Report Menu
All Cards
Total Cards: 416 | Page: 19 of 21 | Showing: 20 cards
056. ද්වේශය

056. ද්වේශය

  1. ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
  2. එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
  3. අපිරිසිදු රෙදි වල ඇති කුණු සබන් හෝ එවැනි උපකාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
  4. එලෙසම ද්වේශයද නුවණ නමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
  5. ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතුය, එසේ නොවිය යුතුය යැයි දෘෂ්ටියක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේෂය හටගනී
  6. මේ කිසිම දෙයක් අපගේ පාලනයේ නොමැත, ආදී ධර්මයන් මැනවින් වටහා ගත යුතුය. නුවණ මිශ්‍ර, සොබා දහමේ උපමා ද බොහෝ උපකාරී වේ
  7. මූලික ප්‍රවේශයක් ලෙස තමන්ගේ කැමැත්ත ලෝකයෙන් බලාපොරොත්තු නොවී, ලෝකයේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගත යුතුය. එවිට ද්වේශයෙන් විශාල ප්‍රතිශතයක් ඉවත් කර ගත හැක
No audio available
055. ද්වේශය

055. ද්වේශය

  1. ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
  2. එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
  3. අපිරිසිදු රෙදි වල ඇති කුණු, සබන් හෝ එවැනි සේදුම්කාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
  4. එලෙසම ද්වේශයද නුවණ නැමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
  5. ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතු යැයි අදහසක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේශය හටගනී
  6. මේ කිසිම දෙයක් අපගේ පාලනයේ නොමැත. මෙම ධර්මයන් මැනවින් වටහා ගත යුතුය. නුවණ මිශ්‍ර, සොබා දහමේ උපමා ද බොහෝ උපකාරී වේ
  7. මූලික ප්‍රවේශයක් ලෙස තමන්ගේ කැමැත්ත ලෝකයෙන් බලාපොරොත්තු නොවී, ලෝකයේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගත යුතුය. එවිට ද්වේශයෙන් විශාල ප්‍රතිශතයක් ඉවත් කර ගත හැක
No audio available
054. තනතුරු

054. තනතුරු

  1. බොහෝ අයට තමන්ට අනන්‍ය තනතුරු තානාන්තර ඇත. එයට විශාල වටිනාකමක් ලබා දී තිබුණද, එය මෙම කයට සාපේක්ෂවද සීමා සහිත කාලයකටද වේ
  2. එම තනතුර සම්බන්ධයෙන් යම් ලෞකික සැපයක්ද ලැබී ඇත. නමුත් තාවකාලිකය. හේතූන් සකස් වන විට, ඵ් හා ලැබූ ලෞකික සැපයද අහිමිව යයි
  3. තනතුර සමාජයට සාපේක්ෂක වේ. තනතුරකට වටිනාකමක් ලැබෙන්නේ සිටින සමාජයට සපේක්ෂවයි. එය වෙනස් වන විටද වටිනාකම වෙනස් වෙයි
  4. එම වටිනාකම ලෞකික වශයෙන් වෙයි. ලෝකෝත්තර වශයෙන් නොවෙයි
  5. එහි වටිනාකම වැඩි වන්නා වූ තරමටම ඒ හා අනුබද්ධ දුකක්ද අන්තර්ගත වෙයි. තනතුර අහිමිවීම හෝ මරණය සමඟ දුකටම පත්වේ
  6. මෙසේ සාපේක්ෂවූත්, වෙනස් වන්නා වූත්, තනතුරු නිසා මාන්නයට පත් වේ. එයින් මුලාවට පත්වේ
  7. මෙහි දී 'මම', 'මගේ' යන මෝහය තව තවත් පෝෂණය වීමට ඉඩ ඇත. බොහෝ කර්ම වලටද මුල් විය හැක
  8. මෙලොව සහ පරලොව දුකටම පත් වීමට හේතුද සැකසේ
  9. හුදෙක් තනතුරු, තානාන්තර, ධනය, බලය සාපේක්ෂක තාවකාලික ධර්මතාය. අවබෝධයෙන්ම ඇසුරු කළ යුතුය
No audio available
053. ප්‍රවේසම් කිරීම

