Report Menu
All Cards
422. බුද්ධිමත් බව
- බුද්ධිය ඇති නිසා සත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි ලෙස සක්කාය දෘෂ්ටිය බැසගෙන පැවතිය හැකිය
- එය එසේ නම් උදාහරණයක් ලෙස ගසක් තුළද පුද්ගලයෙකු සිටිය යුතුය
- ගසක ජලය, ඛනිජ ලවන ආදිය බෙදා හැරීම පමණක් සැලකුව ද එය ප්‍රශස්තව ස්වංක්‍රීයව සමබරව බෙදා හැරීම සිතාගත නොහැකි තරම් බුද්ධිමත් ක්‍රියාවකි
- නමුත් ඒය නිර්මාණය කළ අයෙකු හෝ පුද්ගලයකු ඒ තුළ ක්‍රියාත්මක වන්නේ නැත
- මේ ආකාරයෙන් හොඳින් මෙනෙහි කරමින් බැසගෙන ඇති දෘෂ්ටින් බිඳ දැමිය යුතුය
- විදර්ශනාව පිණිසය...
421. භාවිතාව
- විඤ්ඤාණය යනු ධර්මතාවයකි, ඒ තුළ ධර්මය ප්‍රත්‍යක්‍ෂවීම සිදුවන්නේ භාවිතය, නැවත නැවත භාවිතය තුළිනි. ඒ එහි ස්වභාවයයි
- උදාහරණයක් ලෙස පාසල් කාලය තුළ ඉගෙන ගත් බොහෝ විෂය කරුණු අමතකව ගොස් ඇතත් ළදරු පාසලේ ඉගෙන ගත් අකුරු ආදිය අමතක ව ගොස් නැත
- එයට හේතුව වන්නේ භාවිතය බහුල වශයෙන් භාවිතය සිදුව තිබීම යි
- ධර්මය ද එසේම ය. ඇසුණ පමණකින් ප්‍රත්‍යක්ෂ වීමක් සිදුවන්නේ නැත. අසා දැනගත් ධර්මය හොඳින් ධාරණය කර ගත යුතුය
- වෙර වීරිය උපදවා එය වැටහෙන තුරු විවිධ උපමා, උපක්‍රම භාවිතයෙන් සිතට පෙන්වා දිය යුතුය
- එසේ වටහා ගත් ධර්මය එදිනෙදා ජීවිතය තුළ භාවිතා විය යුතුය
- එම භාවිතය තුළ, බහුල වශයෙන් භාවිතය තුළ නොයෙකුත් අවබෝධයන් සිදුවන අතර යම් අවස්ථාවක විඤ්ඤාණයෙහි බලකනු බිඳී යනු ඇත
- හාල් පොල් ඇතත් උයා පිහා අනුභව කරන තුරු කුසගින්න නිවෙන්නේ නැත
- එලෙසම වටහාගත් ධර්මයන් භාවිත නොකරන්නේ නම් සිත නිවෙන්නේ නැත. ධර්මය ප්‍රත්‍යක්ෂවීමක් සිදුවන්නේ නැත
- වීරිය ඉපදවීම පිණිසය...
420. නිවනට බර සිත
- බොහෝ දෙනෙක් නිර්වාණයට කැමති වුවත් එය සිදු කිරීමට පහසුවෙන් හිත් දෙන්නේ නැත
- හිත් දෙන අතලොස්ස අතරින් වෑයම් කරන්නේ අතලොස්සකි
- ලෙඩ රෝග, නොවැටහෙන ස්වභාවය, වෙලාවක් සොයා ගැනීමට ඇති අපහසුතාවය ආදිය නිසා බොහෝ දෙනෙක් හට නිර්වාණ මාර්ගය මගහැරී ඇත
- නමුත් දන්නා නොදන්නා නමුත් මරණින් මතු අපගේ ඉරණම භයංකාර ය, බිහිසුණුය
- නිර්වාණයෙහි සාර්ථකත්වය සඳහා දානය ප්‍රබල හේතුවකි. දානය මගින් අතීත අකුසලයෙ හි සැර බාලවීම, නිර්වාණයට නොයෙක් ආකාරයෙන් හේතු සැකසීම සිදුවේ
- උදාහරණයක් ලෙස ගසකට වතුර දැමීම පහත පරිදි චේතනා උපදවා සිදු කළ හැකිය
- ගසකින් පිරිසුදු වාතය ලබා දෙන්නේය. එම වාතය දස දිසාවේ පැතිරෙන්නේ ය
- යම් නිර්වාණය වඩන උත්තමයන් සිටීනම් ඉන් උපදිනා පිරිසිදු වාතය උන්වහන්සේලාට දානයක් වේවා ලෙස පහන් සිත් උපදවා දිනපතා ගසකට, පැලයකට වතුර දැමීම සිදුකළ හැක
- කාලයත් සමඟ එය දන් වැටක් වන අතර නොසිතනා ලෙස නිර්වාණයට මඟ විවර වනු ඇත
- නිර්වාණය මාර්ගය දිරිගැන්වීම
- පිණිස ය...
