Report Menu
All Cards
Total Cards: 416 | Page: 18 of 21 | Showing: 20 cards
076. බාඳුරා මල

076. බාඳුරා මල

  1. සොබා දහම තුළ උපක්‍රමශීලී බව ක්‍රියාත්මක වේ. බාදුරා මල උදාහරණයකි
  2. නමුත් කෙනෙක් නොපවතී. එය ලෝකයේ පවතින ධර්මතාවයකි
  3. සත්ව පුද්ගල දෘෂ්ටිය නොයෙකුත් ආකාරයෙන් හටගනී. මෙවැනි උදාහරණ මගින් උපක්‍රමශීලී බව නිසා සත්ව පුද්ගල බවක් පවතී යයි යන දෘෂ්ටිය බිඳිය හැක
  4. විදර්ශනාවේදී අරමුණ බොහෝ වේලා සිතේ රඳවාගෙන සිටිය යුතුය. අනුලෝම ප්‍රතිලෝම දුර ළඟ ආදී ලෙස විදර්ශනා කළ යුතුය. එවිට බොහෝ වැටහීම් ඇතිවේ
No audio available
075. උදලු මිට

075. උදලු මිට

  1. උදුලු මිටක් දිලිසෙන සුමට භාවයක් ගන්නේ එය භාවිතය තුළය. භාවිතයේදී බහුල වශයෙන් භාවිතයේදී උදුළු මිට දිලිසීම නිරායාසයෙන් සිදුවන්නකි
  2. එසේම කුඩා ධර්ම කරුණක් වුවද නැවත නැවත මෙනෙහි කිරීමේ දී, නැවත නැවත භාවිතා කිරීමේදී ලෝකය කෙලෙස් ආදිය කණ්නාඩියක් මෙන් මනාව වැටහෙනු ඇත
  3. උදලු මිට සුමට වන්නේ එය සුමට කිරීමේ ක්‍රියාවක් ලෙස නොව උදලු ගෑම නැමති ක්‍රියාව තුළිනි
  4. එසේම ධර්මයන් අවබෝධ වීමද එසේමය. හේතු සකස් කල යුතුය. ප්‍රතිඵල ලැබෙනු ඇත
  5. අවබෝධයක් ලබා ගැනීමට පොර බැදීම බොහෝ විට දුකකින් කනස්සල්ලයකින් මාන්නයකින් කෙළවර වෙයි
  6. ඉන්නා තැනින් ඉහළට එසවීමේ අරමුණ. ලද දෙයින් සතුටු වීම ආදී ලෙස ප්‍රතිපදාව උපක්‍රමශීලීව වැඩිය යුතුය
No audio available
074. හිමි නැත

074. හිමි නැත

  1. ඉර පෑයීම, හඳ පෑයිම ආදී බොහෝ සිදුවීම් දැනගත් පමණකින් ඒවායේ හිමිකාරීත්වය නොමැත
  2. අවම වශයෙන් හිමිවීමකට තවත් බොහෝ කාරණා සකස් විය යුතුය
  3. සිතද එලෙසමය. සිත තුළ ඇතිවන සිතිවිලි දැනගැනීම පමණක් සිදුවේ. ඇත්තෙන්ම දැනගත් පමණකින් එය හිමි නැත
  4. කනස්සල්ල, පසුතැවිල්ල, පීඩාව ආදී ඕනෑම සිතිවිල්ලක දැනගැනීම පමණක් සිදුවේ. සිතිවිල්ල දැනගත්තේ මමය, එහි අයිතිකාරීත්වය මට හිමිය, යන්න මුලා වූ දෘෂ්ටියක් පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
073. වර්ණ ලෝකය

