වශයෙන් භාවිතය තුළ නොයෙකුත් අවබෝධයන් සිදුවන අතර යම් අවස්ථාවක විඤ්ඤාණයෙහි බලකනු බිඳී යනු ඇත
  8. හාල් පොල් ඇතත් උයා පිහා අනුභව කරන තුරු කුසගින්න නිවෙන්නේ නැත
  9. එලෙසම වටහාගත් ධර්මයන් භාවිත නොකරන්නේ නම් සිත නිවෙන්නේ නැත. ධර්මය ප්‍රත්‍යක්ෂවීමක් සිදුවන්නේ නැත
  10. වීරිය ඉපදවීම පිණිසය...
No audio available
420. නිවනට බර සිත

420. නිවනට බර සිත

  1. බොහෝ දෙනෙක් නිර්වාණයට කැමති වුවත් එය සිදු කිරීමට පහසුවෙන් හිත් දෙන්නේ නැත
  2. හිත් දෙන අතලොස්ස අතරින් වෑයම් කරන්නේ අතලොස්සකි
  3. ලෙඩ රෝග, නොවැටහෙන ස්වභාවය, වෙලාවක් සොයා ගැනීමට ඇති අපහසුතාවය ආදිය නිසා බොහෝ දෙනෙක් හට නිර්වාණ මාර්ගය මගහැරී ඇත
  4. නමුත් දන්නා නොදන්නා නමුත් මරණින් මතු අපගේ ඉරණම භයංකාර ය, බිහිසුණුය
  5. නිර්වාණයෙහි සාර්ථකත්වය සඳහා දානය ප්‍රබල හේතුවකි. දානය මගින් අතීත අකුසලයෙ හි සැර බාලවීම, නිර්වාණයට නොයෙක් ආකාරයෙන් හේතු සැකසීම සිදුවේ
  6. උදාහරණයක් ලෙස ගසකට වතුර දැමීම පහත පරිදි චේතනා උපදවා සිදු කළ හැකිය
  7. ගසකින් පිරිසුදු වාතය ලබා දෙන්නේය. එම වාතය දස දිසාවේ පැතිරෙන්නේ ය
  8. යම් නිර්වාණය වඩන උත්තමයන් සිටීනම් ඉන් උපදිනා පිරිසිදු වාතය උන්වහන්සේලාට දානයක් වේවා ලෙස පහන් සිත් උපදවා දිනපතා ගසකට, පැලයකට වතුර දැමීම සිදුකළ හැක
  9. කාලයත් සමඟ එය දන් වැටක් වන අතර නොසිතනා ලෙස නිර්වාණයට මඟ විවර වනු ඇත
  10. නිර්වාණය මාර්ගය දිරිගැන්වීම
  11. පිණිස ය...
No audio available
419. ප්‍රශ්න

419. ප්‍රශ්න

  1. එදිනෙදා ජීවත්වීම තුළ බොහෝ ප්‍රශ්න විසඳීමට අපට සිදුවේ
  2. නමුත් උප්පත්තියේ සිට මේ දක්වා කොපමණ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළ ද ප්‍රශ්නයේ ස්වරූපය වෙනස් වීමක් මිස ප්‍රශ්න අවසන් වීමක් පෙනෙන්නට නොමැත
  3. නිගමනය වන්නේ අපගේ ප්‍රශ්න විසඳීමේ යම් දෝෂයක් පවතින බවය
  4. නමුත් සරලව ගතහොත් අපට පැවතිය හැක්කේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත සහ ඒවා හරහා සිදුවන යම් දැන ගැනීම් පිළිබඳ ප්‍රශ්නයකි
  5. උදාහරණයක් ලෙස ඇස සැලකුවහොත් පෙනෙන්නේ වර්ණ පමණක් ලෙස සැලකිය හැකිය
  6. මානසික පරීක්ෂණය: යම් අවස්ථාවක ඇසට පෙනෙන දර්ශනයක ඇති සුදු පාට, කහ පාට, නිල් පාට ආදී සියලු වර්ණ ඉවත් කරන්න.ඉතිරි වන්නේ කුමක්ද? කළු පාට යනු ද වර්ණයකි
  7. නිගමනය වන්නේ ඇසින් දැක ඇත්තේ වර්ණ පමණක් බව නොවේද
  8. ඒ බව නොදත් හේතුව නිසා ගහකොළ සතා සීපාවන් ඇතැයි මනස තුළ යම් මුලාවක් සකස් වී ඇති බව අපට නිගමනය කළ හැකිය
  9. මේ ආකාරයේ මානසික ගවේෂණයන් මෙලොව පරලොව යහපත පිණිස පවතින්නේය ..
  10. විදර්ශනා ඇස විවර කිරීම
  11. පිණිසය.......
No audio available
418. වීරිය ඉපදවීම