419. ප්‍රශ්න
- එදිනෙදා ජීවත්වීම තුළ බොහෝ ප්‍රශ්න විසඳීමට අපට සිදුවේ
- නමුත් උප්පත්තියේ සිට මේ දක්වා කොපමණ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළ ද ප්‍රශ්නයේ ස්වරූපය වෙනස් වීමක් මිස ප්‍රශ්න අවසන් වීමක් පෙනෙන්නට නොමැත
- නිගමනය වන්නේ අපගේ ප්‍රශ්න විසඳීමේ යම් දෝෂයක් පවතින බවය
- නමුත් සරලව ගතහොත් අපට පැවතිය හැක්කේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත සහ ඒවා හරහා සිදුවන යම් දැන ගැනීම් පිළිබඳ ප්‍රශ්නයකි
- උදාහරණයක් ලෙස ඇස සැලකුවහොත් පෙනෙන්නේ වර්ණ පමණක් ලෙස සැලකිය හැකිය
- මානසික පරීක්ෂණය: යම් අවස්ථාවක ඇසට පෙනෙන දර්ශනයක ඇති සුදු පාට, කහ පාට, නිල් පාට ආදී සියලු වර්ණ ඉවත් කරන්න.ඉතිරි වන්නේ කුමක්ද? කළු පාට යනු ද වර්ණයකි
- නිගමනය වන්නේ ඇසින් දැක ඇත්තේ වර්ණ පමණක් බව නොවේද
- ඒ බව නොදත් හේතුව නිසා ගහකොළ සතා සීපාවන් ඇතැයි මනස තුළ යම් මුලාවක් සකස් වී ඇති බව අපට නිගමනය කළ හැකිය
- මේ ආකාරයේ මානසික ගවේෂණයන් මෙලොව පරලොව යහපත පිණිස පවතින්නේය ..
- විදර්ශනා ඇස විවර කිරීම
- පිණිසය.......
418. වීරිය ඉපදවීම
- තරුණකම කෙමෙන් කෙමෙන් මහළු භාවය වෙලා ගනු ඇත
- දැනටමත් බොහෝ රෝගයන් මෙම ශරීරය වෙලාගෙන ඇත...
- අපගේ ඥාති මිත්‍ර ආදී බොහෝ පිරිසක් දැනටමත් මේ ලොව හැර ගොස් ඇත
- නොබෝ කලකින් අපට ද මරණ මංචකයකට මුහුණ දීමට සිදුවනු ඇත
- එම අවස්ථාව අප ඉරණම තීරණය කරන තීරණාත්මක මොහොතකි
- මේ සඳහා අප සතු ධනය බලය ආදියක් පිහිට වන්නේ නැත
- පිහිට වන්නේ දුන් දානය, රැක්කා වූ සීලය, පමුණුවා ගත් ගුණයන්, සිදුකළ භාවනාවන් ආදිය පමණකි
- මේ ගැන සිතමින් අද අදම යම් ධර්මයක් ප්‍රගුණ කළ යුතුය. සිදු කරනා ධර්මයන් තවදුරටත් දියුණු කළ යුතුය..
- වීරිය ඉපදවීම පිණිසය....