073. වර්ණ ලෝකය

  1. මානසික පරීක්ෂණයකි. භාවනා ඉරියව්වට ගොස් බුදුගුණ ආදිය සිහිකොට සිත ඒකාග්‍ර වීමට ඉඩ හරින්න. ඇසින් යමක් දකින මොහොතක් සලකන්න
  2. එහි ඇති රතු වර්ණය ඉවත් කරන්න, කොල වර්ණය ඉවත් කරන්න, ආදී ලෙස සියලු වර්ණ ඉවත් කරන්න. ඉතිරි වන්නේ කුමක්ද ? (කළු යනු ද වර්ණයකි)
  3. පරීක්ෂණය අනුලෝම සහ ප්‍රතිලෝමව සිදු කරන්න ( වර්ණ එකතු කරමින් සහ වර්ණ ඉවත් කරමින්) නැවත නැවතත් සිදු කරන්න
  4. විදර්ශනාවේ ප්‍රබලතාවය අනුව නිගමනයන් තීරණය වේ. උදාහරණයක් ලෙස අතීතයේ සිට මේ දක්වා දැක ඇත්තේ අම්මා, තාත්තා, ගහකොළ ආදි වස්තූන් නොව හුදෙක් උදාසීන වර්ණ පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
072. ජීවිත අපේක්ෂාව

072. ජීවිත අපේක්ෂාව

  1. බොහෝ සත්වයන් දැඩි සේ ජීවිත අපේක්ෂාවෙන් පසුවේ ( මරණයට අකමැති බැවිනි)
  2. නමුත් ජීවිතය ලැබීමෙන් කළ හැකි වික්‍රමයක් නැත. ලැබෙන සැපයක්ද නැත.
  3. තවද ජීවිතය යනු ජයග්‍රහණයක් නොමැති පොරබැදීමකි. හම්බ කිරීම නඩත්තුව මෙන්ම ලෙඩ දුක් සමග කරන පොරය, කාම වස්තුන් සමග පොරය, සිත සමඟ සිදුකරන පොරය ආදී නොයෙකුත් පොර බැදීම් ගොන්නක් අවසානයේ පරාජයම හිමිවනු ඇත
  4. ජීවිත අපේක්ෂාව යනු සිදු කළ යුතු ගැඹුරු විදර්ශනාවකි.
  5. ජීවිත ආශාව ලෙස පෙනුනද ගැබ්ව ඇත්තේ බොහෝ විට කාම ආශාවන්ය. ආශාවන් එකින් එක බිඳවැටෙන විට ජීවිත ආශාව ද නැති වනු ඇත
  6. ජීවිත අපේක්ෂාව යනු මුලා වූ සිතෙක අවශ්‍යතාවයක් මිස කයෙහි අවශ්‍යතාවයක් නොවේ. මේ ජීවිතයට ලෙස පසුව ඒ ජීවිතයට ලෙස වෙනස් වේ
  7. ජීවිත අපේක්ෂාව තුළ වූ අපේක්ෂාව කුමක්දැයි හොඳින් හඳුනාගත යුතුය
No audio available
071. හය ආකාර දුක

071. හය ආකාර දුක

  1. යමක් හෝ යමෙක් ඇසුරු කිරීමේදී ඒ හා බැඳුණු ආකාර හයක දුකක් ඇත
  2. ලබා ගැනීමට කලින් දුක් දෙකකි ( 1-ලබා ගැනීමට දරණ වෑයම සහ 2-ලබා ගැනීමට පෙර ඇතිවන බය)
  3. ලබා ගත් පසු දුක් තුනකි ( 3-පවත්වාගෙන යෑම, 4-වැඩිදියුණු කිරීම, 5-බය)
  4. අවසානයේ හිමිවන එක් දුකකි ( 6-අහිමි වීමේ හෝ වෙන් වීමේ දුක)
  5. උදාහරණයක් ලෙස වාහනයක් සලකන්න
  6. (1-එය ලබා ගැනීමට මුදල් රැස් කිරීම දුකකි) (2-එය හොද වාහනයක්ද, ලෙඩ තිබේද, රැවටීමක්ද, ආදී ලෙස ඇතිවන බය දුකකි)
  7. (3-තෙල් ගැසීම, සේදීම, ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම ආදී දුකකි) (4-අවශ්‍ය සහායක කොටස් සවිකිරීම, ස්ටිකර් ආදිය ගැසීම, කැමරා සවිකිරීම ආදී දුකකි) (5-හැප්පීමක්, සීරීමක්, අනතුරක් හෝ සොරකමක් වේදෝ ඇතිවන බය දුකකි)
  8. (6-මොන ලෙස ආරක්ෂා කළත් අවසානයේ සිදුවන ඒකාන්ත වෙන්වීම දුකකි)
  9. ඕනෑම දෙයක් සම්බන්ධව මේ හය ආකාර දුක පවතී. ගලපා බලන්න. ශක්ති ප්‍රමාණය අනුව ඉතා ගැඹුරින් මෙම කාරණා දැකිය හැකිය. විදර්ශනාව පිණිසය...
No audio available
070. අනපේක්ෂිත මරණය