053. ප්‍රවේසම් කිරීම

  1. ප්‍රවේසම් කිරීමට බොහෝ දෑ ඇත. එදිනෙදා ජීවිතයේ කායික මෙන්ම භෞතිකව නොයෙකුත් ආකාරයේ ප්‍රවේසම් කිරීම් ඇත
  2. කය නොයෙකුත් ලෙඩ රෝග වලින් ප්‍රවේසම් කිරීම, පත් විය හැකි දුක් පීඩා වලින් ප්‍රවේසම් වීම පිණිස වෑයම වැනි කායික ප්‍රවේසම් කිරීම්ය
  3. තමන් සතු වටිනා භාණ්ඩ, මිල මුදල්, දේපල ආදිය සොර සතුරන්ගෙන් හා නොයෙකුත් විපත්වලට පත්වීමෙන් ආරක්ෂා කරගැනීමද අනෙකකි
  4. මෙය තුළ යම් මෝහයක් තිබීමට ඉඩකඩ ඇත. යමක් පරිස්සම් කිරීමට පෙළඹෙන්නේ එය 'මගේ' යන දෘෂ්ටිය නිසා විය හැක
  5. නමුත් යමක් පරිස්සම් කිරීමට සිදුවීමෙන්ම, එයින් පිළිබිඹු වන්නේ 'මගේ', 'මට අයිති' යන ස්වාභාවයක් එහි නොමැති බවය
  6. එය සැබැවින්ම 'මගේ' නම් එය පරිස්සම් කිරීමට අවශ්‍යතාවයක් නොමැත. එසේම එය වෙනත් කෙනෙකුට ගැනීමටද නොහැක
  7. පිළිබිඹු වන්නේ මේ සියල්ල අනාත්ම ධර්මතාවයකට යටත් බවය
  8. විදර්ශනා කමටහනක් සඳහා හේතු වේවා!
No audio available
052. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම

052. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම

  1. පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය
  2. නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන්, සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයකට යොමු වීම ප්‍රධාන වාසියකි
  3. පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය
  4. පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය
  5. සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය
  6. පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක්ද වනු ඇත
  7. ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම්ද හේතුවක් වනු ඇත
No audio available
051. අසාධාරණය

051. අසාධාරණය

  1. සීලය, සමාධිය, ප්‍රඥාව ලෙස පුරුදු කරමින් සමස්තයක් ලෙස අප සිදු කරන්නේ චුති සිත නිවැරදි කිරීමය
  2. මරණීය මොහොත ඉතා තීරණාත්මකය. නිවන, නිරය හෝ කර්ම ශක්තිය අනුව ජාතිය තීරණය වන මොහොතකි. ඉතා භයානකය
  3. මෙහිදී හානිකර මතකයන් නොතිබීම ඉතා වැදගත් කාරණයකි. කර්මයන් කර, මතකය මකා දැමීමේ ක්‍රමයක් නැත
  4. සුළු වෙලාවක් තුළ සිදුවන වැරැද්දක් එලෙසම සුළු වෙලාවක් තුළ විපාක දීම සාධාරණය. නමුත් එය එසේ නොවේ. කර්මය අසාධාරණය
  5. මතකයක් ලෙස ජීවිත කාලය පුරා පීඩාවට පත් කරන අතර, පරලොව ජීවිත ද දුක්ඛ සහගත කරයි. මේවා කර්ම පථ ලෙස ක්‍රියාත්මක වේ
  6. එම නිසා සුළු වැරැද්දක් පවා ඉතා බරපතල ලෙස දැකිය යුතුය. ආදීනව දැකිය යුතුය
  7. බේරීමට හොඳම ක්‍රමය වන්නේ අදාල කර්ම නොකර සිටීමයි. ඉතා ඉක්මනින් අවබෝධයන් කරා ළඟා වීමයි
No audio available
050. බුද්ධිමත් බව