417. භාවනාව
- භාවනාව සෘජු වූ කොන්ද සමග බැඳී පවතී. එසේ වූ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි
- ජන වහර තුළ කොන්ද තිරස් වූ හෙයින් තිරස්චීන හෝ තිරිසන් යයි කියනු ලැබේ. කොන්ද තිරස් බැවින් එවැනි ජීවිතක භාවනාව වැඩීමක් සිදුවන්නේ නැත
- පොළොවෙහි සිටුවන ලද පැළයක් වැඩීම සිදුවන්නේ ඉබේය. අප සිදු කළ යුත්තේ වැඩීම සඳහා අවශ්‍ය වාතාවරණය සලසා දීමයි
- එම පැළය පොළොව තුළ හොඳින් පැලවීම සඳහා කළ යුත්තේ එයට බාධා නොකිරීමයි
- පැළයට බාධා නොකරන විට පොළව තුළ හොඳින් මුල් ගමන් කර මුල් ශක්තිමත් වී ගස වැඩීම සිදුවන්නේ නිරායාසයෙනි
- එලෙසම භාවනා කරන යෝගාවචරයා භාවනා කාලය තුළ කය කිසිසේත් නොසෙල්විය යුතුය
- සිතද අරමුණක තුළ තබා ගනිමින් සිතද නොසෙල්විය යුතුය
- එවිට භාවනාව වැඩීම සිදුවන්නේ නිරායාසයෙනි
- අමුතු ආයාසයක් ප්‍රාර්ථනාවන් අවශ්‍ය වන්නේ නැත. කුඩා පැළයක් විශාල ගසක් බවට පත්වන්නා සේ භාවනාව නිරායාසයෙන් වැඩෙනු ඇත
416. දෝෂ සහිත තරාදිය
- දෝෂ සහිත තරාදියකින් ලබා ගන්නා පාඨාංක ද දෝෂ සහිතය
- එම තරාදිය භාවිතයෙන් යම් රැකියාවක් සිදුකළහොත් බංකොලොත් වන්නේය. නැතහොත් ගුටි කෑමට හෝ නඩු වැටීමක් වැන්නක් සිදුවන්නේ ය
- උදාහරණයක් ලෙස කිලෝ 50ක් කිලෝ 25ක් ලෙස පෙන්වන දෝෂ සහිත තරාදියක් සත්‍ය යයි සිතා කටයුතු කිරීම මහත් වූ හානියක් සිදු කරන්නේය
- නමුත් ඒ දෝෂ සහිත තරාදියක් ලෙස දන්නේ නම් සිදුවන හානිය බොහෝ අවමය. එම දැනගැනීම ඉතා වැදගත්ය. එය නිවැරදි කිරීමේ ආරම්භයයි
- එලෙසම මේ ඇස ද දෝෂ සහිතය. සරලව අංශු ස්වභාවයක් තිබෙන තැනක ගහකොළ ලෙස සතා සීපාව ලෙස පෙනීම බොහෝ දෝෂ සහිතය
- එය දෝෂ සහිත බව දැනගත් යම් අවස්ථාවක හේතු ප්‍රකාරව එය නිවැරදි කිරීමට කටයුතු සැලසෙනු ඇත
- පෙනීම දියුණු කළ හැකිනම් යම් අංශු ස්වභාවයක් ලෙස ධාතු ස්වභාවයක් ලෙස දිස්විය යුතුය
- අප සසර පුරා කටයුතු කර ඇත්තේ මෙම දුර්වල ඇසෙන් පෙනෙන දේ සත්‍ය යයි සිතාය. එම නිසා අපට මහත් වූ දුක්ඛයන්ට මුහුණ දීමට සිදුවිය
- එම නිසා පෙනෙන දේ දෝෂ සහිත බව කරුණු සහිතව හිතට පහදා දිය යුතුය. එය ප්‍රබල වූ ලෞකික ලෝකෝත්තර හැරවුම් ලක්ෂය කි
415. ගෝචර නොවන ශබ්දය
- කූඹි ආදී කෘමීන්ගේ බොහෝ අඩි ශබ්ද ඇත. නමුත් අපගේ දුර්වල කණට ඒවා ගෝචර වන්නේ නැත
- වායු අංශු ගැටීමෙන් ශබ්දයක් ඉපදෙන නමුත් එක්තරා සීමාවකින් පහළ ශබ්ද කිසිවක් අපට ගෝචර වන්නේ නැත
- යම් අවස්ථාවක අපට නිශ්ශබ්ද ලෙස වැටහෙන්නේ ශබ්ද නැති නිසා නොවේ. බොහෝ ශබ්ද ඇතත් කණට ගෝචර නොවන බැවිනි
- ඇසෙන ශබ්ද වුවද නොයෙක් ආකාරයේ කම්පන පමණි. ඒ තුළ අර්ථ අන්තර්ගත වන්නේ නැත
- කනෙහි මස් කෙන්දක ඔබ මොබ සිදුවන චලිතයකින් අම්මා වැනි අර්ථයක් නිරූපණය කරන්නේ කෙසේද?