070. අනපේක්ෂිත මරණය

  1. ඉපදුණු සත්වයන්ට මරණය ඒකාන්තයෙන් හිමිය
  2. ඒකාන්තයෙන් හෙට මැරෙන බව දන්නේ නම්, අද සිදු කරන්නේ කුමක්ද? උදාහරණයක් ලෙස ඇතිවන්නේ දුක, කනස්සල්ල, බය, තැති ගැනීම වැනි දේය
  3. නමුත් අප අද දින ගත කරන්නේ බියෙන් තැති ගැනීමෙන් නොවේ නම්, එහි අදහස වන්නේ හෙට මැරෙන බව නොදන්නා බවයි
  4. නමුත් ඒකාන්ත වශයෙන්ම හෙට මරණය සිදුවන අදක් එළඹෙනු ඇත. එදිනද මේ ලෙසම බියෙන් තැති ගැනීමක් නොමැතිව ජීවත්වේ. ගම්‍යය වන්නේ හෙට සිදුවන මරණයක් කිසිසේත් අපේක්ෂා නොකරන බවය
  5. සංසාරේ පෙර සිදුවූවාසේ අනපේක්ෂිත තවත් මරණයක් අත්විඳීමට සිදුවනු ඇත
  6. මරණානුස්සතිය නිරතුරුව වැඩිය යුතුය. ප්‍රතිඵල ලෙස කෙලෙස් යටපත් වන අතර වීරිය තව තවත් වැඩිවීම සහ මාර්ගයේ දියුණුවීම ආදී විශාල ආනිසංස හිමිවේ
No audio available
069. මම පරීක්ෂණය 01

069. මම පරීක්ෂණය 01

  1. මෙය මානසිකව සිදුකරන පරීක්ෂණයකි. ධර්මයක් වටහා ගැනීමේ චේතනාවෙන් සිදුකරන්න
  2. තමාම හෝ යම් පුද්ගලයෙක් සිහිපත් කරන්න. ඔහුට නමින් ආමන්ත්‍රණය කළ හැක
  3. එම ශරීරයෙන් එක් අංශුවක් ඉවත්කර වෙනත් ස්ථානයකින් තබන්න. අදාළ නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකිදැයි හොඳින් මෙනෙහි කර බලන්න
  4. එම නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකි නම් ( අංශුවේ අඩුවක් ඇතිව ), නිගමනය වන්නේ අදාල ඉවත් කළ අංශුව සහ නම අතර සම්බන්ධයක් තිබිය නොහැකිය යන බවය
  5. එම අංශුව තිබූ ස්ථානයෙන් නැවත තබන්න
  6. නැවත දෙවැනි අංශුවක් සඳහා පරීක්ෂණය සිදු කරන්න. නිගමනය පරීක්ෂා කරන්න
  7. එලෙස සියලුම අංශූන් සඳහා මෙම පරීක්ෂණය සිදු කරන්න
  8. මෙය තම ශරීරය ලෙසද බාහිර ශරීරයක් ලෙසද සිතට හොඳින් වැටහෙන ආකාරයෙන්ද පරීක්ෂණය වෙනස් කරගන්න
  9. එම නිගමනයන් සමග සිදුවන වැටහීම් තථාගත දේශනාව සමග ගලපා බලන්න. වෙනසක් ඇත්නම් පරීක්ෂණයේ යම් දෝෂයක් පැවතිය හැක
  10. මෙම පරීක්ෂණය නැවත නැවතත් සිදු කරන්න. වැටහීම් සිදුවනු ඇත
No audio available
068. මාරයා