418. වීරිය ඉපදවීම

  1. තරුණකම කෙමෙන් කෙමෙන් මහළු භාවය වෙලා ගනු ඇත
  2. දැනටමත් බොහෝ රෝගයන් මෙම ශරීරය වෙලාගෙන ඇත...
  3. අපගේ ඥාති මිත්‍ර ආදී බොහෝ පිරිසක් දැනටමත් මේ ලොව හැර ගොස් ඇත
  4. නොබෝ කලකින් අපට ද මරණ මංචකයකට මුහුණ දීමට සිදුවනු ඇත
  5. එම අවස්ථාව අප ඉරණම තීරණය කරන තීරණාත්මක මොහොතකි
  6. මේ සඳහා අප සතු ධනය බලය ආදියක් පිහිට වන්නේ නැත
  7. පිහිට වන්නේ දුන් දානය, රැක්කා වූ සීලය, පමුණුවා ගත් ගුණයන්, සිදුකළ භාවනාවන් ආදිය පමණකි
  8. මේ ගැන සිතමින් අද අදම යම් ධර්මයක් ප්‍රගුණ කළ යුතුය. සිදු කරනා ධර්මයන් තවදුරටත් දියුණු කළ යුතුය..
  9. වීරිය ඉපදවීම පිණිසය....
No audio available
417. භාවනාව

417. භාවනාව

  1. භාවනාව සෘජු වූ කොන්ද සමග බැඳී පවතී. එසේ වූ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි
  2. ජන වහර තුළ කොන්ද තිරස් වූ හෙයින් තිරස්චීන හෝ තිරිසන් යයි කියනු ලැබේ. කොන්ද තිරස් බැවින් එවැනි ජීවිතක භාවනාව වැඩීමක් සිදුවන්නේ නැත
  3. පොළොවෙහි සිටුවන ලද පැළයක් වැඩීම සිදුවන්නේ ඉබේය. අප සිදු කළ යුත්තේ වැඩීම සඳහා අවශ්‍ය වාතාවරණය සලසා දීමයි
  4. එම පැළය පොළොව තුළ හොඳින් පැලවීම සඳහා කළ යුත්තේ එයට බාධා නොකිරීමයි
  5. පැළයට බාධා නොකරන විට පොළව තුළ හොඳින් මුල් ගමන් කර මුල් ශක්තිමත් වී ගස වැඩීම සිදුවන්නේ නිරායාසයෙනි
  6. එලෙසම භාවනා කරන යෝගාවචරයා භාවනා කාලය තුළ කය කිසිසේත් නොසෙල්විය යුතුය
  7. සිතද අරමුණක තුළ තබා ගනිමින් සිතද නොසෙල්විය යුතුය
  8. එවිට භාවනාව වැඩීම සිදුවන්නේ නිරායාසයෙනි
  9. අමුතු ආයාසයක් ප්‍රාර්ථනාවන් අවශ්‍ය වන්නේ නැත. කුඩා පැළයක් විශාල ගසක් බවට පත්වන්නා සේ භාවනාව නිරායාසයෙන් වැඩෙනු ඇත
No audio available
416. දෝෂ සහිත තරාදිය