050. බුද්ධිමත් බව

  1. ගසකට විශාල බුද්ධියක් පැවතිය යුතු බව, ගසක සමබරතාවය දෙස බැලූ විට පෙනේ
  2. සෑම කොළයකටම අවශ්‍ය ජලය ආදිය කිසිදු අමතක වීමක්ද නැතිව නිවැරදිව ප්‍රවාහනය සිදුකරයි. එකදු කොළයක්වත් අමතක වන්නේද නැත
  3. එනම් පුද්ගලයෙක්ගෙන් තොරව බුද්ධිමත් බව ක්‍රියාත්මක වේ. එනම් බුද්ධිමත් බව සඳහා කෙනෙක් අවශ්‍ය නොවේ
  4. බුද්ධිමත් බව ඇති නිසා කෙනෙකු ඉන්නවා යන දෘෂ්ටිය බිඳ දැමීම සඳහා ගස කදිම උදාහරණයකි
  5. බුද්ධිමත් බව, මතකය, උපක්‍රමශීලීත්වය, කපටිකම ආදී දෑ පුද්ගලයෙක්ගෙන් තොරවද සොබාදහම තුළ ක්‍රියාත්මක වේ
  6. විදර්ශනා කමටහනක් පිණිස ඉදිරිපත් කරන ලදි
No audio available
049. ධර්මතාවය

049. ධර්මතාවය

  1. තරහව මම නම්, තරහව දිගටම පැවතිය යුතුය. තරහව නැති වන මොහොතේ, මම නොපැවතිය හැකි බැවිනි
  2. තරහ යන ස්වභාවය තමන්ගේ නම්, එය අනුන්ට තිබිය නොහැක
  3. තරහ යන බව අන් අයටද පවතී. එනම් එය තමන්ට ආවේණික නොවේ
  4. තරහ යන බව තිරිසන් සහ අනෙකුත් සත්වයන්ටද පවතී. එනම් තරහ යන බව සත්වයන් අතර පොදු ස්වභාවයකි
  5. මට අනන්‍ය දෙයක් නොවන බැවින් මගේ නොවේ
  6. තරහ යන සිදුවීමක් නැතුව තරහගත නොහැක. තරහ ගත හැකිනම්, සිදුවීමක් නැතිවද තරහව ගත හැකි විය යුතුය
  7. එනම් තරහව මගේ පාලනයේ ඇති දෙයක් නොවේ
  8. එනම් මේවා, මම නොවන, මගේ නොවන, මට පාලනය කළ නොහැකි පොදු වූ ලෝක ධර්මතාවයන්ය
  9. ඉර පායනවා සේ, වැස්ස වහිනවා සේ, ඇළ දොළ ගලනවා සේ තවත් එවැන්නකි
No audio available
048. බස් නැවතුම

048. බස් නැවතුම

  1. බස් නැවතුමක, බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බස් නැවතුම තුළ නිදාගන්නේ නැත
  2. නිරතුරුව බස් රථය පිළිබඳ විමසිලිමත්ව සිටියි
  3. එසේම මනුෂ්‍ය ලෝකය නැමැති නැවතුම තුළ, මරණය නැමැති රථය පැමිණෙනතුරු අපේක්ෂාවෙන් සිටිය යුතුය
  4. ස්ථිර ලෙස ගෙවල් සාදමින්, ඉඩකඩම් වතුපිටි රැස්කරමින් යන ගමන දෙස බැලූ විට පෙනීයන්නේ මරණය අමතකව ඇති බවය
  5. නමුත් මරණය ලොකු කුඩා බේදයක් නොමැතිව ඕනෑම මොහොතක, අනපේක්ෂිත ලෙස පැමිණිය හැක. බස් රථයක් අපේක්ෂාවෙන් සිටින මගියෙකුසේ අවධානයෙන් සිටින්න
  6. අප මරණයේ උරුමකරුවෝ වෙමු
No audio available
047. දිශාව