- ඇසෙන ශබ්දය සහ එයින් නිරූපණය වන අර්ථය මානසික පිළිබිඹුවක් පමණි
- නමුත් එය සත්‍ය යැයි දැඩි විශ්වාසයක් අප තුළ ගොඩනැගී ඇත
- ගීතයක් ක්‍රමානුකූලව වේගය අඩු කරමින් වැඩි කරමින් ආදී ලෙස එම ගීතයේ රසයට කුමක් වන්නේදැයි විදර්ශනා කර බලන්න
- දුර්වල කනට මුලා නොවන්න
414. ධර්ම දානය
- යම් ආහාර දානයක් තුළ සිදුවන්නේ ප්‍රධාන වශයෙන් කුසගින්න නිවීමකි
- නමුත් ධර්ම දානයක දී සිදුවන්නේ අසා දැනගත් ධර්මය තුළින් පුද්ගලයාට යහපතක් වීම මෙන්ම එම මනස තුළ ධර්මය ධාරණය වීම ය
- එම නිසා එම ධර්මය අනාගතයේ තවත් පිරිසකගේ යහපත පිණිස ද පවතින්නේය
- තවද එම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම දරා ගැනීම ආදිය හේතුවෙන් ලැබෙන දානයක් වුවද ආනිශංස වන්නේය
- තථාගත ශාසනයේ පැවැත්ම සිදුවන්නේ කල්‍යාණ මිත්‍රයන් හරහාය
- එනම් ධර්ම දානය හරහා කල්‍යාණ මිත්‍රයන් උපදින්නේය. එනම් ශාසනයේ පැවැත්ම ද සිදුවන්නේ ය
- සකස් කරන ලද කුටියක, ආහාර දානයක ආදී ඕනෑම පුණ්‍යකර්මයක් බලගැන්වෙන්නේ ද එම ස්ථානයේ පවතින ධර්මය මතය
- ධර්මය යනු සැපට තවත් නමකි. ධර්මය යනු සැනසීමට තවත් නමකි. ධර්මය යනු නිවීමට තවත් නමකි
- තවද බඩගින්න, පිපාසය, රස්නය, යුද්ධය, දුක, සංකාව, කලකිරීම, ලෙඩ රෝග, ජරාව, අසාධාරණය ආදී නොයෙක් දුක්ඛයන්ගෙන් සදහටම මිදීමේ එකම මග ධර්මයයි. එම නිසා ධර්මය ගෞරවයෙන් වැළඳ ගත යුතුය
413. බවට පත්වීම
- පිරිමි කෙනෙක්, පිරිමි කෙනෙක් බවට පත් වී ඇත
- පිරිමි කෙනෙකුට පිරිමි භාවය කෙසේදැයි ප්‍රශ්නයක් පැන නඟින්නේ නැත. මක්නිසාද එම පුද්ගලයා හා පිරිමි භාවය අතර වෙනසක් නැත
- පිරිමි කෙනෙක් බවට පත්වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇත්නම් ඔහු තවම පිරිමි කෙනෙක් බවට පත්වී නැත
- එලෙසම මාර්ගය පූර්ණය වූ අයෙකු ට මාර්ගය පිළිබඳ ප්‍රශ්න පැන නඟින්නේ නැත
- තවද ගුරුවරයෙකු ගුරුවරයකු බවට පත්වී ඇත්තේ ඉගැන්වීමට පුහුණුවීමෙන් ය. ගුරුවරයෙක් වන්නේ කෙසේදැයි ඉගෙනීමෙන් නොවේ
- නමුත් රංගන ශිල්පියෙකු ගුරුවරයකු බවට පත්වන්නේ ගුරුවරයන් අනුකරණය කිරීමෙන්ය. ඔහු තුළ විෂය දැනුම හෝ ගුරුවරයකු මෙන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම ආදී ගුණාංග නැත. තවද එම රඟපෑම එය වැඩි කාලයක් පවතින්නේද නැත
- එලෙසම ධර්ම මාර්ගයට බැසගන්නා අයෙකු බොහෝ විට මුලින් සිදු කරන්නේ රඟපෑමක් වැනි දෙයකි
- අසන ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළහොත්, එම ගුණ තමා තුළට පමුණුවා නොගතහොත් වැඩි කාලයක් ධර්මය තුළ රැඳීමට ලැබෙන්නේ නැත. විසි වී යන්නේය
- එම නිසා ධර්මය දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ බවටම පත්විය යුතුය.