416. දෝෂ සහිත තරාදිය

  1. දෝෂ සහිත තරාදියකින් ලබා ගන්නා පාඨාංක ද දෝෂ සහිතය
  2. එම තරාදිය භාවිතයෙන් යම් රැකියාවක් සිදුකළහොත් බංකොලොත් වන්නේය. නැතහොත් ගුටි කෑමට හෝ නඩු වැටීමක් වැන්නක් සිදුවන්නේ ය
  3. උදාහරණයක් ලෙස කිලෝ 50ක් කිලෝ 25ක් ලෙස පෙන්වන දෝෂ සහිත තරාදියක් සත්‍ය යයි සිතා කටයුතු කිරීම මහත් වූ හානියක් සිදු කරන්නේය
  4. නමුත් ඒ දෝෂ සහිත තරාදියක් ලෙස දන්නේ නම් සිදුවන හානිය බොහෝ අවමය. එම දැනගැනීම ඉතා වැදගත්ය. එය නිවැරදි කිරීමේ ආරම්භයයි
  5. එලෙසම මේ ඇස ද දෝෂ සහිතය. සරලව අංශු ස්වභාවයක් තිබෙන තැනක ගහකොළ ලෙස සතා සීපාව ලෙස පෙනීම බොහෝ දෝෂ සහිතය
  6. එය දෝෂ සහිත බව දැනගත් යම් අවස්ථාවක හේතු ප්‍රකාරව එය නිවැරදි කිරීමට කටයුතු සැලසෙනු ඇත
  7. පෙනීම දියුණු කළ හැකිනම් යම් අංශු ස්වභාවයක් ලෙස ධාතු ස්වභාවයක් ලෙස දිස්විය යුතුය
  8. අප සසර පුරා කටයුතු කර ඇත්තේ මෙම දුර්වල ඇසෙන් පෙනෙන දේ සත්‍ය යයි සිතාය. එම නිසා අපට මහත් වූ දුක්ඛයන්ට මුහුණ දීමට සිදුවිය
  9. එම නිසා පෙනෙන දේ දෝෂ සහිත බව කරුණු සහිතව හිතට පහදා දිය යුතුය. එය ප්‍රබල වූ ලෞකික ලෝකෝත්තර හැරවුම් ලක්ෂය කි
No audio available
415. ගෝචර නොවන ශබ්දය

415. ගෝචර නොවන ශබ්දය

  1. කූඹි ආදී කෘමීන්ගේ බොහෝ අඩි ශබ්ද ඇත. නමුත් අපගේ දුර්වල කණට ඒවා ගෝචර වන්නේ නැත
  2. වායු අංශු ගැටීමෙන් ශබ්දයක් ඉපදෙන නමුත් එක්තරා සීමාවකින් පහළ ශබ්ද කිසිවක් අපට ගෝචර වන්නේ නැත
  3. යම් අවස්ථාවක අපට නිශ්ශබ්ද ලෙස වැටහෙන්නේ ශබ්ද නැති නිසා නොවේ. බොහෝ ශබ්ද ඇතත් කණට ගෝචර නොවන බැවිනි
  4. ඇසෙන ශබ්ද වුවද නොයෙක් ආකාරයේ කම්පන පමණි. ඒ තුළ අර්ථ අන්තර්ගත වන්නේ නැත
  5. කනෙහි මස් කෙන්දක ඔබ මොබ සිදුවන චලිතයකින් අම්මා වැනි අර්ථයක් නිරූපණය කරන්නේ කෙසේද?
  6. ඇසෙන ශබ්දය සහ එයින් නිරූපණය වන අර්ථය මානසික පිළිබිඹුවක් පමණි
  7. නමුත් එය සත්‍ය යැයි දැඩි විශ්වාසයක් අප තුළ ගොඩනැගී ඇත
  8. ගීතයක් ක්‍රමානුකූලව වේගය අඩු කරමින් වැඩි කරමින් ආදී ලෙස එම ගීතයේ රසයට කුමක් වන්නේදැයි විදර්ශනා කර බලන්න
  9. දුර්වල කනට මුලා නොවන්න
No audio available
414. ධර්ම දානය