047. දිශාව

  1. ලෝකයේ යා හැකි දිශාවල් විශාල ප්‍රමාණයක් පවතී. නොයෙකුත් තෝරා ගැනීම් පවතී
  2. උදාහරණයක් ලෙස අධ්‍යාපනයේ කොපමණ පරතරයට ගියත් කෙළවරක් නොමැත. එම නිසා එහි සීමාවන් දැනගත යුතුය
  3. අධ්‍යාපනය නිවන් මඟට ද රුකුලක් වුවත් එහි ප්‍රමාණය දැනගත යුතුය. නැතිනම් මුලාවීම හෝ දුකට පත්වීම හෝ මානයේ ගොදුරක් වීමට ඉඩකඩ ඇත
  4. යම් උත්සාහයකින්, යම් ශිල්පයකින්, දිවි රැකෙන්නේ නම් එය නියම ප්‍රමාණයයි. අඩු හෝ වැඩිවීම දුකට හේතුවක් වේ
  5. නිවන් මඟ තම ජීවිතයේ ප්‍රමුඛ අංගය විය යුතුය. අනික් දෙයක් ප්‍රමුඛ වූ විට ඒ දේය අරඹයා ප්‍රතිඵල ලැබෙන අතර නිවන් මගෙහි ප්‍රතිඵල අඩාල වේ
  6. යා යුතු දිශාව හඳුනා ගැනීම අපහසු විට නොයා යුතු දිශාවල නොයෑම කළ යුතුය
  7. සිතිවිලිවල දිශාව පසුව තම ජීවිතයේ දිශාව වන බැවින් සිතුවිලි වල දිශාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය
  8. කාන්දම උතුරු දිශාවට දිශාගත වනවාසේම සත්වයා සතර අපාය දිශාවට දිශාගත වීම ධර්මතාවයයි
  9. වෑයම කිසිසේත්ම අත් නොහරින්න
No audio available
046. 'මම' නැමැති දෘෂ්ටිය

046. 'මම' නැමැති දෘෂ්ටිය

  1. ඉපදීමේ සිට මරණය දක්වාම 'මම' කරන දෙයක් නැත
  2. ඉපදෙන මොහොතේදී පිහිටිය යුතු ශරීර අංග, ඉපදෙන ස්ථානය, කුලය 'මම' කිව්වේ නැත. එය හේතුඵල ලෙස ලැබුණා පමණි
  3. කුඩා කාලයේ සිට ඉගෙන ගත්තේ 'මට' අවශ්‍ය නිසා නොවෙයි. එය සමාජය අවශ්‍යතාවක් ලෙස පෙන්වූ නිසාය
  4. වැඩි වයසේදී රැකියාවක් කළේත් 'මට' අවශ්‍ය නිසා නොවෙයි. ජීවිතයේ පැවැත්මට, සමාජය ගෙන ආ සංකල්ප නිසාය
  5. නිසි වයසේදී විවාහ වන්නේ 'මට' අවශ්‍ය නිසා නොවෙයි. නිසි වයස තීරණය වූවේත්, විවාහය අවශ්‍ය වූවේත් සමාජ-සංස්කෘතියේ සංකල්ප නිසාමය
  6. මෙසේ බැලූ කල 'මම' කළ දෙයක් මෙහි නැත. 'මට' කළ හැකි දෙයක් වුවේද නැත
  7. ලෝකයේ පැවැත්ම උදෙසාම වූ සංකල්ප සමඟ ඒවාට යටත්ව 'මම' කල් ගෙව්වා පමණි
  8. ඒ සෑම දෙයක් සමගම 'මම' ඇලුණා, ගැටුණා පමණි
  9. 'මට' කළ හැකි දෙයක් නැත. 'මම' යනු හුදෙක් දෘෂ්ටියකි
No audio available
045. කළ හැකි දෙයක් නැත