068. මාරයා

  1. නිවනට බාධා වෙන හෝ නවතන කෙනෙක් හෝ දෙයක් වේනම් ඒ මාරයාය. ලොකුම මාරයා තමාට තමාය
  2. මාරයාද පුද්ගල අනුබද්ධ වේ. කෙනෙකුට මාරයා, තවත් කෙනෙකුට, කල්‍යාණ මිත්‍රයා විය හැක
  3. උදාහරණයක් ලෙස කෙනෙකුට කායික රෝගයක් මාරයා වන විට ( ප්‍රතිපදාව අඩාල කරන හෙයින් ) එම කායික රෝගයම විදර්ශනා කිරීමෙන් කල්‍යාණ මිත්‍රයා කර ගැනීමටද හැකියාව ඇත
  4. මාරයා, මාරයා වන්නේ චේතනාව හෝ සිතන ආකාරය අනුවය
  5. සිතන ආකාරය නිවැරදි කරගත් අයෙකුට ( රහතන් වහන්සේ ) මාරයෙක් නැත
  6. මාරම කතාව වන්නේ මාරයා, මාරයා ලෙස හඳුනා ගත් විට මාරයා, කල්‍යාණ මිත්‍රයෙකු වීමයි
No audio available
067. පිළිතුර

067. පිළිතුර

  1. වර්තමානයේ අපට ඇතිවන බාධක සහ ප්‍රශ්න ඒවායේ ප්‍රබලතාවය අඩුවන දැකීමේ ක්‍රම ඇත
  2. එළැඹී ඇති ප්‍රශ්නය, අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට (හේතුව) වර්තමානයේ ලැබුණු පිළිතුර (ඵලය) වේ
  3. අප වෙත පැමිණෙන ප්‍රශ්න කම්කටොළු බාධක ආදී සියල්ල පිළිතුරු ලෙස දැකිය හැක
  4. උක්ත ප්‍රශ්නය අතීතයේ සිදුවූවකි. අන් ආකාරයෙන් අතීත හේතුවකට වර්තමානයේ ඇතිවූ ඵලය වේ
  5. තවද වර්තමානයේ එළඹෙන්නේ ඵලයක් හෝ පිළිතුරක් වන අතර එය නැවත හේතුවක් හෝ ප්‍රශ්නයක් නොවීමට වග බලා ගත යුතුය. විදර්ශනාව පිණිසය
No audio available
066. කුණු ගොඩ

066. කුණු ගොඩ

  1. කුණු ගොඩක් ඉවත් කිරීමට ඇත්තෙකුට, ඒ අරඹයා ඇතිවන සිතිවිල්ල, ඒ පිළිබඳ කලකිරීම, උපක්‍රම යෙදීම, එම ස්ථානයට පාරක් කැපීමද කුණුගොඩ ඉවත් කිරීමම වෙයි
  2. සිත ඇතුළු කය ආදී කුණුගොඩද එලෙසමය. එම කුණු ගොඩේ ප්‍රමාණයද නොදන්නා බැවින් ඉතාම ශක්තිමත් හෙයින් නොයෙකුත් උපක්‍රම යෙදීමට සිදුවී තිබේ. වැරදියට හෝ උත්සාහ කරන්නා තුළ අවම වශයෙන් ශ්‍රද්ධාව හෝ පවතී
  3. කෙනෙක් තම හැකියාව අනුව ධර්ම මාර්ගය වෙනුවෙන් කරන සුළු කැපවීම පවා අවතක්සේරු නොකළ යුතුය. ඉතා ඉහළින් අගය කළ යුතුය
  4. විශේෂයෙන් කුඩා දරුවන් අවතක්සේරු නොකළ යුතුය. ඔවුන් තුළද සසර ගත විශාල ශක්තියක් පැවතිය හැක
  5. කුඩා පැලයක් විශාල ගසක් වී විශාල ප්‍රදේශයක් පුරා සෙවණ පතුරුවන්නා සේ අනාගතයේ විශාල පිරිසකට ධර්ම මාර්ගයට මග පෙන්වන්නාද ඔහු විය හැක
  6. වැරැද්ද හෝ නිවැරැද්ද දකින්නා තුළ ද්වයතාවය ඇත. වැරැද්දක් නිවැරැද්දක් නොදකින යෝගාවචරයා අඩු වැඩියක් නොමැතිව ධර්මතාවය බවට පත්වී ඇත. අටලෝ දහමින් අකම්පිත ගුණය ඇති හෙතෙම හේතුඵල දහම තුළ හොඳින් පිහිටා ඇත
No audio available
065. සියල්ල ධර්මයන්ය