414. ධර්ම දානය

  1. යම් ආහාර දානයක් තුළ සිදුවන්නේ ප්‍රධාන වශයෙන් කුසගින්න නිවීමකි
  2. නමුත් ධර්ම දානයක දී සිදුවන්නේ අසා දැනගත් ධර්මය තුළින් පුද්ගලයාට යහපතක් වීම මෙන්ම එම මනස තුළ ධර්මය ධාරණය වීම ය
  3. එම නිසා එම ධර්මය අනාගතයේ තවත් පිරිසකගේ යහපත පිණිස ද පවතින්නේය
  4. තවද එම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම දරා ගැනීම ආදිය හේතුවෙන් ලැබෙන දානයක් වුවද ආනිශංස වන්නේය
  5. තථාගත ශාසනයේ පැවැත්ම සිදුවන්නේ කල්‍යාණ මිත්‍රයන් හරහාය
  6. එනම් ධර්ම දානය හරහා කල්‍යාණ මිත්‍රයන් උපදින්නේය. එනම් ශාසනයේ පැවැත්ම ද සිදුවන්නේ ය
  7. සකස් කරන ලද කුටියක, ආහාර දානයක ආදී ඕනෑම පුණ්‍යකර්මයක් බලගැන්වෙන්නේ ද එම ස්ථානයේ පවතින ධර්මය මතය
  8. ධර්මය යනු සැපට තවත් නමකි. ධර්මය යනු සැනසීමට තවත් නමකි. ධර්මය යනු නිවීමට තවත් නමකි
  9. තවද බඩගින්න, පිපාසය, රස්නය, යුද්ධය, දුක, සංකාව, කලකිරීම, ලෙඩ රෝග, ජරාව, අසාධාරණය ආදී නොයෙක් දුක්ඛයන්ගෙන් සදහටම මිදීමේ එකම මග ධර්මයයි. එම නිසා ධර්මය ගෞරවයෙන් වැළඳ ගත යුතුය
No audio available
413. බවට පත්වීම

413. බවට පත්වීම

  1. පිරිමි කෙනෙක්, පිරිමි කෙනෙක් බවට පත් වී ඇත
  2. පිරිමි කෙනෙකුට පිරිමි භාවය කෙසේදැයි ප්‍රශ්නයක් පැන නඟින්නේ නැත. මක්නිසාද එම පුද්ගලයා හා පිරිමි භාවය අතර වෙනසක් නැත
  3. පිරිමි කෙනෙක් බවට පත්වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇත්නම් ඔහු තවම පිරිමි කෙනෙක් බවට පත්වී නැත
  4. එලෙසම මාර්ගය පූර්ණය වූ අයෙකු ට මාර්ගය පිළිබඳ ප්‍රශ්න පැන නඟින්නේ නැත
  5. තවද ගුරුවරයෙකු ගුරුවරයකු බවට පත්වී ඇත්තේ ඉගැන්වීමට පුහුණුවීමෙන් ය. ගුරුවරයෙක් වන්නේ කෙසේදැයි ඉගෙනීමෙන් නොවේ
  6. නමුත් රංගන ශිල්පියෙකු ගුරුවරයකු බවට පත්වන්නේ ගුරුවරයන් අනුකරණය කිරීමෙන්ය. ඔහු තුළ විෂය දැනුම හෝ ගුරුවරයකු මෙන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම ආදී ගුණාංග නැත. තවද එම රඟපෑම එය වැඩි කාලයක් පවතින්නේද නැත
  7. එලෙසම ධර්ම මාර්ගයට බැසගන්නා අයෙකු බොහෝ විට මුලින් සිදු කරන්නේ රඟපෑමක් වැනි දෙයකි
  8. අසන ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළහොත්, එම ගුණ තමා තුළට පමුණුවා නොගතහොත් වැඩි කාලයක් ධර්මය තුළ රැඳීමට ලැබෙන්නේ නැත. විසි වී යන්නේය
  9. එම නිසා ධර්මය දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ බවටම පත්විය යුතුය.
No audio available
412. තත්පරය