045. කළ හැකි දෙයක් නැත

  1. බුදුබණ නොමැති කල ඉපදීමේ සිට මරණය දක්වාම සත්වයා මුලාවේ, දුකට පත්වේ
  2. දුකින් මිදීමට ගන්නා සෑම වෑයමකින්ම සිදුවන්නේ මුලාවේ ස්වභාවය මාරුවීමක් මිස දුකින් මිදීමක් නොවේ
  3. ශරීර අංග, සමේ වර්ණය පවා තමන් තීරණය නොකළ අතර කුමක්දෝ ක්‍රමයකින් ලැබී ඇත. ඒ හා එකඟ වීම විශ්මයජනකය
  4. ලෝකය අනුගමනය කරමින් මුලාවීම, දුකට පත්වීම සැමදා සිදුවූ, බිය ඉපදවිය යුතු කාරණයකි
  5. සිතිවිල්ලක් නොමැතිව සැපක දුකක පැවැත්මක් නැත
  6. අපගේ පැවැත්මෙන් ලෝකයට ඇති වැඩක් නැත. අපේ වටිනාකම ඇත්තේ අපටම පමණි. එයත් හුදෙක් මුලාවූ සිතිවිල්ලකි
  7. අන් ආකාරයෙන්, සැපෙහි වෙනස් වීමෙන් එකක් දුකක් වන අතර, දුකෙහි වෙනස් වීමෙන් එකක් සැපක් වෙයි. අන්ත දෙකෙහිම අන්තර්ගතය මුලාවයි
  8. වටහා ගත යුතු කාරණය, සිදුවන දෙයක් ඇත. කළ හැකි දෙයක් නැත
No audio available
044. පැහැදිලි කිරීම

044. පැහැදිලි කිරීම

  1. මලින්, කොළයෙන් හා ජලයෙන් සිත ආකර්ෂණය කර ගැනීමට පොකුණක් සමත් වේ. එම අලංකාරය බාහිරට පෙනුණද අභ්‍යන්තරයේ එවැන්නක් නොමැත
  2. අන් ආකාරයෙන් පොකුණ යනු සත්වයන් ජීවිතය වෙනුවෙන් පොර බඳින ස්ථානයකි. මරණාසන්න සත්වයන් පණ අදින ස්ථානයකි. කිසිම අනුකම්පාවක් නොමැති ධර්මතාවයක් මේ තුළ ක්‍රියාත්මකවේ
  3. ගුවන, ජලය හා ගොඩබිම ලෙස ක්‍රියාත්මක වන යුද පිටියකි. තවද සොහොන් පිටියකි. වධකාගාරයකි
  4. උදේ දකින සත්වයන් සවස බොහෝ විට නොමැත. දවසක් අවසාන වන විට බොහෝ සත්ත්වයන්ගේ ජීවිත අහිමිව ගොස්ය
  5. සිහිය නිසා, නීරෝගිකම නිසා, කාය ශක්තිය නිසා සත්වයන් පිරිසක් අපහසුවෙන් සුළු කාලයකට ජීවිත බේරා ගනී
  6. මේවා තුළින් මෙවැනි ධර්මයක් මතු කර ගන්නා යෝගාවචරයා මේ අපගේ අතීත ඥාතියෝය, මිත්‍රයෝය, නිවන මගහැරුණොත් අපගේ ඉරණමද මෙයමය ආදී ලෙස සිතන්නේය
  7. කලකිරීම ඇතිකර ගන්නේය. සසර බිය මතු කරගන්නේය. වීරිය වඩා මගඵල වලට පත් වන්නේය. සසර දුකින් අත මිදෙන්නේය
No audio available
043. විවාහය

043. විවාහය

  1. විවාහය තුළින් පුද්ගලයාට උරුම වන සම්ප්‍රයුක්ත සැපයක් නැත
  2. නොසන්සිඳෙන ආශාව පිනවීමට කොපමණ උත්සාහ කළත් එහි කෙළවරකට පැමිණීමක්ද නැත
  3. තනිකම, පාළුව යන විසඳිය හැකි එක ප්‍රශ්නයක් වෙනුවට, විසඳිය නොහැකි ප්‍රශ්න පොදියක් ලබා ගැනීමකි
  4. නිදහසේ බිම තිබූ කළු ගලක් කර මත තබා බැඳගැනීමක් වැනිය
  5. නිදහසට මෙන්ම නිවනටද උවදුරකි. ප්‍රශ්න උත්පාදකයකි
  6. එක් අඹයක් වෙනුවෙන් අඹ වත්තක් බලා ගැනීමක් වැනිය
  7. පිළිකුල තුළ නොපිළිකුලින් සිටීමකි. පසුතැවීම ඇති කරයි
  8. පතුල සිදුරු වූ පනිට්ටුවක් වැනිය. දමන කිසිම දෙයක ඉතිරි වීමක් නැත
  9. හුදෙක් සැප සංඥාවෙන් දුක් විඳීමකි
  10. ආදීනව සංඥාව මතුකිරීම පිණිස ඉදිරිපත් කරන ලදි
No audio available
042. රූපවාහිනිය