412. තත්පරය
- ගෙවුණු තත්පරයක් නැවත හැරවිය නොහැක
- අම්මා දෙසට යොමු කරන පිහිපාරක් කාලය ලෙස තප්පර කිහිපයක් වුවද විපාකය තත්පර කිහිපයක් නොවන්නේය
- එම කාලය පුණ්‍ය කර්මයකට යෙදවිය හැකි නම් එහි ප්‍රබලතාවය අනුව කල්ප ගණනක සැපයක් වුවද හිමි විය හැක
- එලෙසම එම කාලය තථාගත ධර්මය අවබෝධය සඳහා යෙදවිය හැකි නම් නිර්වාණය පවා සිදුවන්නේ ය
- මෙසේ තත්පරයක් තුළ ගන්නා තීරණය මුළු ජීවිතයම හෝ සංසාර ඉරණම වුවද තීරණය කරන්නේය
- එම නිසා මනුස්ස ආයුෂය අති ප්‍රබලය. මිල කළ නොහැකිය. බිහිසුණු ය. එම නිසා සෑම තත්පරයක්ම සිහියෙන් ගත කළ යුතුය
- යම් අයෙකු නිර්වාණය ළඟා කර ගන්නා තත්පරය කෙසේ නම් මිල කළ හැකිද
- අප බොහෝ දුර්වලය. අපගේ මරණයට තත්පරයක කාලයක් වුවද ප්‍රමාණවත්ය
- මනුස්ස ආයුෂ බොහෝ දුර්ලභය. මිල කළ නොහැක. ගෙවුණු තත්පරයක් නැවත එළඹෙන්නේ නැත ආදී ලෙස මනුස්ස ආයුෂයේ වටිනාකම මෙනෙහි කළ යුතුය
411. සහනය
- සහනයක් අපේක්ෂා කරන අයෙක් ඔහු අසහනයෙන් සිටින බව නොකියා ප්‍රකාශ කරයි
- නමුත් ශරීරයේ මස් කැබලි තුළ අසහනයක් පැවතිය නොහැක
- සහනය අවශ්‍ය වන්නේ අසහනයෙන් පවතින සිතටය
- ඇසින් ඇතුළු වන්නේ උදාසීන වර්ණ පමණකි
- කනෙහි සිදුවන්නේ මස් කැබැල්ලක සිදුවන උදාසීන කම්පනයක් පමණි
- අනිත් ආයතන සම්බන්ධයෙන්ද සිදුවන්නේ උදාසීන ස්පර්ශයකි
- මේවා උදාසීන වුවත් මේවා භාවිතා කරමින් අසහනයක් ඇති කරගන්නා දෝෂය පවතින්නේ සිත තුළම ය
- මෙම සිත ද ඇතුළු සියලු ආයතන වලට යම් තාවකාලික සහනයක් ලබාදීමේ පිනවීමේ නොයෙක් ක්‍රම ලෝකය තුළ දක්නට ඇත
- නමුත් අසහනයක් ඇතිවීමේ හැකියාව මුළුමනින් දුරු කළ හැකි එකම ක්‍රමය වන්නේ ධර්මය පමණකි
410. සොබා දහමේ දානය
- ගසක් යනු නිර්වාණය සඳහා ගුරුවරයෙකි, කල්‍යාණ මිත්‍රයෙකි, සේවකයෙකි, දන්පතියෙකි
- ගසකින් යැපෙන බොහෝ ජීවීන් සිටි. කුරුල්ලන්, ලේනුන් ආදී සත්වයන් සඳහා ආහාර නිවාස සහ ආරක්ෂාව සෙවන ආදිය සලසන්නේ ය
- බත් පාන් කව්පි මුං ඇට ආදී ආහාර ගැනීම මගින් සිදුවන්නේ ආහාර වල ශක්තිය පවතින යම් කාලයක් සඳහා සත්වයාගේ මරණය කල් යෑමයි
- එලෙසම පිරිසිදු වාතය යනු ද ආහාරයකි. එයින් ද සිදු වන්නේ සත්වයාගේ මරණය හුස්ම වාරයෙන් හුස්ම වාරයට කල් යෑමයි
- මෙලෙස ගෙඩි මල් නොහැදෙන ගසක් වුවද පිරිසිදු වාතය ආදී ලෙස ලෙස දන් වැටක් පවත්වාගෙන යන්නේය
- එයට වතුර පොහොර ආදී ලෙස යම් සත්කාරයක් කළ හැකි නම් එම දන් වැට සඳහා අපගේ දායකත්වය ලැබෙන පින් වැඩෙන කටයුත්තකි
