Report Menu
All Cards
නිදහස
- නිදහස අහිමි කරගෙන ඇත්තේ තමා විසින්මය
- මුලින් නිදහසට කැමැත්ත ඇතිකර ගත යුතුය. අහිමි වූ නිදහස ගෙවා දැමිය යුතුය. නැවත නිදහස අහිමිවන හේතු සකස් නොකළ යුතුය.
- කායික නිදහස මානසික නිදහසට ඉවහල් වන අතර, මානසික නිදහස විදර්ශනාවට ඉවහල් වෙයි
- විදර්ශනාව අවබෝධයෙන් කෙළවර වෙයි. බොහෝ කලක් නොවිසඳුණු ප්‍රශ්නය කෙළවර වෙයි. විදර්ශනාව පිණිසය...
කමටහන
- මෙය භාවනාවක් ලෙස වැඩිය යුතුය. ඇස අනුබද්ධයෙන්, රූපයක් දකින විට නිරායාසයෙන් එහි ඇලීම, එහි බැස ගැනීම, එය බවට පත්වීම සිදුවේ
- කොටස්වලට කඩා ගැනීමෙන්, රූපය තුළ නොබැස ගැනීම හා ඒ තුළ වූ යම් යම් ධර්මයන් වටහා ගත හැක
- Step 1 ඇසට පෙනෙන්නේ වර්ණ ලෙස. Step 2 සිතට දැනෙන්නේ රූප ලෙස. Step 3 පසුව රූපය සම්බන්ධ විස්තරයක් මෙනෙහි වන බව
- ඇසට රූපයක් පෙනෙන විට ඉහත පියවර හොඳින් ප්‍රකට කර ගත යුතුය. භාවනාවක් ලෙස වැඩිය යුතුය.
- කන අනුබද්ධයෙන්, Step 1 කනට ඇසෙන්නේ ශබ්දයක්. Step 2 සිතට දැනෙන්නේ කපුටෙක් ලෙස. Step 3 කපුටා පිළිබඳ මේ මේ විස්තර අවදිවෙන බව
- මෙය ගස කැපීමට පෙර එය පහසු කර ගැනීමට අතු කපා දැමීම වැනිය. අනාත්මය ප්‍රකට වන අතර නිවන් මග ඉතා පහසුකරවයි.
අත්තිවාරම
- සිත නැමැති ඉදිකිරීම සිදුව ඇත්තේ මුලාව නමැති අත්තිවාරම උඩය
- මුලාවීම සිතේ පැවැත්මයි. නොදැන මුලාව නිරායාසයෙන් සිදුවේ. දැන මුලාව අසිහිය නිසා සිදුවේ
- මුලාවෙන් හටගත් සිතෙහි ජනනය වන්නේද තවත් මුලාවකි. මුලාව දුරු කිරීම බොහෝවිට මං මුලාවකි
- කළ යුත්තේ මුලාව හඳුනා ගැනීමයි. ඒ තුළ සිහිය පැවැත්වීමයි. හඳුනා ගැනීම දුරු කිරීමේ හොඳම මාර්ගයයි
- හඳුනාගත් මුලාවක් තවදුරටත් මුලාවක් නොවේ. අඛණ්ඩ සිහිය තුළ මුලාව දුරුවනු ඇත. විදර්ශනාව පිණිසය...
අභිරහස
- හොඳ මිනිස්සුන්ට බාධක වැඩිවීම, නරක මිනිසුන් ලස්සනට ජීවත් වීම ඇතැම් විට දක්නට ලැබෙන කාරණයකි
- පද්ධතියක්, ස්ථායී වීමට හෝ පැවැත්ම රැක ගැනීමට උත්සාහ දරයි
- සසර බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය. බාඳුරා මල, ගසක සමබරතාවය ආදිය උදාහරණ වේ
- ධර්ම ප්‍රතිපදාවක සිටින විට සංසාර පැවැත්මට එය බාධාවකි. එය වැළැක්වීමට අතීත අකුසලය සැර බාලවී විපාක දීමට පටන් ගනී. මෙය ගමන නැවතීමට හෝ ස්ථායීතාවයට හේතුඵල අනුව සිදුවන එක්තරා මුලාවකි
- එසේම අකුසලයේ සිටින අයෙකුගේ, සසර ස්ථායීතාවය වැඩිවේ. අතීත කුසලය සැර බාල වී විපාක දෙමින් එය නිවැරදි දේ ලෙස පෙන්වමින් මුලා කරවයි
- බාඳුරාමල, සතෙකු ගොදුරු කර ගැනීමට සිදු කරන උපක්‍රමය සේය. උපක්‍රමයක් ඇත. නමුත් සත්ව පුද්ගල බවක් නැත. විදර්ශනාව පිණිසය...
දෘෂ්ටිගතවීම
- මාර්ගය වඩන විට නොයෙක් ආකාරයෙන් දෘෂ්ටිගතවීම ස්වභාවයකි.
- නොයෙකුත් වැරදි ආකල්ප තුළ බැස ගැනීම දෘෂ්ටිගත වීමයි. දෘෂ්ටිගතවීම යනු ඉතා ප්‍රබල ක්ලේශයකි
- තමා තුළ දෘෂ්ටියක් නැතැයි සිතීම ලොකුම දෘෂ්ටියයි. ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් දෘෂ්ටීන් උපදීමේ හැකියාවක් ඇති අතර පැවති දෘෂ්ටියක් ඇත්නම් එය සුරැකේ
- අන් අදහස් ගරු කරන ගුණය ඇත්නම් දෘෂ්ටීන් ඉක්මනින් ඉවත්ව යනු ඇත
- රියදුරෙකු ඉදිරි වංගුවේ වාහනයක් මුණගැසුණු ඇත යන සංඥාවෙන් රිය පදවන්නේ නම්, සිදුවිය හැකි අනතුර බොහෝ අඩුය
- එසේම මාර්ගය වඩන විට දෘෂ්ටියක් ඇතිවිය හැකිය යන සංඥාවෙන් මාර්ගය වැඩිය යුතුය. එවිට දෘෂ්ටිගත වීමේ ප්‍රවණතාවය අඩුවේ
- ප්‍රතිඵල ප්‍රමාද වීම, මාර්ගය ඇණ හිටීම, අස්වාභාවික හැසිරීම, ලෞකික ලෝකෝත්තර අසමබරතාවය ආදිය දුරු වනු ඇත. විදර්ශනාව පිණිසය...
ද්වයතාවය
- ගං ඉවුරක ඉහළ දෙස බැලූ විට එන ලෙසත්, පහළ දෙස බැලූ විට යන ලෙසත් පෙනේ
- ඉහළ පහළ හෝ යෑම ඒම, පුද්ගල පැමිණීමත් සමඟ හට ගනී. නැතහොත් එවැන්නක් හට නොගනියි
- එලෙසම හොඳ නරක, සැප දුක, දුප්පත් පොහොසත් ආදී නොයෙකුත් යුගල (ද්වයතාවය) පුද්ගල දෘෂ්ටිය නිසා හටගත් ධර්මතාය. නැතහොත් එවැන්නක් නොපවතී
- පුද්ගල දෘෂ්ටිය දුරු වන විට පිළිතුරු වෙනුවට ප්‍රශ්න නිරෝධවේ
- ලොකුම ක්ලේශය රාගය හෝ ද්වේශය නොවේ. පුද්ගල දෘෂ්ටියයි. එය බිඳුණු විට කැමැති වුවත් අකමැති වුවත් නොබෝ කලකින් සියලු ක්ලේශයන් දුරුව යනු ඇත. විදර්ශනාව පිණිසය...
ජීවිතය අතහැරීම
- නිර්වාණය සඳහා නොයෙකුත් විදර්ශනා ක්‍රම සිදු කරන අතරම, අනෙක් පසින් දැඩි මානසික අල්ලා ගැනීම් පවතී
- බොහෝ පිරිසකට යැපෙන්නන්, වගකීම්, ලෞකික ප්‍රශ්නවලින් සමන්විත න්‍යාය පත්‍රයක් මරණ මංචකය දක්වාම ඇත. මෙවිට ක්ලේශයන්, බැඳීම් අතර පහසුවෙන් සැඟවී සිටීමේ හැකියාව ඇත
- ජීවිතය අතහරින විට සැඟවුණු කෙලෙස් මතු වී පෙනෙනු ඇත
- ක්ෂණිකව ජීවිතය අතහැරීමේ හැකියාව ඇත්නම් බොහෝ ශ්‍රේෂ්ඨය. නැතිනම් එයට බාධක වන බැඳීම් හඳුනාගෙන විදර්ශනා මාර්ගයකින් එය මානසිකව දුරු කළ යුතුය
- බැඳීම් නොමැති ජීවිතයක් ඇත්නම් එය අමතර බලයකි
- අල්ලාගෙන සිදු කරන විදර්ශනා දැනුමක් වන අතර බොහෝ විට පසුව එය මාන්නයක් වේ
- ජීවිතය අතහැරීම නිර්වාණ සටනේ ප්‍රබලම අදියරකි. විදර්ශනාව පිණිසය...