042. රූපවාහිනිය

  1. රූපවාහිනිය දෙස නොයෙකුත් දිශාවල සිට බැලිය හැක
  2. නමුත් සෑම දිශාවකම සිට නැරඹීම කළ නොහැක
  3. එසේම ක්ලේශයන් දුරු කිරීම සඳහා ඒවා දකින කෝණය වැදගත්ය
  4. වෙනත් කෝණයකට වුවද ක්ලේශයන් පෙනෙන අතර දුරු කිරීම එම කෝණයෙන් කළ නොහැක
  5. ඒ ඒ මොහොතේ එදිනෙදා කටයුතුවල සිදුවන ක්‍රියාකාරකම් අනුව ක්ලේශයන් හෝ කර්මයන් හට ගනී
  6. නොපෙනුණ දේ නොඇසුණු දේ නොහඳුනන දේ අරඹයා ක්ලේශයන් හට ගන්නේ නැත
  7. ළඟින්ම ඇසුරු කරන පිරිස සමග වැඩිපුර ගනුදෙනු සිදුවන බැවින් කර්මයක් ඇතිවීමේ වැඩිම අවධානම ඇත්තේ එතනය. ප්‍රවේසම් විය යුත්තේද එතනය
  8. දකින කෝණය කර්මයක් නොහැදෙන කෝණයක් විය යුතුය. ශාසනය තුළ නොයෙකුත් විදර්ශනා ක්‍රම ඇත. පුරුදු කරන්න
No audio available
041. මගියෙකු නොවන්න

041. මගියෙකු නොවන්න

  1. නැවක් තුළ සිටින මගියෙකුට පියවර තැබිය හැකි වුවත් ගමන් කළ නොහැක
  2. එලෙසම උදාහරණයක් ලෙස, සිතිය හැකි ලෙස වැටහුණත් තමන්ට සිතිය නොහැක
  3. එය වෙනත් ධර්මතාවයකින් පාලනය වේ. ඒ බව නොදන්නාකම දුකට පත්වීමට ප්‍රධාන හේතුවකි
  4. නැවෙහි ගමන, මුහුදු රැල්ල සුළඟ ආදී බොහෝ හේතු මත රඳා පවතී. ඒ සියලු හේතු වලට මගියාද යටත්වේ
  5. එසේම සිතක සිතිවිලි, ඉන්නා ස්ථානය ගැහැණු පිරිමි ලොකු කුඩා අතීතය දහවල රැය ආදී නොයෙකුත් හේතු අනුව හටගනී
  6. මගියකු ලෙස සිතා මුළාවට පත් නොවී, මගියෙකු යන බවත් ලෝක ධර්මතාවයක් ලෙස සලකාගත යුතුය
  7. කර්මයන්හි විපාකයන් ගෙවී යන අතර අලුත් කර්ම නොකිරීමට පමණක් වග බලා ගත යුතුය
  8. මගියෙකුට ගමනෙහි පාලනය නැත. එය දැනගැනීමම ඉන් මිදීමට ප්‍රමාණවත් වේ
No audio available
040. ධර්ම ශ්‍රවණය

040. ධර්ම ශ්‍රවණය

  1. ධර්ම ශ්‍රවණය, නිර්වාණය සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි
  2. නමුත් එම ධර්මය අසන සංඥාව පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය
  3. ශ්‍රද්ධාව හා අවබෝධය බැඳී පවතී
  4. අධර්මයක් වුවත් එය අසන සංඥාව මගින් එය වටිනා ධර්මයක් බවට පරිවර්තනය කළ හැක
  5. නිවැරදිම ධර්මයක් වුවත් ඒ කෙරෙහි තමා තුළ ඇති සංඥාව මගින් එම ධර්මයද අධර්මයක් බවට පත් කළ හැක
  6. මෙය වචන කිහිපයක් වුවත් මේ පිළිබඳ නොසැලකීම ජීවිත කාලය පුරාම ධර්මයක් අවබෝධ නොවීමට හේතුවද විය හැක
  7. ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගරුත්වයෙන් ධර්මය ශ්‍රවණය කළවිට නිවන් ගමන ඉතා පහසුවනු ඇත
No audio available
039. පසුබට උත්සාහය