065. සියල්ල ධර්මයන්ය

  1. සියලුම අධර්මයන් ධර්මයන් ලෙස දැකිය හැක.
  2. අධර්මයක් වුවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ජාති, ජරා, ව්‍යාධි හා මරණ ආදී ධර්මයන්ට යටත්ය
  3. මතුකර ගැනීමේ හැකියාව ඇත්නම් අධර්මයේද ධර්මයන් ඇත
  4. අධර්මය අධර්මයක් ලෙස වෙන්කර ගැනීමද ධර්මයකි
  5. මිත්‍යා දෘෂ්ටිය යනු සසර පැවැත්මේ ධර්මතාවයයි. එයත් ධර්මයකි
  6. සක්කාය දිට්ඨිය තොර වූ විට ධර්මය හෝ අධර්මයෙහි වෙනසක් නැත
  7. අධර්මය හා ගැටෙන කෙනා තුළ ඇති ධර්මයක් නැත
  8. හඳුනාගත් අධර්මය ධර්මයකි
No audio available
064. කොහු ලණුව

064. කොහු ලණුව

  1. කෙන්ද කෙන්ද එක්වී සකස් වු කොහු ලණුව බොහෝ ශක්තිමත්ය
  2. කෙඳි එකිනෙක වෙන්ව පැවතුණත් බොහෝ ශක්තියක් එහි ගැබ්ව ඇත්තේ සැකැස්ම නිසාය. සැකැස්ම බිඳ වැටුණහොත් කෙඳි එකිනෙක ගැලවී යන අතර පැවැත්ම බිඳ වැටේ. පැවති ශක්තියද අතුරුදහන්වේ
  3. රහතන් වහන්සේගේද සිතිවිලි පැවතුණද බැඳීමක්, සසර ගමනට ශක්තියක්, හට නොගන්නේ අවබෝධය නැමැති සැකැස්ම නිසාය
  4. පෘථග්ජන සිතිවිලි අනවබෝධය නැමැති සැකැස්මෙන් සකස් වී ඇත. එම සැකැස්ම බොහෝ ශක්තිමත්ය. ලෙහෙසියෙන් බිඳ නොවැටේ
  5. කාරණය නම් කෙඳි කෙඳිමය. සැකැස්ම පමණක් වෙනස් වේ. සකස් වන ස්වභාවය අනුව කොහු ලණුවේ පැවැත්ම තීරණයවේ
  6. එසේම සසර ගත සත්වයාගේ සිතිවිලි (පැවැත්ම) තදින් බැඳී ඇත්තේ පුද්ගල දෘෂ්ටියෙනි. මෙම දෘෂ්ටිය බිඳ දැමූ විට සියල්ල ක්‍රමානුකූලව විසිරී ගොසින් අවසානයේ පැවැත්ම අහෝසිවේ
  7. බැඳීමක් ඇති තැනක වෙන්කිරීමේ හැකියාවක් ඇත්නම්, ඇත්තෙන්ම ඒවා බැඳී නැත
No audio available
063. දුරස්ථ පාලකය