සිතිවිල්ල
- ලුණු මිරිසක් තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ක්‍රමය දන්නේය
- එසේම, සිතිවිල්ල තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ආකාරය දැනගත යුතුය (උදාහරණයක් ලෙස මෙවැනි තන්තුවක් ගෙන මෙවැනි ආකාරයෙන් ගැටගසා මෙම ස්ථානයෙන් කම්පනය කළ විට රාග සිතිවිල්ල ඇති විය ආදී ලෙස)
- වාහනයක රියදුරු තමන් නම් එය වමට දකුණට කැපීම පාලනය කිරීම තමන්ට කළ හැකි විය යුතුය
- එසේම සිතිවිල්ලේ අයිතිකරු තමන් නම් සිතුවිල්ල නතර කිරීම, වෙනස් කිරීම ආදී පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුය
- තවද සිත පාලනයේ නොමැතිය. යම් ධර්මතාවයකට යටත්ය. එක ළඟ සිතිවිලි කිහිපයක් සමජාතීය වීම හේතුවකි (ද්වේශය ඇති සිතක ඊළඟ සිතිවිල්ල ද බොහෝ දුරට ද්වේෂ සිතිවිල්ලක් වීම ආදී ලෙස)
- ගසක කොළ ආලෝකය දිශාවට හැරීම හේතුඵල ක්‍රියාවකි. ගසෙහි මම ලෙස දෘෂ්ටියක් ඇත්නම්, මට ආලෝකය දිශාවට කොළ හැරවීමේ හැකියාවක් ඇත, ලෙස ගස තුළ දෘෂ්ටියක් පැවතිය හැක
- එලෙසම, සිතිවිලි අප පාලනය කරනවා ලෙස අප තුළ ඇත්තේද දෘෂ්ටියක් පමණි. එය හුදෙක් හේතුඵල ක්‍රියාවක් පමණි. විදර්ශනාව පිණිසය...
දානය
- දීම මෙන්ම නොදීමද දානයයි. දීමෙන් ලැබෙයි. නොදීමෙන් නොලැබීම ලැබෙයි
- දායක පක්ෂයේ ගුණ, ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ, චේතනාව මත දානය බලගැන්වේ
- දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ
- දානය දෙන්නා වෙත දානය දීම සඳහා අවස්ථාව ලබාදීම ද දානයකි
- එනම් ධර්මය ඇසීමද දානයකි. ධර්ම දේශනය සඳහා අවස්ථාව ලබාදීම ලෙසය
- ධර්මාවබෝධයට මනසට යම් පහසුවක් ලබාදීම කල හැකි අග්‍රදානයකි. නොයෙකුත් ආකාරයෙන් එය සිදුකළ හැක.
- ඇස අනුබද්ධයේ අලංකාරය, කන අනුබද්ධයේ නිශ්ශබ්දතාවය, නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදිය, දිව අනුබද්ධයෙන් ප්‍රණීතවත් බව, කය අනුබද්ධයෙන් පහසු ආසන පැනවීම ආදිය දානවේ
- ඉවසීම කරුණාව මෛත්‍රිය ආදී ගුණ තුළින් ද දාන සංඥාව මතු කරගත හැක
- අවසානයේ සියල්ල දානයන් ලෙස විදර්ශනා වනු ඇත. විදර්ශනාව පිණිසය...
ආයුෂ සහ භුක්තිය
- ලෝකය තුළ කිසිම දෙයක පරම අයිතියක් නොපවතී. කාලරාමුවකට සහ සීමාවලට යටත්ය
- සින්නක්කර ඉඩමක වුවද, බිරිඳ ස්වාමියා ඥාතීන් වුවද අයිතිය පවතින්නේ ඉතිරිව පවතින ආයුෂ ප්‍රමාණයට පමණි
- අනිත්‍ය යනු එක් සීමාවක්ය. දුක තවත් සීමාවක්ය. වසඟයේ නොපැවතීම තවත් සීමාවක්ය. සියලු අයිතීන් මෙම සීමාවලට යටත් සහ ඉක්මවිය නොහැක
- ස්වාමියා, බිරිඳ, ඥාතියෝ, දරුවන්ගේ අයිතිය ද සීමාසහිත කාලයකට පමණි. කාලයේ ඇවෑමෙන් අයිතිය අන් සතුවේ
- එසේම ශරීරයේ අයිතියද කෙටි කාලයකටය. ශරීරයේ කොටස් අතීතයේ අන්සතුය. එසේම අනාගතයේ ද අන්සතුවේ
- සිතේ අයිතියද පවතින්නේ කෙලෙස් පවතින තුරුය. කෙලෙස් නිරෝධයත් සමඟ සිතද මමද එකවිට නිරෝධ වේ. සියලු කරුණු එකින් එක විග්‍රහ කරමින් විදර්ශනා කළ යුතුය.විදර්ශනාව පිණිසය
දරුවන්
- දරුවන් යනු අතිවිශාල ආයෝජනයකි. නමුත් බොහෝ අල්ප ප්‍රතිඵල පවතී
- කුඩා කල දරුවෙකු වෙනුවෙන් දිවා රාත්‍රී කරන කායික මානසික කැපවීම අතිමහත්ය. ප්‍රතිඵල අනපේක්ෂිතය. මෙම කැපවීම නිවන වෙනුවෙන් සිදුකළේ නම් නිර්වාණය වන්නේය
- දුක් පොදියකි. ලෙඩවීම, මියයෑම, සිතන පරිදි නොසිටීම ආදී ඕනෑම දෙයක් ඔස්සේ ඕනෑම වෙලාවක දුක පැමිණිය හැක
- දරුවන් යනු අති ප්‍රබල මාර බලවේගයකි. ආදරය ලෙස, සෙනෙහස ලෙස, මගේ ලෙස සිත හා බද්ධ වී පවතී
- වගකීම් බලාපොරොත්තු කෙළවරක් නොමැත. අතීතයේ බොහෝ පිරිසක් දුකට පත්වූයේ, නිවන අහිමි වූයේ දරුවන් නිසාය. මරණයෙන් මතු දරුවන් උපාදාන වීමෙන් නරකයෙහි උප්පත්තිය ලැබීමට හේතුවේ
- සියලු කැපකිරීම් සිදුකළද, දරුවන් එක මොහොතකින් අහිමි විය හැකිය. එවිට උන්මත්තක වීම වුවද සිදුවිය හැක
- දරුවන් නැමැති ලෝක ධර්මතාවය විදර්ශනා කර සිතෙහි ඇති බැඳීම් වහ වහා දුර්වල කළ යුතුය
- ගුණධර්ම, මාර්ගඵල ආදී ලෝකෝත්තර දරුවන් සිටි. හොඳින් ඇතිදැඩි කර ගත් විට අවශ්‍ය ඕනෑම මොහොතක පිහිටට පිළිසරණට සිටිනු ඇත. විදර්ශනාව පිණිසය...
මම සහ පරිසරය
- මම, මගේ, මගේ පාලනයේ ඇත ආදී වශයෙන් පැවසීමට නම් අවම වශයෙන්, ශරීරයවත් ස්වායක්තව පැවතිය යුතුය
- අප ගුරුත්වයෙන් පොළොවට බැඳී පවතී. ගුරුත්වය නොමැතිනම් පැවැත්ම බිඳෙනු ඇත
- ආශ්වාස ප්‍රශ්වාස හරහා වායුගෝලයට බැඳී පවතී. ආලෝකය ලෙස, ශක්තිය ලෙස සූර්යයාට බැඳී පවතී
- ආහාර, ජලය හරහා පොළොවට බැඳී ඇත. තාපය, උෂ්ණත්වය, ජල වාෂ්ප ආදී ලෙස පරිසරයට බැඳී ඇත
- එනම්, අපට හිමිව ඇත්තේ පරිසරය හා බද්ධ වූ කයක්ය. එනම් ගහකොළ, සූර්යයා, ගුරුත්වය, වායුගෝලය ආදී සියල්ල ද මම විය යුතුය.
- මම යන දෘෂ්ටිය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. දෘෂ්ටිගත වී ඇති ස්ථානය හොඳින් හඳුනාගත යුතුය. ප්‍රහාණ කළ යුතුය. විදර්ශනාව පිණිසය...