039. පසුබට උත්සාහය

  1. නිවන් මාර්ගයට පළිබෝධයක් වන ප්‍රමාදයට තුඩුදෙන පසුබට වීම දුරු කිරීමට වෑයම් කළ යුතුය
  2. ලෞකික අරමුණු වල වටිනාකම නිවන් අරමුණට වඩා වැඩි විට නිවන් මගට පසුබට වීම සිදුවේ
  3. විඳීමෙහි ඇලුණු සිතෙහි ස්වභාවය පසුබට වීමය. අවසිහිය ඇතිවීමය
  4. මොහොතක සුවයක් ලබා දෙන කාම අරමුණු, විදීමෙන් කෙළවර කළ නොහැක. විඳීම වෙනුවට හඳුනා ගැනීමම කළ යුතුය
  5. හඳුනාගත් කාමයන් ඉතා ඉක්මනින් දුරුව යෑම ධර්මතාවයකි
  6. විඳිය හැක්කේ නොහඳුන කාමයන් පමණි. හඳුනාගත් කාමයක් තවදුරටත් කාමයක් නොවන අතර විඳීමට ද නොහැකිය
  7. කාමයක් විඳීමට කැමැත්තක් ඇත්නම් එය තවමත් හඳුනාගෙන නොමැත. හොඳින් හඳුනා ගැනීමේදී කාමයන් දුරුවනු ඇත
  8. කාමයන් ලබාදී සිතක් තෘප්තිමත් කළ නොහැක. එය සිතක ඇති ලක්ෂණයකි. තවද එය ලෝක ධර්මතාවයකි
  9. එම නිසා තෘප්තිමත් කළ නොහැකි සිතට කාමයන් ලබාදීමට පසුබට විය යුතු අතර නිවන් මඟ සඳහාම නොපසුබට විය යුතුය
No audio available
038. නිගමනය

038. නිගමනය

  1. රූපය පිළිබඳ නිගමනයට පැමිණෙන්නේ බාහිර ස්වරූපය බැලීමෙනි
  2. බාහිර 1mm ක සම ඉවත් කළ විට එම නිගමනය කොපමණ වෙනස් වේද එපමණ මෝහයක් පෙර නිගමනය තුළ ගැබ්ව පවතී
  3. වර්ණයෙන් යුත් රූපය විෂම ලෙස හඳුනා ගැනීම, ඒ පිළිබඳ තමා තුළ ඇති ප්‍රතිරූපයෙන්ද පෝෂණය වී සැප සුභ ආත්ම ආදී විචිත්‍රවත් පිළිබිඹුවක් දර්ශනය කරයි
  4. සසර ගත පුරුද්දෙන්ද ශක්තිමත් වන මෙම පිළිබිඹුව හා බැඳී ඇති මෝහය ඉවත් කිරීම පහසු නොවේ
  5. නමුත් ඉතා ප්‍රබල ඉතා දුර්ලභ තථාගත ආශිර්වාදය අපට ලැබී ඇත. අපට සසරේ කිසි දිනෙක නොහැකි වූ සසරින් මිදීම සිදු කිරීමට කාලය එළඹ ඇත
  6. එම නිසා සෑහීමට පත්වීම, ඉවසීම, වීර්යය ආදී නොයෙකුත් ගුණයන් පුරුදු කරමින් නුවණින් යුතුව නොනැවති ඉදිරියටම සටන ගෙන යායුතුය
No audio available
037. අසාර භාවය

037. අසාර භාවය

  1. ගසක සාරවත් භාවය නිගමනය කල හැක
  2. විඤ්ඤාණය කොපමණ සාරවත්දැයි නිගමනය කළ නොහැක
No audio available