- තවද ගසක්, පොතු කොළ මල් ගෙඩි ආදිය උපයෝගී කරගනිමින් විශාල නිහඬ ධර්මයක් නිරූපණය කරයි
- අටලෝ දහමින් කම්පා නොවීම, නිහතමානීකම, නිශ්ශබ්දභාවය, අකම්පිත බව ආදී බොහෝ ගුණයන් ද මෙම ධර්මතාවය සතුය
- මෙලෙස ගසක් වුවද නිර්වාණය ළඟා කර ගැනීම සඳහා අගනා වටිනා කමටහනකි
409. ධර්ම බීජය
- සියල්ලට ප්‍රමුඛව ධර්ම බීජය රෝපණය කළ යුතුය
- උදාහරණයක් ලෙස පැලයක් සිට වූ විට අපගේ විශේෂ අවධානයක් නැතත් පැය විසිහතර පුරා එය අඛන්ඩව වැඩෙන්නේ ය
- නමුත් මුල් කාලයේ අව්ව, වැස්ස, පොළොව ආදියට ඔරොත්තු දෙනතුරු පැළය රැක බලා ගත යුතුය
- කල් යත්ම ශක්තිමත් පොත්ත, කොළ, මල්, ගෙඩි ආදිය ද ගහේ ආරක්ෂාව පිණිස පවතින්නේය
- ධර්මය ද එසේය. මුලින් බොහෝ ප්‍රවේසම් විය යුතුය. කල්යත්ම සීලය සමාධිය ප්‍රඥාව අත්දැකීම් ඒවායේ ආනිසංස ආදිය මගින් ස්වයං ආරක්ෂාවක් සැලසෙන්නේ ය
- වැඩුණු ගසක් බිම දැමීමට මුලින් එහි අරටුව බිඳ දැමිය යුතුය. නමුත් කුඩා පැලය කාලයේ මෙන් එය පහසු කාරියක් නොවන්නේය
- එලෙසම ධර්මය වැඩුණු විට ඒ තුළද අරටුවක් මෙන් අටලෝ දහමින් කම්පා නොවන මානසික මට්ටමක් පවතින්නේ ය. පහසුවෙන් මාර ධර්මවලට යට නොවන්නේය
- යම් හෙයකින් ගසකට හානියක් සිදුවුවද පැතිරී ගිය මුල් පද්ධතිය හරහා නැවත ගස ලියලීම ට බොහෝ අවස්ථාව ඇත්තේය
- එලෙසම ධර්මය වෙනුවෙන් කාලය ආයෝජනය කල විට නිර්වාණය පිණිස බොහෝ හේතූන් සකස් වන්නේය. මතු යම් දිනයක ඒවා යහපත පිණිසම වන්නේය
408. සැප සමග පැමිණෙන දුක
- සැපය යනු භාග්‍යයකි. බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන කාරණයකි
- ලැබුණොත් සැපයකි, සතුටකි. නොලැබුණොත් කනස්සල්ලකි, දුකකි
- මිනිසෙක් ගෙදරට කැමැත්තෙන් කුණු රැගෙන එන්නේ නැත
- භාණ්ඩ මිලදී ගැනීමේදී අවශ්‍ය වන්නේ භාණ්ඩය පමණක් වුවත් නිරායාසයෙන් ඒවා සමඟ කුණුද, අනවශ්‍ය බොහෝ දේ ද පැමිණීම සිදුවේ
- යම් සැපයක් ලබා ගැනීම සඳහා වෑයම් කරන විට එම සැප හා බද්ධව දුක ද පැමිණීම සිදුවේ
- රූප බැලීමට අපට තබාගත යුත්තේ රූපවාහිනියේ තිරය පමණි. නමුත් අකමැති වුවත් ඒ හා වයර් කැබිලි, සර්කිට්, ප්ලාස්ටික් වැනි දේ බද්ධව පවතී
- ඥාති හිත මිත්‍රාදීන් සැපයක් ලෙස පෙනුනද ඒ හා ද දුක බද්ධව පවතී. වියෝවක දී ඒ බව හොඳින්ම දැනෙනු ඇත
- සැපයක් ඊට වඩා සැපයක් හා සලකන විට එම සැපයද දුකකි. සෑම සැපයක් හා ආදීනව ද බැඳී පවතී