ප්‍රියයන්ගෙන් වෙන්වීම
- බොහෝ කාලයක් ගෙවී අවසන්ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම ජීවිතයේ එක් වරක් හෝ මුහුණ දෙන කාරණයකි
- නොබෝ කලකින් අකමැත්තෙන් වුවත් ප්‍රියයන් හැර යාමට සිදුවේ. මව, පියා, ස්වාමියා, බිරිඳ, හිතවතුන්, ඥාතීන් සියලු දෙනා ඒකාන්තයෙන් හැරදා යා යුතුය
- අද විය හැක. හෙට විය හැක මාසයකින් විය හැක. තුන්මාසයකින්, අවුරුද්දකින්, අවුරුදු හතකින් විය හැක. ඕනෑම මොහොතක විය හැක. සසර ස්වභාවය එයයි
- කායානුපස්සනාව මරණානුස්සතිය පිළිකුල ආදිය බහුල වශයෙන් පුරුදු කළ යුතුය. අවස්ථාව එළඹෙන ඕනෑම විටෙක පිළිසරණක් වනු ඇත.
අනතුර
- මේ ජීවිතය තුළ ගන්නා තීරණ ඉතා වැදගත් වෙයි
- ළිඳට පැන්නා වුවද තල්ලු කළා වුවද සිදුවන්නේ එකම ප්‍රතිඵලයකි
- ජීවිතයේ නොයෙකුත් සන්ධිස්ථානවල ජීවිත ආශාව, කාමාශාව ආදීන් නිසා සිත් බොහෝ දුර්වල වේ. මෙවිට සිතක් වෙනස් වීමට වැඩිවෙලා ගතවන්නේ නැත. මෙය හේතුඵල ක්‍රියාවකි
- ජීවත්වීමට ඇති කාලය ඉතා සීමිතය. ජීවිතයේ අවධින් දෙකක් තුනක් හෝ කිහිපයක් ගතවන විට ආයුෂ ගෙවී අවසන් වනු ඇත
- ආයුෂ ගෙවුණු පසු ජීවිතයට ආයාචනා කළ නොහැක
- කාමාශාව, ජීවිත ආශාව, බඩගින්න, පිපාසය, ආරක්ෂාව ආදී නොයෙකුත් ප්‍රපංච හේතුවෙන් එම කෙටි කාලයට ගන්නා කෙටිකාලීන තීරණ බොහෝවිට නිවනට උවදුරක් වෙයි
- නොදැනුවත්ව වුවද අතීතයේ සිදුවූවාසේම නැවතත් සසර බන්ධනයේ ආක්‍රමණයට නතු විය හැක
- මේ ජීවිතයේම කෙසේ හෝ සසර ගමන කෙළවර කළ යුතුය
- නැතහොත්, මහත් වූ නිධානයක උප්පත්තිය ලබා, නිධානය උඩම කටු මැටි ගෙයක් සාදා තමා විසින්ම සකස් කර ගත් කර්මයක් තමා විසින්ම ගෙවා මිය පරලොව ගියා වැනිය. විදර්ශනාව පිණිසය...
ආදීනව
- නොයෙකුත් දේ සම්බන්ධ නොයෙකුත් ආදීනවයන් පවතී
- අපට විශාල යමක් නැත. ඇස කන දිව නාසය අතපය ආදිය, හැකිලීම දිගහැරීම කැරකැවීම ආදී ලෙස ක්‍රියාත්මක වේ
- මෙම ක්‍රියාවන් චේතනාව සමඟ මිශ්‍ර වූ විට ඉතා බරපතලය. ආදීනව භූමි ලෙස අවීචි මහ නරකාදියේ සිට බ්‍රහ්ම තල දක්වා ක්‍රියාත්මක වේ
- මෙහි යම් චේතනාමය වෙනසක් සිදුවූ විට නිර්වාණය පවා සාක්ෂාත් වේ
- නොදැනුවත්භාවය නිසා සිදුවන ක්‍රියාවල ඇති බරපතලකම දන්නේ නම් මෙපමණ ආදීනව ද යැයි දැක ලේ වමනය යන්නේය
- කර්මය සිදුවූ පසු ගෙවීමම මිස හැරවීමේ ක්‍රමයක් නැත
- කුඩා වැරැද්දේ පවා ආදීනව ඇති බව දැනගත යුතුය. විදර්ශනාව පිණිසය...
ශරීරය
- ශරීරය පිරී ඇත්තේ මළ මූත්‍ර සහ නොයෙකුත් අසුචියන්ගෙන් වන අතර බරින් හාල්මිටියක්, දෙකක් තරම් වත් නොවන්නේය
- වැසිකිලි අවශ්‍යතාවය වත් කල් දමා ගැනීමේ, පාලනය කිරීමේ හැකියාවක් අප සතුව නැත
- නොයෙකුත් රෝග පීඩාවන් වැළඳෙන්නේ අපගේ කිසිදු අවසරයකින් තොරවය
- ශරීරයේ සම කෙස් ආදි ශරීර කොටස් නොදන්වාම ශරීරයෙන් ගැලවී වැටෙන්නේය
- සිතිවිලි ද නොදන්වා පැමිණෙන්නේය. නොදන්වාම පිටවන්නේය
- ඉපදීම මරණය වුවද එය එලෙසමය, නොදන්වා නොසිතූ මොහොතක සිදුවන්නේය
- කෙසේ නම් මෙම කසල කුඩුම්බිය මම වන්නේද? මගේ වන්නේද? විදර්ශනාව පිණිසය...
දුර්වලතාවය
- සොබා දහම තුළ පළමුවෙන් ගොදුරු වන්නේ දුර්වලයාය
- මානසික දුර්වලතාවය ඇත්තා පහසුවෙන් සසරේ ගොදුරක් බවට පත්වන්නේය. නිර්වාණය මගහැරෙන්නේය
- කායික දුර්වලතාවය මානසික දුර්වලතාවයේ ප්‍රතිඵලයකි
- සියලු දුක උරුම වන්නේද මානසිකව දුර්වලයාටය. මානසික පීඩාව, ආතතිය මෙන්ම අන් අයගේ වහලෙකු බවටද පත්වන්නේය. තවද මරණින් මතු සතර අපායවල ද උපදින්නේය
- මානසිකව ශක්තිමත් රහතුන් වහන්සේලාට මානසික පීඩාවක් නැත. උන්වහන්සේලාගේ බඩගින්න ආදී කායික පීඩාවද සමනය කරන්නේ අන් පිරිසක්ය
- උන්වහන්සේලා මේ ලෝකයෙහි සැපෙන්ම ජීවත්වී නිර්වාණ සැපයට ද ළඟාවේ
- මානසික ශක්තිය දිනෙන් දින වර්ධනය කළ යුතුය. සෘජුවිය යුතුය. දැඩි විය යුතුය
- මහා සුළඟින් අකම්පිතව සිටින ගල් පර්වතයක් සේ ශක්තිමත්ව වාසය කළ යුතුය. අටලෝ දහම තුළ අකම්පිත සිතක් ඇතිකර ගත යුතුය. වීරිය පිණිසය...
බඩගින්න
- දිනපතා බඩගින්න ඇතිවන ශරීරයක් ඇත. එක් වතාවක් නොව කිහිප වතාවක් ලෙසද අඛණ්ඩව ජීවිත කාලය අවසන් වනතුරු ද මෙම මහත් වූ පීඩාව පවතී
- කිසිසේත් බඩගින්නට වංගු ගැසීමක් කළ නොහැක. එක් වේලක් මගහැරුණොත් ක්ලාන්තය, දෙවේලක් තුන් වේලක් මගහැරුණොත් රෝගය, ඊට වැඩි වුවහොත් මරණය වුවද සිදු විය හැක
- ඉගෙනීම කළ යුතුය. රැකියාවක් කළ යුතුය. දුක් මහන්සියෙන් හම්බ කළ යුතුය. අවසන් ප්‍රධාන අරමුණ ද බඩගින්න නිවීමයි
- මෙය කරදරයක්, ලෙඩක් ලෙස පිලි නොගැනීම සාංසාරික ලෙස දුකට හුරු වීමේ ප්‍රතිඵලයකි
- ආහාර ලබාදීමේ ස්වාධීනත්වයක් අපට නැත. බොහෝ සීමාවන් පවතී (සරිලන ලෙස පිසීම, දිවෙහි රුචිය, රෝග, මිල, ප්‍රමාණය ආදී ලෙසය)
- අඩු වුවහොත් මන්දපෝෂණයකි. වැඩි වුවහොත් රෝගයකි
- ආහාර සෙවීම ඇමක් ලෙස ස්වභාව දහම තුළ ක්‍රියාත්මක වේ. බොහෝවිට ජීවිතයද තොරවේ (මුවෙක් ආහාර සොයා යෑමේදී ගොදුරක් බවට පත්වීම)
- බඩගින්න යනු සුව නොවන රෝගයකි. මහත් වූ දුකකි පීඩාවකි. වහල් භාවයකි. විදර්ශනාව පිණිසය...