063. දුරස්ථ පාලකය

  1. දුරස්ථ පාලකයක් සලකනවිට එයට සංවේදී වන පරිපථ කොටසක් අදාළ උපකරණයන්හි පැවතිය යුතුය. එම සංවේදී පරිපථ කොටස හරහා ඒවා පාලනය වේ
  2. එසේම, බාහිර කොපමණ රූප පැවතියත්, ඒවාට සංවේදී ක්ලේශයන් ඇත්නම් පමණක්, ඒවායෙහි බලපෑමට සත්වයා නතුවේ
  3. එනම් බාහිරය, දුරස්ථ පාලක ලෙස සැලකූ විට අප ඒවාට සංවේදී වෙමින් මානසික මෙන්ම කායික චලනය වීම හෝ අන් ආකාරයෙන් ඒවායේ ග්‍රහණයේ පවතී
  4. උපමාවක් ලෙස අප දුරස්ථපාලක ජාලයකට යටත්ව පවතින සෙල්ලම් බඩු වැනිය. ගැහැණුන්, මිනිසුන්, යානවාහන, වතුපිටි, ඉඩකඩම්, මුදල් ආදිය අපගේ දුරස්ථ පාලකයෝ ය. මක්නිසාද ඒවාට සංවේදී ක්ලේශයන් අභ්‍යන්තරයේ ගැබ්ව ඇති බැවිනි
  5. ප්‍රතිපදාවක් ලෙස අප සිදු කරන්නේ මෙසේ සංවේදී වූ පරිපථ කොටස් ගලවා කිරීමයි. දුරස්ථ පාලක වලට සංවේදී නොවීමයි. මිදීමයි. නිවීමයි
No audio available
062. කුතුහලය

062. කුතුහලය

  1. කුතුහලය යනු හිතේ විසිරීම ඇතිවන කාරණයකි. දැන ගැනීම සඳහා අවශ්‍යතාවයක් ඇතිවන අතර දැනගත් විට නැති වීම ලක්ෂණයයි
  2. කුතුහලය යනු කතන්දර, නාට්‍ය, චිත්‍රපට සහ එදිනෙදා නොයෙකුත් ජවනිකා හරහා පැවැත්ම සකස් කරන ප්‍රබල ධර්මතාවයකි. මිරිඟුවක් උපමා කළ හැක
  3. උදාහරණයක් ලෙස යම් රහසිගත කතාබහක් ඇත්නම් එය දැන ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. සිත විසිරීමට පත්වේ. නමුත් එය දැනගන්නට ලැබුණද ඇතිවන විමුක්තියක්ද නොමැත
  4. මූලිකව, එවැනි කුතුහලයක් පැමිණි විට අතීතයේ මෙවැනි සිදුවීම් කොපමණ තිබුණත් ලැබුණු විමුක්තියක් නොමැත. මෙයද තවත් එවැන්නකි. කුතුහලය දනවන අරමුණ වෙනස් වූවා මිස කුතුහලය නැති වූයේ නැත ආදී ලෙස සිතා දැනගැනීමේ අවශ්‍යතාවය දුරු කළ යුතුය
  5. නොයෙකුත් අත්හදා බැලීම් වලින් දකින ආකාරය වෙනස් කළ යුතුය. අවසානයේ කුතුහලයකට අරමුණක් හසු නොවනු ඇත
  6. දැනගැනීමෙන් කුතුහලයක් නොසන්සිඳෙන අතර අවබෝධයෙන් පමණක් කුතුහලය සංසිඳේ
No audio available
061. දැඩි බව