412. තත්පරය

  1. ගෙවුණු තත්පරයක් නැවත හැරවිය නොහැක
  2. අම්මා දෙසට යොමු කරන පිහිපාරක් කාලය ලෙස තප්පර කිහිපයක් වුවද විපාකය තත්පර කිහිපයක් නොවන්නේය
  3. එම කාලය පුණ්‍ය කර්මයකට යෙදවිය හැකි නම් එහි ප්‍රබලතාවය අනුව කල්ප ගණනක සැපයක් වුවද හිමි විය හැක
  4. එලෙසම එම කාලය තථාගත ධර්මය අවබෝධය සඳහා යෙදවිය හැකි නම් නිර්වාණය පවා සිදුවන්නේ ය
  5. මෙසේ තත්පරයක් තුළ ගන්නා තීරණය මුළු ජීවිතයම හෝ සංසාර ඉරණම වුවද තීරණය කරන්නේය
  6. එම නිසා මනුස්ස ආයුෂය අති ප්‍රබලය. මිල කළ නොහැකිය. බිහිසුණු ය. එම නිසා සෑම තත්පරයක්ම සිහියෙන් ගත කළ යුතුය
  7. යම් අයෙකු නිර්වාණය ළඟා කර ගන්නා තත්පරය කෙසේ නම් මිල කළ හැකිද
  8. අප බොහෝ දුර්වලය. අපගේ මරණයට තත්පරයක කාලයක් වුවද ප්‍රමාණවත්ය
  9. මනුස්ස ආයුෂ බොහෝ දුර්ලභය. මිල කළ නොහැක. ගෙවුණු තත්පරයක් නැවත එළඹෙන්නේ නැත ආදී ලෙස මනුස්ස ආයුෂයේ වටිනාකම මෙනෙහි කළ යුතුය
No audio available
411. සහනය

411. සහනය

  1. සහනයක් අපේක්ෂා කරන අයෙක් ඔහු අසහනයෙන් සිටින බව නොකියා ප්‍රකාශ කරයි
  2. නමුත් ශරීරයේ මස් කැබලි තුළ අසහනයක් පැවතිය නොහැක
  3. සහනය අවශ්‍ය වන්නේ අසහනයෙන් පවතින සිතටය
  4. ඇසින් ඇතුළු වන්නේ උදාසීන වර්ණ පමණකි
  5. කනෙහි සිදුවන්නේ මස් කැබැල්ලක සිදුවන උදාසීන කම්පනයක් පමණි
  6. අනිත් ආයතන සම්බන්ධයෙන්ද සිදුවන්නේ උදාසීන ස්පර්ශයකි
  7. මේවා උදාසීන වුවත් මේවා භාවිතා කරමින් අසහනයක් ඇති කරගන්නා දෝෂය පවතින්නේ සිත තුළම ය
  8. මෙම සිත ද ඇතුළු සියලු ආයතන වලට යම් තාවකාලික සහනයක් ලබාදීමේ පිනවීමේ නොයෙක් ක්‍රම ලෝකය තුළ දක්නට ඇත
  9. නමුත් අසහනයක් ඇතිවීමේ හැකියාව මුළුමනින් දුරු කළ හැකි එකම ක්‍රමය වන්නේ ධර්මය පමණකි
No audio available