අසරණකම
- කාර්යබහුලකම, වැඩ අධිකකම, දේපොළ, වතුපිටි, ළමයින්, ලෝකය දෙස බලා සිටින අප තුළ අසරණකම ගැඹුරේ සැඟවී පවතිනු ඇත.
- තරුණ ජවයට, නිරෝගී කමට, හැකියාවට, රැකියාවට, ලස්සනට මුවා වී ද අසරණකම පවතිනු ඇත
- ආයුෂය අහිමිවන විට ලස්සන අහිමිවන විට හැකියාවන් අහිමිවන විට අසරණකම ක්‍රමානුකූලව ඉස්මතු වනු ඇත
- අහිමි වූ නිරෝගිකම කිසි දිනක නැවත පැමිණෙන්නේ නැත. සුන්දර අතීතය මතකයක් පමණක් වී ඇත. පෙර ළඟ සිට සැනසූ මව, පියා, ස්වාමිපුරුෂයා, බිරිඳ කිසිවෙක් ගෙන් පිහිටක් නැත
- එවිට ඉකි ගසා ඇඬීමම මිස කල හැක්කක් නොමැත. මරණය එක් පසෙකින් අත වනනු ඇත. එක් පසෙකින් අතීතය මෙනෙහි වනු ඇත
- කළ අකුසලයන් විටින් විට මතකයට එන විට නොදැවී දැවෙනු ඇත
- අවදානම ඒකාන්තයෙන් පැමිණෙනු ඇත. සූදානමින් සිටින්න...
නිරය
- බුද්ධ දේශනාවේ සඳහන් නිරය යනු ඔබ අප දීර්ඝ කාලයක් අති විශාල දුකක් විඳි ස්ථානයකි
- නොදන්නාකම නිසා සිදුවන සුළු ක්‍රියාවක් වුවද නිරයට යාමට ප්‍රමාණවත්ය
- වද හිංසා පමුණුවන නිරය යනු වධකාගාරයකි
- බොහෝ දෙනෙකුගේ අදහස නිරය යනු දරුවන් නලවා ගැනීමට ගෙතු බොරුවක් ලෙසය. එහෙත් ඉර හඳ යම්සේ දිස් වේද එලෙසම නිරය සත්‍ය වේ
- නිරයේ දුක් හා සසඳන විට අපට ඇති ලොකුම දුකක් වුවද ඇල්පිනිති තුඩක් තරම්වත් නොවන්නේය
- අපට පැමිණෙන දුක්, මානසික තැවුල් ඉතා කුඩාය. නිරයෙහි දුක ඉතා විශාලය. අප තවම නිරයට වැටී නැත්තේය යැයි සිතමින් ඒම දුක්, මානසික පීඩාවන් යටපත් කළ යුතුය
- ඔබ අප සිටින්නේ සුන්දර ලෝකයක නම් නොවේ. කුඩා අතපසුවීමක් බොහෝ ආදීනව ගෙන දේ. සමාවක් අනුකම්පාවක් කිසිසේත් නොමැත
- නැවත නිරයට නොයෑම පිණිස කළයුත්ත කළ යුතුය. නොකළ යුත්ත නොකළ යුතුය
- නිරය දුක මෙනෙහි කරමින් ආතාපි වීරියෙන් මාර්ගය වඩා සසර ගමන අවසාන කළ යුතුය. සසර බිය ඉපදවීම පිණිසය...
දේපළ
- ජීවත් වීමට නොයෙකුත් දේ රැස්කිරීම ස්වභාවයයි. ඒවා සඳහා පනවා ගත් වටිනාකම් පවතී
- නොපෙනෙන කාරණය නම් එම පනවාගත් වටිනාකමේ ප්‍රමාණයට නොයෙකුත් ප්‍රභේද සහිත දුකක්ද අන්තර්ගත වීමයි
- එම දුක අනාගතයේ නොයෙකුත් ආකාරයෙන් විඳීමට සිදුවනු ඇත
- තමා සන්තක දේපලක් ඇත්නම්, ගැනීමට පෙර සිදුකළ වෙහෙස පටන් නඩත්තුව, ආරක්ෂා කිරීම ආදී බොහෝ දුක් විඳීමට සිදුවනු ඇත
- යම් සිදුවීමකින් අහිමි වනු ඇති නම් එවිට දැනෙන දුක අල්ලා ගත් ප්‍රමාණය තරම්ම විශාලය
- බොහෝ විට එහි අයිතිය පිළිබඳ මාන්නයක් ද, වෙනත් නොයෙකුත් ප්‍රභේදයෙන් යුත් කෙලෙස් ද ගොඩනැගුණු ඇත
- හොඳින් බලන විට වත්කම් ලෙස ගොඩනගාගෙන ඇත්තේ කෙලෙස් ගොන්නක්ය. දුකක්ය
- තම දේපළ ඇත්තේ හේතු ඇතිතාක් පමණි. හේතු බිඳීමත් සමග නැතිවී යනු ඇත. දේපළ ලෙස පැවති ඇත්තේ මානසික මුලාවක් පමණි. විදර්ශනාව පිණිසය...
මානසික පිළිබිඹුව
- අම්මා යනු මානසික පිළිබිඹුවකි
- මව මුලින්ම දැකපු මොහොතේ සිට ඇය සම්බන්ධයෙන් ඇසට වැටුණු වර්ණ, කණට ඇසුණු ශබ්ද, නාසයට දැනුණු සුවඳ, දිවට දැනුණු රස, ශරීරයට ලැබුණු පහස අනුබද්ධයෙන් මව නැමැති මානසික පිළිබිඹුව සකස් වී ඇත
- මෙම පිළිබිඹුව තම අත්දැකීම් සහ මතකයන්ගෙන් බොහෝ ශක්තිමත් වී බිඳිය නොහැකි මානසික සංඥාවක් බවට පත්වී ඇත
- යම් හෙයකින් මව මිය ගියහොත්, සහ එය නොදන්නා තාක් දුක දැනෙන්නේ නැත. හේතුව උක්ත මානසික පිළිබිඹුවට හානියක් සිදු නොවූ බැවිනි
- බොහෝ කාලයකින් පසු හෝ එය දැනගත් මොහොතේ ඉහත මානසික පිළිබිඹුවට හානි සිදුවේ
- එවිට, එම මානසික පිළිබිඹුව කොපමණ ශක්තිමත්ද, එපමණ දුකක් ඇතිවේ
- මව යනු මානසික පිළිබිඹුවක් සහ රැවටීමක්ම මිස, එය බාහිර ඇතැයි වැටහීම මහත් වූ මුලාවකි
- අනෙකුත් සියලුම පුද්ගලයන් සම්බන්ධව ද සියලු භෞතික දේ සම්බන්ධව ද එය එසේමය
- සියල්ල මානසික වූ මුලාවකි. එපමණකි. ගැඹුරු විදර්ශනාව පිණිසය...
භුක්තිය
- බොහෝ මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් රැස් කිරීම සිදුකර
- නොදන්නා කාරණය වන්නේ එම රැස්කිරීමේ ප්‍රමාණයට සාපේක්ෂව එම ප්‍රමාණයේ කර්මයක්ද රැස්වන බවයි
- රැස්කළ සියල්ල දමා ගියත් රැස්වූ කර්මය රැගෙන යාමට සිදුවේ
- තවද රැස්කිරීම දිගටම සිදුකරන අතර රැස්කළ සම්පත් යම්කිසි දිනක තම හිත මිත්‍රයන් හා නිදහසේ පාරිභෝජනය කළ හැකි යැයි දෘෂ්ටියක් පවතී
- කිසි දිනෙක සිදු නොවන එය හුදෙක් දෘෂ්ටියක්ම පමණි
- ආදීනව ලෙස ප්‍රේත භූත ලෝක උරුම විය හැක
- රැස්කිරීම කෙසේ වෙතත් රැස්කළ දේ සම්බන්ධයෙන් මනස හිස් කිරීම නුවණැති ක්‍රියාවකි
- රැස්කිරීම භුක්තිය පිළිබඳ සමතුලිතය හොඳින් හඳුනාගත යුතුය. දෘෂ්ටීන් ඉවත් කළ යුතුය. විදර්ශනාව පිණිසය...
මරණානුස්සතිය 3
- තුන් ලෝකයක් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ද, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද, මහ රහත් උතුමන් වහන්සේලා ද අතීතයේ සිටි සක්විති රජවරුන්ටද මරණය උරුම වූයේය
- එසේම තමන්ට පමණක් නොව තමන් ඇසුරු කරන ඥාති හිත මිත්‍රාදීන්ද මරණයට ගොදුරු වූ වරෙන්තු කරුවන්ය
- ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක වරෙන්තුව ක්‍රියාත්මක විය හැක
- පෙර ඇති වූ සියල්ලෝම මැරෙනවා යන හැඟීම සාක්ෂියක් කොටගෙන තමන්ද ඒ ධර්මතාවය ඒකාන්තයෙන් සිදුවන බව භාවනාවෙන් පසක් කරගත යුතුය
- “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේය ජීවිතීන්ද්‍රිය සිඳී යන්නේය යනු අර්ථයයි
- බොහෝ අනුහස් ඇති මරණානුස්සතිය හැකි උපරිම ශක්තිය යොදා වඩනු සුදුසුය... නිවන් මග බොහෝ ඉක්මන් වනු ඇත....