061. දැඩි බව

  1. දැඩි බව යනු නිවනට අත්‍යාවශ්‍ය වූ කාරණයකි
  2. දැඩි බව ඇතිවිය යුත්තේ සිතට එරෙහිවය. බාහිර පුද්ගලයන් අරභයා පැවැතිය යුත්තේ නිහතමානීකමයි
  3. බාහිර පුද්ගලයන් අරභයා ඇති දැඩි බව බොහෝවිට මාන්නයකි, ද්වේශයකි
  4. සීලයෙහි අත්තිවාරම වන්නේ සිතට එරෙහිව පවතින දැඩි බවයි. ධූතාංගවල අත්තිවාරමද එයයි
  5. බාහිරින් ධර්මය හෝ වෙනත් කරුණක් සම්බන්ධ වැරදි යයි හැඟෙන යමක් ඇසීමට ලැබුණහොත් සිතේ ඇතිවෙන්නේ අදාළ පුද්ගලයාට එරෙහිව දැඩි බවයි. නමුත් විය යුත්තේ එය දරා ගැනීම පිණිස සිත ඉදිරියේ දැඩිවීමයි
  6. අභ්‍යන්තරයට ක්‍රියාත්මක විය යුතු දැඩි බව බාහිරයට ක්‍රියාත්මක නොකරන්න
No audio available
060. දානයක පිළිවෙල

060. දානයක පිළිවෙල

  1. දානයක් දීමේදී එය නිවන් අරමුණින් සිදුකළ යුතුය. සිතන ආකාරයද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස,
  2. ඇස අනුබද්ධයෙන් ආහාර අලංකාරයෙන් ලබා දිය හැක. එවිට අලංකාරයද දානයක් වනු ඇත
  3. කන අනුබද්ධයෙන් නිශ්ශබ්දතාවය දානයක් ලෙස ලබාදිය හැක. එවිට නිශ්ශබ්දතාවය දානයක් වනු ඇත
  4. නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදියෙන් දානයක් ලබා දිය හැක. පිරිසිදු වාතාශ්‍රය ලබාදිය හැක. එවිට ජනෙල් දොරවල් ඇරීම පවා දානයක් වනු ඇත
  5. දිව අනුබද්ධයෙන් ප්‍රණීත ආහාර ලබාදීම සිදුකළ හැක
  6. ශරීරය අනුබද්ධයෙන් පහසු ආසන ලබාදීමද සිදුකළ හැක
  7. මෙයින් ලැබෙන ශක්තිය සිතටද ආහාරයක් වනු ඇත. එම ශක්තියෙන් බණ භාවනා කොට මාර්ග ඵලවලට පත්වන බැවිනි
  8. මෙලෙස ආයතන පිළිබඳව සිතමින් දානයක් පිළියෙල කිරීම පරිපූර්ණ දානයක් සඳහා හේතුවක් වනු ඇත
No audio available
059. තථාගත

059. තථාගත

  1. සම්මා සම්බුද්ධත්වය මේ ලෝකය තුළ පහළ විය
  2. අවබෝධය ඇති පමණකින් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වන්නේ නැත
  3. අවබෝධය පිළිබඳ දැනගන්නා තරමට ශ්‍රද්ධාව ඇතිවේ
  4. දැනගන්නා ස්වභාවයේ දෝෂ ඇතොත් එම දෝෂයද ශ්‍රද්ධාවට බලපෑම් කරයි
  5. එම නිසා දැනගන්නා ආකාරය සහ දැනගන්නා මාධ්‍ය ඉතාම වැදගත්ය. තමන් එය පිළිබඳ සිතන ආකාරයද බෙහෙවින් වැදගත්ය
  6. නමුත් අවබෝධයක් නිවැරදිවම දැනගත හැකි ක්‍රමයක් ලෝකය තුළ නොපවතී
  7. බොහෝම නිවැරදි ක්‍රමය වන්නේ තමන්ද අවබෝධයන් ලබමින්, ඒ අනුව අවබෝධය තහවුරු කර ගැනීමයි. එවිට ඇතිවන දෝෂය බොහෝ අවම කරගත හැක
  8. ඇසෙන දේවල්, පෙනෙන දේවල්, සිතෙන දේවල් අනුව නිගමනවලට නොඑළඹෙන්න. ඒවා අල්ප වූ හේතූන්ය. නිගමනයන් බොහෝ දෝෂ සහිත වේ
  9. තථාගත ගුණය අප්‍රමාණය. විදර්ශනාව පිණිසය
No audio available
058. විදුලි පංකාව