- මේ ආකාරයෙන් සලකන විට සැපයද ඒකාන්ත දුකකි
407. පරම වූ ධනය
- ධනය යන වචනය තුළ අර්ථ ගැන්වෙන්නේ ලෞකික ලෙස මිල මුදල් ය
- ධනය ඇත්නම් එය වියදම් කර තම අවශ්‍යතාවයන් උවමනාවන් ඉටු කර ගත හැක
- නමුත් මෙම ලෞකික ධනය ඕනෑම අවස්ථාවක අන්සතු විය හැක. එම නිසා එය නියම ධනයක් නොවේ
- අපට යම් ධනයක් ඇති විට එය වියදම් කර සෘජුව හෝ වක්‍රාකාරව සිදු කරන්නේ සතුටක් ලබා ගැනීමයි
- උදාහරණයක් ලෙස ධනය වියදම් කර ලබා ගන්නා පහසුවක් යනු සිතට සතුටකි
- එම නිසා සතුට සෘජුවම ලැබෙන්නේ නම් එය පරම වූ ධනයකි
- ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේ කෙරෙහි, උන්වහන්සේ පෙන්වා දුන් ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ඇති පැහැදීම හා විශ්වාසයයි
- තවද එම ලෝකෝත්තර ධනය ඇති විට ලැබෙන්නේ සංසාර කෙළවර සහ අර්ථ දැක්වීමක් පවා සිදුකළ නොහැකි සැපයක් ඇති නිර්වාණයයි
- එම නිසා මිල කල නොහැකි නිවන ලබාගත හැකි පරම වූ ධනය ශ්‍රද්ධාවයි
406. මළ ගෙදර
- මළ ගෙයක් අප කවුරුත් ප්‍රාර්ථනා නොකරන කාරණයක් බව දුක් වීමෙන් හඬා වැලපීමෙන් තහවුරු වේ
- මළගෙවල් අපට හුරුපුරුදු කාරණයකි, නමුත් අපද මරණයට පත්වන බව වැටහෙන්නේ සහභාගී වන පිරිසෙන් ඉතා අල්ප පිරිසකටය
- නමුත් දුක් විය යුත්තේ මෙම කයෙහි මරණය පිළිබඳව නොව ක්ලේශයන් ගේ ජීවත්වීම පිළිබඳවය
- මක්නිසාද සසර දුක්ඛයන් පැමිණෙන්නේ කයෙහි මරණය නිසා නොව, ක්ලේශයන් ගේ ජීවත්වීම නිසාය
- කයෙහි මරණය අප හට දුකකි. නමුත් ක්ලේශයන් ගේ මරණය සතුටකි
- තවද මළගෙදරක සෑම අයෙක්ම හඬා වැළපෙන්නේ නැත
- බොහෝ විට හඬා වැළපෙන්නේ මියගිය පුද්ගලයා පිළිබඳව අනුකම්පාවකින් නොවේ
- තම වාසියක් අහිමිම, රැකවරණයක් අහිමිවීම වැනි යම් හේතුවක් පාදක කර ගනිමින්ය. එම හඬා වැලපීමට දක්වන හේතු සාධකයන් විමසා බැලූ විට විහිළු සහගතය, පදනම් විරහිතය
- පිරිසක් හැඬීමටත්, පිරිසක් නොහැඩීමටත් පවතින හේතුද, හැඬීම ඇති කරන චෛතසික, හේතු සාධක විදර්ශනා කළ කළ යුතුය, එවිට හැඬීම ක්‍රමානුකූලව දුරු වී විශාල ධර්මයක් මතුවනු ඇත
405. අවදානම සහ රැවටීම
- අපට ඇත්තේ කල්ප ගණනක් මුළුල්ලේ ක්ලේශයන් තුල බැසගත් සිතකි
- බොහෝ කාලයක් තිස්සේ රැවටුණු සිතකි. රැවටීමෙන් තෘප්තිමත් වන සිතකි. තවද ක්ලේශයන් මෙම සිතට ජප වී ඇත
- එයට ඇති ප්‍රබලම සාක්ෂිය මේ ජීවිතයේ ද අප උත්පත්තිය ලබා තිබීමයි