මරණානුස්සතිය 2
- යමෙක් මරණසතිය වඩන්නේ නම් ඔහු නිවනට බැස ගත්, නිවන කෙළවර කොට ගෙන ඉන්නා අයෙක් බව තථාගත දේශනාව ය
- මරණයට මුහුණදීම පමණක් නොව, සදාකාලිකවම මරණයෙන් මිදිය යුතුය යන ඥානය ඇති කරවීම ද අරමුණකි
- එයින් ඔබට මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය, යනුවෙන් සිහියක් මෙන් ම ලබා ඇති නිස්සාර ජීවිතය ගැන සංවේගයක් ද ඇති වන්නේ ය
- මේ නැවත නැවත මැරි මැරී යන සසර ගමනෙන් මිදිය යුතු බවට පෙර නො තිබූ ඥානයක් ඇති වන්නේය
- කයෙහි (රූපයෙහි) මෙන් ම වේදනා, සංඥා ආදියෙහි ආදීනවය ම මනසිකාරය වන්නට පටන් ගන්නේය
- එයින් ආශ්වාදය බිඳ ආදීනවය ම ප්‍රකට වන්නට පටන් ගන්නේ ය. එයින් නිස්සරණයේ පිහිටන්නේ ය
- ඇති තතු දැකීමෙන් ආර්ය භාවයට පත් ව නැවත භවයකට වූ තණ්හාව දුරු කර චුති චිත්තය සමග නිවී යන්නේ ය. එනිසා සියල්ලෝ ම අප්‍රමාදී ව මරණසතිය වඩත්වා...
මරණානුස්සතිය
- මරණානුස්සතිය සිදු කළ යුතු, බොහෝ ආනිසංස ඇති භාවනාවකි. කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාන හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුන යි
- කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතු ද ?
- හුදු ඒකාන්තවම මැරෙන බව දැකීමට ය
- අවසානයේ දී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලික ව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දීමෙන් අර්ථයක් නැති බව දැකීමට ය
- කෙළවරක් නැති ව ජීවිත තරඟයක ඉන්නේ ඵලක් නැති කයක් පෝෂණය කිරීමට බව දැකීමට ය
- අවුරුදු 60ක් හෝ 70ක් වන තාවකාලික ජීවිතයේ අර්ථයක් ඇත්දැයි කල්පනා කිරීමට ය
- මරණින් මතු යන්නට ඇති කෙළවරක් නොපෙනෙන, පිහිටක් පිළිසරණක් නැති සසර ගැන දැකීමට ය. මරණානුස්සති භාවනාව පිණිසය...
මාන්නය
- මාන්නය යනු සසර පැවැත්ම ශක්තිමත් කරන අති ප්‍රබල ධර්මතාවයකි. අනවබෝධයේ ප්‍රමාණයට ක්‍රියාකාරකම්වල මාන්නය මිශ්‍ර වේ
- පෘථග්ජන සිතකට, කතා කිරීම, කතා නොකිරීම මාන්නයයි
- තම තතු නොපැවසීම මාන්නයයි. තම තතු පැවසීමද මාන්නයයි
- හිඳගෙන සිටීම, සිටගෙන සිටීම, නිදාගෙන සිටීම මාන්නය යි
- කුමන උත්සාහය දැරුවත් අනවබෝධය පවතී නම් ක්‍රියාකාරකම් තුළ මාන්නය මිශ්‍ර වේ
- මාන්නයෙන් තොරවීමට දරන උත්සාහයද මාන්නයක් වෙයි
- තමන්ට මාන්නයක් නැතැයි මාන්නයට පත්වේ
- මාන්නයෙන් තොරවීම වෙනුවට අවබෝධයන් දියුණු කළ යුතුය
- එවිට, අවබෝධය සමග ක්‍රියාකාරකම්වල මිශ්‍රිත මාන්නයේ ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩුව ගොස්, භව නිරෝධය සමඟ මාන්නය ද නිරෝධ වේ. විදර්ශනාව පිණිසය...
සම්භාවිතාව
- "බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ"
- ඉතා සංවේගය දනවන ඉහත තථාගත පණිවිඩය අනමතග්ග සංයුත්තයහි ගංගා සූත්‍රයෙහි සඳහන් වේ
- එම කාලය පුරා අප ද සසර ගමනේ කොටුවී සිටියෙමු. සැප විඳිමින් නොවේ. දුකම විඳිමින්ය
- බුදුවරු බොහෝ මුණගැසුණත් ඒ සෑම අවස්ථාවකම අපගේ නිවන මගහැරී ඇත
- නැවත විමර්ශනය කළ හැකි නම් ඒවා පහත ලෙස වර්ග කළ හැක
- සිතෙහි දුර්වලතා නිසා, මව නිසා, පියා නිසා, දරුවන් නිසා, ඥාතියෝ නිසා, පෙම්වතා නිසා, පෙම්වතිය නිසා, ස්වාමිපුරුෂයා නිසා, භාර්යාව නිසා, රෝග පීඩා නිසා, ස්වභාවධර්මය නිසා ආදී ලෙසය
- සියල්ල සිදුවී හමාරය. මේ ජීවිතයේ එසේ වීමට ඉඩ දිය නොහැක
- තමා සතු සියලු ශක්තිය යෙදවිය යුතු අවස්ථාව එළඹ ඇත. සංවේගය පිණිසය...
දරුවන් සහ දෙමාපියන්
- දරුවන් සහ දෙමාපියන් යනු එක් ජීවිතයකට අනන්‍යවූ, සංසාර පැවැත්මට සැකසුණු ධර්මතාවයකි
- බොහෝ පිරිසකට නිවන මගහැරුනේ මෙම ධර්මතාවය නිසාය
- ආදරය, සෙනෙහස, දරු කැක්කුම ආදී ලෝක ධර්මතා දෙමව්පියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට සැකසී ඇති මුලාවන්ය
- දරුවන් සහ දෙමව්පියන් ලෙස බැඳීම පවතින්නේ ජීවත් වනතුරු පමණි
- දෙමාපියන් දරුවන් මෙසේ විය යුතු යැයිද, එසේ නොවන විට ගැටුම්ද පැවතීම ස්වභාවයයි
- දරුවන් හා බැඳීම භයානකය. විශේෂයෙන් දෙමාපියන්ට මරණින් මතු බොහෝ විට ප්‍රේත භූමි උරුම වන්නේ මේ නිසාය
- උප්පත්තිය ලබා දුන් නිසා මවය, පියාය. එසේ බලන විට කර්මය, ආහාර, හිරු එළිය සහ සොබා දහම ආදී සියල්ල ම අපගේ මව්වරුය, පියවරුය. මෙය දියුණු කළ හැකි විදර්ශනා පැතිකඩකි
- කෙසේ නමුත් මෙම බැඳීම් නොබෝ කලකින් සොබාදහමින් ඒකාන්තයෙන් වෙන් කරනු ඇත. වෙන් කිරීමට පෙර මානසිකව වෙන්ව සිටීම නුවණැති ක්‍රියාවකි. විදර්ශනාව පිණිසය...
බැටරිය
- සංසාර යනු ෆෝන් එකක් උපමා කළ හැකිය
- එක් ජීවිතයක් යනු නොදන්නා බැටරි ලෙවල් එක බසින තුරු ෆෝන් එකක් පාවිච්චිය වැනිය
- එය තුළම ඇතිවන නොයෙකුත් කර්මයන්ගෙන් ආරෝපණය වන අතර එමගින්ම එය පණ ගැන්වෙයි
- ලෝකය දෙස ඇස කන දිව නාසය ශරීරය ඔස්සේ ලෝකය බැලීම ෆෝන් එක බලනවා වැනිය
- මෙය සංඥාවක් ලෙස සකසා ගත් විට ෆෝන් එකෙහි බැටරි බහින විට අපේ ආයුෂ ද මේ ආදී ලෙස පෙනෙනු ඇත
- තප්පරෙන් තප්පරය, පැයෙන් පැය, දිනෙන් දින, මාසය අවුරුද්ද, දස අවුරුද්ද ආදී වශයෙන් ඉතා වේගයෙන් කාලය ගතවේ
- අපගේ ප්‍රතිපදාව වෙන අයෙකු පැමිණ කර දෙන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අප නොදන්නා කරුණු බන්දේසියක දමා අයෙක් පැමිණ පිළිගන්වන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අපේ ප්‍රතිපදාව පිළිබඳව අපම වඩා සංවේදී විය යුතුය. විදර්ශනාව පිණිසය...