058. විදුලි පංකාව

  1. විදුලි පංකාවක් අඩු වේගයෙන් දුවන විට පෙති දැක ගත හැකි අතර නතර වූ විට පෙතිවල ස්වභාවයද දැකගත හැක
  2. සිතද ඒ හා සමානය. සිතෙහි ඇති වේගය නිසා සිතෙහි ස්වභාවය වටහා ගත නොහැක.
  3. සිතෙහි ස්වභාවය දැකගත හැක්කේ සිතිවිලි ඝනත්වය අඩු විටය. සිත සමාහිත වූ විටය. කැළඹුණු ස්වභාවයක් ඇති විට එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීම ඉතා අපහසුවේ
  4. සිත යනු නිතරම පැවැත්මට බර ධර්මතාවයකි. මුළාවට පත්වීමෙන් කිසිවකට නොදෙවෙනිය
  5. කාමයේ හැසිරෙන්නා හට කාමයේ ආදීනව නොපෙනේ. එයින් මුලාවට සහ දුකට පත්වේ
  6. ධර්මයෙන් පවා "මම" පෝෂණය වීම සිදුවිය හැක. ස්වභාවයෙන්ම සිතේ පවතින නිත්‍ය සුබ ආත්ම සංඥාව බිඳ දැමිය යුතුය
  7. මෙම ධර්මතා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සීලයක පිහිටා භාවනාවන් වඩා හිත සමාහිත කළ යුතුය. කාය විවේකය, චිත්ත විවේකය ඇති කරගත යුතුය.
  8. අවබෝධය තුළ නැවතීම ඉබේටම සිදුවේ. අමතර ආයාසයක් අවශ්‍ය නැතතව තවත් වීර්ය කරන්න
No audio available
057. ප්‍රශ්න

057. ප්‍රශ්න

  1. ගඟට ගල්ගැසුවාට ගගෙන් ප්‍රතිචාරයක් නැත. එම කම්පනයන් හොඳින් දරා ගනී
  2. එසේම ජීවිතයට පැමිණෙන බාහිර කම්පනයන් දරා ගැනීම පුරුදු කළ යුතුය
  3. ගඟට පැමිණෙන බාධකය, ගඟට බාධකයක් නොවනවා සේ ජීවිතයට පැමිණෙන බාධකද බාධකයක් නොකර ගත යුතුය
  4. මෙය මා අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරක් ලෙස, ප්‍රශ්නය පිළිතුරක් ලෙස භාර ගත හැක
  5. විය යුත්ත තමයි සිදුවන්නේ. නොවිය යුත්තක් සිදුවන්නේ නැත ආදී ලෙස සිතිය හැක
  6. ප්‍රශ්නයක භාරකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කිරීම කළ හැක. නහයටද දිවටද මොළේටද මස් වලටද ආදී ලෙස
  7. අනවරාග්‍ර සංසාරයක සියලු ලෞකික ප්‍රශ්න විසඳුනාසේ මේ ප්‍රශ්නයද විසඳී යන්නේය ලෙස සිතන්නේය
  8. මට වඩා බරපතල ප්‍රශ්න ඇති බොහෝ පිරිස් සිටින්නේය ලෙස සිතන්නේය
  9. යන යන තැන අසූචි මල්ලක් දරාගෙන යන මරණයෙහි උරුමකාරයෙක්ද වූ මා නොවටිනා බවද මෙනෙහි කළ යුතුය
  10. තවත් නොයෙකුත් ආකාරයෙන් එලෙස සිතමින් ප්‍රශ්නවල ධාරිතාව අඩු කර ගත යුතුය. මෙය ධර්ම මාර්ගයට පිවිසීමේ මූලික පියවරකි
No audio available