- මෙසේ රැවටුණු ක්ලේශයන්ටම භාවිතා වුනු සිතක් මේ ජීවිතයේ අපිට යහපතක් සිදු කරන්නේ යැයි සිතිය නොහැක. බොහෝ විට මේ මොහොතේ ද අප ඇත්තේ රැවටීමක් තුළය
- තවද වැඩිම අවදානම ඇත්තේ මේ ජීවිතයේ ද නිවන මගහැරී යාමටයි
- එම නිසා එය වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුය. නොයෙකුත් ආකාරයෙන් උපක්‍රම යෙදිය යුතුය
- ගවයෙකුගේ පිටේ ගැටගැසූ දණ්ඩක් මත තණකොළ බැඳ ඇස් ඉදිරියට පෙනෙන ලෙස සැලැස්වූ විට, එය අඟල් කිහිපයක් වුවත්, පහසු ලෙස වැටහුනත්, කිසි දිනක එය වෙත ළඟාවිය නොහැක
- එලෙසම නිර්වාණයද අත ළඟ ලෙස වැටහුනද මුලාවන් නොවැටහෙන තුරු නිර්වාණයද ළඟා වන්නේ නැත. තම උපරිම උත්සාහය යොදවා සසරට කොටුවී ඇති මුලාවන් හඳුනාගත යුතුය
- සෑම දිනකම මනුසත්වය දුර්ලබ ලෙසද, බුද්ධත්වය දුර්ලභ ආදී ලෙසද නොයෙක් ධර්මයන් මෙනෙහි කරමින් වීරිය ඉපදවිය යුතුය
404. හඹා යෑම
- හඹායම් වර්ග කීපයකි. ඇතැම් අය ලෞකික ජීවිතයට ගොඩක් සමීප වචනයක් ලෙස නිර්වචනය කරයි
- සමහර අය රස්සාවේ තනතුරු හඹා යති, සමහරු ඉගෙනුම ආශ්‍රිතව උපාදී පසුපස හඹා යති, සමහරු රසවත් කෑම වර්ග හඹා යති. සමහරු ඇඳුම් පැළඳුම් ආදිය හඹා යති.
- සමස්තයක් ලෙස ගත් කල ජීවිතයේ ඇත්තේ හඹා යෑම් පමණකි
- හඹායෑම හුදෙක් ලෞකික පැත්තට ගෝචර වූවද ලෝකෝත්තර හඹා යෑම් ද පවතී
- සමහර අය මාර්ගඵල හඹා යති
- සමහර අය ධර්මයද හඹා යති. හුදෙක් සූත්‍ර දේශනා ආදිය ද හඹා යති
- ලෞකික හඹා යෑම දුක හට ගැනීමට සෘජුව බලපාන සාධකයකි
- ලෝකෝත්තර හඹා යාම යම්තාක් සාධාරණීකරණය කළ හැක
- නමුත් ලෝකෝත්තර වේවා, ලෞකික වේවා, හඹායෑම නිවනට ප්‍රතිවිරුද්ධ ධර්මයකි
403. දුකටම උපන් කය
- නිරතුරුව පොළොවේ ගැටී ජීවත් වීමට මනුස්සයාට සිදුවේ
- ඇටසැකිල්ලක් ඇත, වටේ මස් ඇත. ඊට පිටින් සම ඇත
- පොළොව තුළ මොන ඉරියව්වට සිටියත් ඇට සැකිල්ල සහ පොළොව අතර මස් කොටසක් තෙරපීම සිදුවේ
- මස් තෙරපීම යනු වේදනාවකි දුකකි
- එනම් කුමන ඉරියව්වෙන් සිටියද ඒකාන්තයෙන් වේදනාව හට ගනී
- එනම් මේ ශරීරය තබාගෙන එම දුකෙන් මිදීමේ ක්‍රමයක් නැත
- තවද මේ ශරීරය තුළ පවතින සම ඉවත්කර මස් ඉවත් කර කණ්ණාඩියක් තුළින් අපට අපගේම ඇටසැකිල්ල දැක ගත හැකි නම් තැති ගන්නේය, බියට පත්වන්නේය
- ඒ බියකරු බව මේ මොහොතෙත් පවතින අතර පිටින් පවතින සමෙන් එය වැසී පවතී
- කෙටියෙන් ගතහොත් කය භාවිතය යනු නොයෙක් ආකාරයෙන් වූ ඒකාන්ත දුකකි