නිදහස් වීම
- බොහෝ පිරිස් නිදහස්වීම අපේක්ෂා කරයි. එම නිදහස්වීම බොහෝවිට සිරගත වූ පුද්ගලයෙක් සිරගෙය මාරු කිරීම වැනිය
- එක් තැනකින් නිදහස් වී තවත් තැනක සිරවීම සිදුවේ. පෘථග්ජන සිත එක් සිර ගෙයක සිට අනෙක් සිර ගෙයක නිදහස ඇතැයි අපේක්ෂා කරයි
- නිදහස්වීම සාපේක්ෂය. සිරෙන් නිදහස් වූ පුද්ගලයාට කරදරවලින් නිදහස් වීමේ දුක ඇත
- කරදර වලින් නිදහස් වූ තැනැත්තාට දරුවන්ගෙන් හෝ පවුල් බරින් නිදහස් වීමේ දුක ඇත
- පවුල් බරින් නිදහස් වූ විට මළ මුත්‍ර ජරාවට පත්වීම ආදී ශරීර බරින් නිදහස් වීමේ දුක ඇත. එයට සමගාමී ලෙස මානසික දුකින් නිදහස් වීමේ දුක ඇත. විසඳුමක් නොමැත
- නමුත් විය යුත්තේ මම නැමැති දෘෂ්ටියෙන් නිදහස් වීමයි. හේතුව සංසාරය උසුලා සිටින්නේ අති ප්‍රබල ධර්මතාවයක් වන මම නමැති දෘෂ්ටියයි
- එවිට ඉහත කී සියල්ල එකින් එකින් නිදහස් වනු ඇත. අවසානයේ සංසාර ගමනින් නිදහස් වනු ඇත. විදර්ශනාව පිණිසය...
නිශ්ශබ්දතාවය
- නිශ්ශබ්දතාවය යනු හොඳම ශබ්දයයි
- සින්දුවක් ඇසීම ආදිය සැපක් වන්නේ සාපේක්ෂව නිශ්ශබ්දතාවය දුක වූ නිසාය
- සින්දු ඇසීමෙන් විඩාවට පත් වූ විට නැවත නිශ්ශබ්දතාවය සැපක් වේ
- එනම් මෙහි සැප දුක අන්ත මාරුවීමක් සිදුවේ
- සිත යනු දීමෙන් තෘප්තිමත් වන ධර්මතාවයක් නොවේ
- ලෝකය තුළ සැප සොයා යාමෙන් සිදුවන්නේ අන්ත පෙරළීම පමණි
- එම නිසා සැපයට තුඩු දෙන හේතූන් සොයා බැලිය යුතුය. ඒවා නිරෝධ කළ විට සිත තෘප්තිමත්භාවයට පත්වෙයි. විදර්ශනාව පිණිසය
කූඩැල්ලා
- එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි.
- වටිනාකම පවතිනතුරු ගමන නොනවතී.
- අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබරවේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී.
- අල්ලාගෙන ලෙස පෙනුනද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත.
- සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත.
- වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ.
- වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ.
001. පැහැදිලි කිරීම
- ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි.
- නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි...
- එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි.
- කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන . විපාක වාරයන් ය.
- මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි.
- දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි....🙏🏻🙏🏻🙏🏻
- මෙම පැහැදිලි කිරීම් ද සාපේක්ෂවන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම් ද ඇති බව සලකන්න...!
002. පැහැදිලි කිරීම
- මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි...
- සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ..
- ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ...
- ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ.
- එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, . නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක..
- ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි...
- ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි.
- ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
- ගුණයන් පමුණුවා ගනිමින් සාසනය තුළ රැඳීම අගනේය...
003. පැහැදිලි කිරීම
- වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ....
- අරමුණ සැපය නම් නිවැරදි අරමුණ නිවන වනු ඇත.
- වරදයෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි..
- මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ.
- බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ..
- මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ...
- සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ..
- එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත...
- එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
004. පැහැදිලි කිරීම
- අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
- එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
- අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
- මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
- මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
- අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
- මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත...
005. පැහැදිලි කිරීම
- අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
- එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
- අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
- මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
- මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
- අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
- මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ භවයෙහි සිත පැවතීම සඳහා හේතු සකස් නොවනු ඇත...
006. පැහැදිලි කිරීම
- ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻
- පහනකින් පහණක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක...
- එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය.
- කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත්. එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ...
- අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය...
- එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය...
- මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය...
- සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත.
- එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත..
007. පැහැදිලි කිරීම
- සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි..
- එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය...
- එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය..
- මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයක්කින් යුක්ත විය යුතුය..
- ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත..
- සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ලෙස ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ...
- මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක් ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත...
- දුරු කළ හැකි මෙම ක්ලේශ වහා වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
008. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
- පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය....
- නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි.
- පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය...
- පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය..
- සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය...
- පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත..
- ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත..
009. මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්
- ඇසින් සරලව රූප දැකීම සිදුවේ.
- එක් කෙළවරක් රූපයේ අන්තය ගනී. ජීවියෙක් වුවහොත් එහි ඇත්තේ සෘජුවම මස්ය....
- අජීවී දෙයක් ගතහොත් එය වක්‍රාකාරව මස් වලින් මස් වලින් සැකසී ඇත...
- මක්නිසාද ජීවීන් දිරාපත් වී ම, පසුව ඒවායේ කොටස් පරිසරයට එක්වීම...
- අනෙක් අන්තය මස් ඇසයි ඒය සෘජුවම මස්ය.
- එනම්, රූප දැකීම සඳහා මස් සෘජුවම හෝ වක්‍රාකාරයෙන්, අන්ත දෙකක් ඔස්සේ දායක වෙයි.
- එනම් ඇළ දොළ ගංගා දැකීමට ආශා වීම, වාහන වලට ආශාවීම, මිනිසුන්ට ආශාවීම ආදී ඕනම ආශාවක්, මස් වලටම ආශාවීමක්ය...
- මෙය හොඳින් නුවණින් මෙනෙහි කොට වටහා ගත යුතුය...
- හොඳින් වටහා ගත් විට ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කළ හැක...
010. පැහැදිලි කිරීම
- සසර බැඳීම ඇත්තේ විශේෂ අද්භූත දෙයකින් නොවේ. එදිනෙදා කරන ක්‍රියාකාරකම් තුළම සිදුවේ...
- එලෙසම නිවන ද විශේෂ අද්භූත දෙයක් නොවේ... එයද එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් තුළ සිදුකළ හැක..
- ගැඹුරින් දැකීම යනු සරලව ඒ ඒ ක්‍රියාකාරකම් තුළ ඇති ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි...
- ඒවායේ ඇති බිඳෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පලුදුවන ස්වභාවය දිරාපත් වන ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදියයි...
- මේවා ප්‍රත්‍යය කර ගැනීමෙන් නොඇල්ම නම් කාරණයක් දැක්‌මේ ප්‍රමාණය අනුව සිත අභ්‍යන්තරයේ හට ගනී...
- දැක්ම සකසා ගැනීම සඳහා ධර්මශ්‍රවණය අනිවාර්ය කාරණයකි.. එය නිවැරදි ප්‍රායෝගික ධර්මයක් විය යුතුය...
- එවන් ධර්ම දේශනා බොහෝ ඇති අතර මේ සඳහා පහත සඳහන් ස්වාමීන් වහන්සේගේ ධර්මය සාකච්ඡාද බොහෝ වටින්නේ යැයි සිතමු..
- අද ම ආරම්භ කරන්න.. ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵලද ලැබෙනු ඇත...
- බීජයක් පොළවේ රෝපණය වී විශාල ගහක් බවට පත්වේද ධර්මයත් එලෙසම වර්ධනය වීම සිදුවේ.
- තවමත් කාලය ඉතුරුව ඇත... මෙය තවත් නොවිය හැකි දෙයක් නොවේ.....
011. පැහැදිලි කිරීම
- නොයෙකුත් කුලවල ඉපදෙමින්, බුදු කෙනෙකුට පවා නොපෙනෙන අතීතයක සිට අප ගමනක යෙදුනේ වෙමු.
- ඒ අතර අපගේ ජීවිත අසාධාරණ ලෙස අහිමිකල අවස්ථා බොහෝ වේ..
- අසාධාරණ ලෙස අපගේ දේපොළ පවරා ගත් අවස්ථා ද බොහෝ වේ..
- අබ්බගාත ජීවිත ද උන්මත්තක ජීවිතද ඒ ගමන අතර අපට හිමි වී ම තිබේ...
- කොපමණ දුක් සහිතව ජීවිත එකින් එක ගෙවාගෙන ආවත් ගමනෙහි කෙළවරක් හෝ අරමුණක් අපි කිසිවෙක් දැනගෙන සිටියේ නැත..
- ඉහත ආදී නොයෙකුත් කාරණා ඔස්සේ අප සසරේ දුක් වින්දේ වෙමු..
- බුදු කෙනෙක් විසින් මේ කාරණා හෙළිදරව් කළා පමණක් නොව ඒවායෙන් මිදීමට මාර්ගයද අපට පෙන්වා දී ඇත...
- ඉදින් වත් කුමට ප්‍රමාද වන්නේ ද.....?
- වහ වහා නිවන් පිණිස වූ කරතවිය සිදු කළ යුතුය...
012. පැහැදිලි කිරීම
- ලෝකය නොයෙකුත් ආකාරයෙන් තාක්ෂණිකව දියුණු වී ඇත.
- නමුත් තවමත් සොයාගෙන නොමැති දියුණු තාක්ෂණය ලෝකය තුළ සැඟවී ඇත.
- තථාගතයන් වහන්සේ දන්නා ප්‍රමාණය ඇට්ටේරියා වනය තරම් වුවත් දේශනා කළ ධර්මය අතට ගත් කොළඹිටක් තරම් යැයි දේශනා කළේය.
- එනම් මේ සියලු තාක්ෂණය උන්වහන්සේ දැන නොසිටියා නොවේ.
- තාක්ෂණික සොයා ගැනීමක් යනු ඇත්ත වශයෙන්ම කෙළවර වන්නේ අන්ත වූ දුකකිනි.
- මෙවැනි සොයා ගැනීම් නිසා මාන්නයට පත්වන අතර මෙලොව පරලොව වශයෙන් කර්ම පොදි ගසා ගනී...
- මෙම කිසිම තාක්ෂණික සොයාගැනීමක් දුකෙහි මූලය වන ජාතිය ජරාව ව්‍යාධිය මරණය වැළැක්විය නොහැක.
- සියලු තාක්ෂණය පිළිබඳ දැනුවත් වුවත් තථාගත දේශනාව, ඒකාන්ත සැපයට ප්‍රත්‍ය වන දුකෙහි මූලය සඳහාය, එනම් නිවන සඳහාය...
013. ලේ පිපාසය
- හොඳ අධ්‍යාපනයක්, මිල මුදල්, ලස්සන හැකියාව ආදීය සඳහා වැඩි වටිනාකමක් පවතී. මේවා ලබා ගැනීම යනු මහත් වූ දුකක ප්‍රතිඵලයකි.
- උදාහරණයක් ලෙස සින්දුවක් ඇසීමේදී හොඳින් සිංදු කියන කෙනා සඳහා ඉල්ලුම වැඩිය.
- හොඳින් සින්දු ගායනය යනු මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. එනම් අන්තර්ගතය දුකකි.
- දුක් විඳීමේදී ලේ පිච්චීම සිදුවේ. එම නිසා ඇත්තෙන්ම කැමැත්ත ඇතිවී ඇත්තේ ලේ පිච්චීමටය.
- එනම් කැමති වන්නේ ගීත රසයට නොව, අනුන්ගේ දුකටය, ලේ පිච්චීමටය. අප නොදන්නවා වුවත් එහි ඇත්තේ ලේ පිපාසය ය...
- සරලව අප කැමති වන්නේ අනිකාගේ දුකට ය. අන් ආකාරයෙන් ඇතිවී ඇත්තේ ලේ පාසයය ය.
- හොඳින් විදර්ශනා කරන්න හොඳින් දකින්න ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කරන්න...
014. ප්‍රවේසම
- දහම් මඟ ඉතා අපහසු එකක් නොවේ. නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම, ඒ අනුව ජීවන රටාව ධර්මානුකූලව වෙනස් කර ගැනීම තුළින් නොදැනුවත්වම ධර්මයෙහි පරිණත වීම සිදුවේ. මග ඵල ස්පර්ශ කළ හැකිවේ..
- එය එසේ වුවත් එයට ලොකුම පළිබෝධයන් විය හැක්කේ ලගින්ම ආශ්‍රය කරන පිරිස ය.
- තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පවුල දෙමාපියන් දූ දරුවන් ඥාතීන් හිතවතුන් ආදී ඕනෑම කෙනෙක් පලිබෝධයක් විය හැක. ආයතන පරිහරණය වන්නේ ඒ අය සමග බැවිනි..
- එක් එක් අය සම්බන්ධයෙන් වෙන වෙනම සිතුවිලි සන්තති ක්‍රියාත්මක වන අතර එමඟින් සිත කාර්යබහුල බවට පත්වේ... මානසික නිදහස පටුවේ... නිවන් මඟ ඇසිරීමේ ඉඩකඩද පවතී.
- තත්ත්වය මෙසේ වුවත්, . තමන්ට ගැටළු 1000 ඇත්නම් 999 කිරීමට යත්ම දැරිය යුතුය. එවිට කාලයත් සමඟ ප්‍රශ්න නිරාකරණය වනු ඇත. අලුතෙන් ප්‍රශ්න දමා ගැනීම කිසිසේත් නොකළ යුතුය.
- ඉහත කාරණයේ ප්‍රතිඵලයක් ලෙස සිතෙහි ප්‍රීතිය නිදහස මතු කර ගත හැක. නිර්වාණ දොරටුව විවෘත කර ගත හැක..
015. දෙබිඩි ජීවිතය
- දහවලේ නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වන අප රාත්‍රී කාලයේ ගිලන්වේ..
- රාත්‍රී කාලයේ කායිකව ගිලන් වන අතර සිටගෙන සිටීමට පවා නොහැකිව ඇඳක් තුළ වැතිරීමට සිදුවේ...
- උදෑසන විට නැවත ගිලන් ඇඳෙන් අවදිවන අප නැවත රාත්‍රියෙහි ගිලන් බවට පත්වේ..
- ජීවිත කාලයම මෙම රෝගයෙන් පෙළෙන අප රෝගයක් දෙස හෝ හඳුනා නොගන්නේ සසර එතරම් සැඩ පරුෂ නිසාය...
016. කිසිම සමාවක් නොමැත
- ලෝක ස්වභාවය ධර්මතාවයක් බැවින් කිසිම අනුකම්පාවක් නැත.
- හේතු යම් සේ සැකසේද අදාළ පලය එලෙස වේ. ඒ අනුව ඊට අදාළ කාරණා සිද්ධවේ.
- උදාහරණයක් ලෙස cancer එකක් ලොකු පොඩි භේදයකින් තොරව ඇතිවේ.
- සසරට වැටුණහොත් කිසිම අඩු වැඩියක් නොමැතිව අදාල කාරණාවල ආකාරයට ප්‍රතිඵල සකස් වෙයි.
- අපට ඒය වේදනාවක්ද නැද්ද යන බව සොබා ධර්මයට නොදැනේ. කිසිම අනුකම්පාවකින් තොරව ක්‍රියාත්මක වේ.
- මව හෝ පියා හෝ ඝාතනය වුවහොත්, එය තත්පර කිහිපයක කාරණයකි. නමුත් ගෙවීමට ඇති දුක අප්‍රමාණ අතර කාලයද අපට සිතා ගත නොහැකි හැකි තරම් විශාල වේ. මෙහි ඇති බිහිසුණු බව වචනවලින් ප්‍රකාශ කළ නොහැක.
- මේ ආකාරය නොයෙකුත් අසාධාරණකම් සසර තුළ ගැබ්වී ඇත.
- එම නිසා ඉතා ඉක්මනින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය.
017. කැමැත්ත
- වටිනාකම නිසා කැමැත්ත ඇතිවෙනවා නොව කැමැත්ත නිසා වටිනාකම ඇතිවේ...
- කොපමණ කැමැත්තක් පවතීද, එපමණ ප්‍රමාණයක දුකක්ද පවතී...
- උදාහරණයක් ලෙස පින්පල් එක, කුරුලෑව විසප්පු ආදී විවිධ නම් අනුව වටිනාකම වෙනස් වෙයි...
- එම නිසා, තමන්ගේ කැමැත්ත පාලනය කිරීම සඳහා ඒ දෙස දකින ආකාරය බොහෝ උපකාරී වේ...
- මේ ආකාරයෙන් මුල් අවධියේ සිත මෙල්ල කළ යුතුය.. සිතේ දුර්වලතා හඳුනාගත යුතුය... සිතෙහි පවතින නොයෙකුත් ලක්ෂණ හඳුනාගත යුතුය...කාලය සමඟ සිතේ සමාහිතභාවය ඇතිවේ..
- වටිනා කාලය අපතේ නොයවන්න...
- මරණය ඕනෑම අවස්ථාවක පැමිණිය හැක...
- එම නිසා, අද අදම ඉන්නා තැනින් ඉහළට එසවීම සඳහා වීරිය කරන්න..
018. වහල් භාවය
- 365 දවසෙම ජීවිතය පුරාවටම. උදේට දවල්ට හවසට ආහාර ලබා දිය යුතුය. වැඩිදුරටත්, මිලදී, සකසා ලබාදිය යුතුය
- විටින් විට ජලය ලබාදිය යුතුය
- මළ මුත්‍ර පිටකළ යුතුය
- පිරිසිදු කළ යුතුය ඇඟ සෙදීම, මුහුණ සේදීම, නෑම, ආදී වශයෙනි
- නඩත්තු කළ යුතුය. නියපොතු කැපීම, කොන්ඩේ කැපීම, රැවුල කැපීම, දත් මැදීම ආදී වශයෙනි
- මේ ආදී වශයෙන් අප ජීවිත කාලය පුරාම වහලෙක් ලෙස ජීවත් වුවත් ඒ බව නොපිළිගනියි. එය තවත් වහල් භාවයකි
- මේ කය අනුබද්ධයෙනය. තවත් වහල් භාවය බොහෝය. හොඳින් විදර්ශනා කර වටහාගන්න
- කෙලිස් නැසීම පිණිස භාවිතා කරන්න
019. අසූචි ගොඩක ඇති කඩල ඇටය
- රාගය යනු සත්වයා සසරට බැඳ තබන ඉතා ශක්තිමත් හුයෙකි.
- කොපමණ වින්දනය කලත් කෙළවරක් නැත්තේය...
- කීර්තිය, ධනය, කාලය, නඩු හබ ආදිය සහ තම ජීවිතය හෝ අවසාන වශයෙන් නිවන පවා අහිමි කළ හැක.
- රාගය ඉතා කුඩා තත්ත්වයේ සිට මහා විශාල Tornado තත්ත්වයක් දක්වා දරුණු විය හැක...
- රාගයෙහි වින්දනය අසූචි ගොඩයක ඇති කුඩා කඩල ඇටයක් තරම් දෙයකි.. අසූචිය පිහිදා ගඳ උසුලා ආහාරයට ගන්නා මෙනි...
- ප්‍රත්‍යක්ෂයේ ඉදිරියෙහි හොඳින් දමනය වෙන රාගය මැඩලීම සඳහා පිළිකුල අසුභය ආදී නොයෙකුත් සංඥා මරණානුස්සතිය ආදීනව අසාර භාවය නිරතුරුව මෙනෙහි කළ යුතුය...
- හරයක් නොමැති රාගය පසුපස ගොස් මුලා නොවන්න..
020. මතකය
- නිරතුරුව සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය.. . සසර ගමනට යම් හේතුවක් හැදෙනවා නම් එම ක්‍රියාව වැරැද්දක්ය.
- සසර ගමන වැළැක්ම පිණිස යම් ක්‍රියාවක් හේතු වෙනවා නම් ඒය නිවැරැද්දක්ය. මේ වැරැද්දේ සහ නිවැරැද්දේ නිරුක්තියයි.
- වැරැද්දක් කිරීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී. සසර පුරුද්ද ද එය බැවිනි.
- නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ඉතා බරපතල කාරණයකි.. එම මතකය රිය සක ලෙස මිටින් විට මතුවෙමින් පසුපසම හඹා එයි....
- මරණ මොහොතේදී එම කාරණය එළඹුනහොත් සිදුවන්නේ විනාශයකි. මෙය සෘජුවම චුති සිත හා බැඳී පවතී.. සුළු කොට නොසලකන්න..
- මනසට වද දෙන එම මතකය ඉවත් කිරීමට කිසිම විශ්මිත ක්‍රමයක් නැත.
- එම මතකය ඉවත් කිරීමේ හොඳම ක්‍රමය වැරැද්ද නොකර සිටීමයි.
- තමන්ගෙන් වැරැද්දක් නොවීමට වග බලා ගන්න... මෙලොව පරලොව සැනසීම ලැබෙනු ඇත.
021. නිරෝගීකම
- සෑම ලෞකිකයක්ම නිරෝගීකම කෙළවර වන තුරුය..
- කාමයන් පසුපස හඹා යන මිනිසුන් නිරෝගීකම නැති වූ විට මහත් සේ පීඩාවට පත්වේ, කනස්සල්ලට පත්වෙයි..
- නිරෝගී කමද අතීතයේ එක්තරා හේතුවක ප්‍රතිඵලයකි.. ධර්මයට ආයෝජනය බොහෝ ආනිසංස වේ..
- මතක තබා ගන්න, නිරෝගීකම සැමදාම නොපවතී. ධර්මාවබෝධයට ද ඉතා වැදගත් කාරණයකි.
- නීරෝගී කම ඇතුළු සියල්ල සම්පූර්ණ වූ මේ මොහොතේ ඉතා ඉක්මනින් නිවන් දැකීමට උක්ත වූ කටයුතු සිදුකළ යුතුය...
022. දිවීම සහ දැවීම
- ඉපදුන දා සිට නොයෙකුත් අරමුණු ගනිමින් ඒවා පසුපස දිව්වේ වෙමු.
- අරමුණු වෙනස් වූවා මිස, Target අලුත් වූවා මිස දිවිල්ල නතර වූයේ නැත..
- අරමුණක් නැතිනම් අරමුණක් නැති බව හෝ අරමුණක් කර ගැනීම මනසේ ස්වභාවයයි.
- අරමුණ විය යුත්තේ සිත අරමුණු ගන්නා ස්වභාවය හඳුනාගැනීමයි.. එය දිවීම නතර කිරීමේ හොඳම ආරම්භයයි..
- පුද්ගල ස්වභාවය ක්ෂය වීම මගින් දිවීම මන්දනය වේ. අරමුණු හඳුනාගැනීමේ ස්වභාවය අරමුණ බවට පත්වෙයි.. එය දිවීම සහ දැවීම දුරුවීමේ ආරම්භයයි...
- නොපසුබට උත්සාහයෙන් ප්‍රතිපදාවේ නිරත වෙන්න. අඛණ්ඩත්වය පවත්වාගන්න.
- නිර්වාණය බොහෝ දුරක, ඈතක නොවේ...
023. කන්නාඩිය
- දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි.
- මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය
- -ස්පර්ශ කළ නොහැකිය,
- -එයින් හඬක් ද නැත
- -ගඳ සුවඳක් නැත
- -රසයක් දැනෙන්නේද නැත
- හුදෙක් වර්ණ සමූහයකි
- මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ..
- පෙනුන, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය නුවණෙහි ඇති මඳකමකි.
- අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
- ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක.
- විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී.
- තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි.
- මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි.
- නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...
024. නැවතීම
- කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ.
- නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ, ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
- නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය.
- නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක.
- ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක.
- එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත.
- සෑම දිනකම ඉන්නා තැනින් ඉහලට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
025. ගංගාව සහ ද්වයතාවය
- ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත.
- ගඟ හුදකලාව ගලා බසි.
- පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
- එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි.
- ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුනේ ද නැත.
- පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි.
- තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එක විට එකවර හටගනී. එක විට නිරුද්ධවේ.
- ජීවිතය නමැති ගංගාවේහි ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු.
026. මයිනහම
- අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි.
- සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තය ක්‍රමානුකූලව අඩුවේ.
- අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ.
- හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ.
- දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය.
- හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය.
- මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනා කමක් ද ?
- මෙහි වටිනාකම මයින හම නොඉක්මවන්නේය.
- එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ.
- ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
027. වස්තුව සහ ප්‍රතිබිම්බය
- ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී..
- උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත.
- බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක.
- එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විද ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි.
- තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි.
- අන්තර්ගතය හිස් ස්වාභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි.
- ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
028. පැහැදිලි කිරීම
- ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.
- අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
- පිළිතුරු අදහසෙහි ඇති වරදක් නැත.එහි අරමුණු ගත විදර්ශනාව අනුව එය නිවැරදිය.
- ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය.
- ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි.
- තවදුරටත් විශේෂණය කරන්න...
029. ගල
- ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි. (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
- මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටින් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි.
- ධර්ම මාර්ගයද එලෙසමය, කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ.
- එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න......
030. වටිනාකම
- බුද්ධ කාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු.
- නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක.
- පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ.
- උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත.
- කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විඩාවට පත්වනු ඇත.
- "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිදිනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කල නොහැක.
- එම වචන කිහිපය තුළ සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී.
- එය අපට වචන කිහිපයක් ලෙස පෙනුනද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිළිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න.