Report Menu
All Cards
Total Cards: 442 | Page: 6 of 23 | Showing: 20 cards
342. ගෝනිබිල්ලා

342. ගෝනිබිල්ලා

  1. ගෝනිබිල්ලා යනු කුඩා දරුවන් නලවා ගැනීම පිරිස, බිය ගැන්වීම පිණිස ගොඩනගා ඇති මනඃකල්පිත ප්‍රතිරූපයකි
  2. චරිතය මනඃකල්පිත වූවත් ඒ හේතුවෙන් කුඩා දරුවන් තුළ නොයෙකුත් කර්ම සකස් වේ
  3. දිට්ඨධම්මවේදනීය ලෙස කළුවරට බිය වීම, තැතිගැනීම ආදී නොයෙකුත් ලෙස කුඩා දරුවන්ගේ මනසට බලපෑම් එල්ල වේ
  4. තරුණ භාවයට පත්වුවද එම අතීත සංඥා හේතුවෙන් බියට පත්වීම තැති ගැනීම වුවද සිදුවිය හැකිය. නමුත් හාස්‍යජනක කතාව වන්නේ මුල සිටම ගෝනිබිල්ලෙකු සිට නැත
  5. එලෙසම මම යන සංකල්පයද මනඃකල්පිත ය. උපමාවක් ලෙස ගෝනිබිල්ලාට සමාන කළ හැකිය
  6. හොඳින් සොයා බලන විට මම ලෙස අර්ථයක් දැමිය හැකි කිසිවක් නොමැත. නමුත් අති දීර්ඝ සංසාර ගමනට හේතුව එම මනඃකල්පිත මම නම් දෘෂ්ටියයි
  7. සරල උදාහරණයක් ලෙස මේ මගේ ශරීරය ලෙස පවසන විට, ඒ තුළ මම ලෙස ද එයට අයිති ශරීරය ලෙස අනෙකක් ද පවතී. එයින් අදහස් වන්නේ ශරීරය මම නොවන බවය
  8. මේ මගේ සිත ලෙස පවසන විට එහි ද මම ලෙස සහ එයට අයිති සිත ලෙස අනෙකක් පවතී. එයින් අදහස් වන්නේ සිතද මම නොවන බවය
  9. එසේනම් මම යනු කුමක්ද ? ඇත්තෙන්ම මනඃකල්පිත ගෝනි බිල්ලෙක් පමණි
No audio available
341. අතීතය සහ අනාගතය

341. අතීතය සහ අනාගතය

  1. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදියෙන් අවසානයේ මනස තුළ සිදුවන්නේ දැන ගැනීමක් පමණි
  2. උදාහරණයක් ලෙස ඇසින් දැනගැනීමක් සිදුවේ. දැනගැනීම කුමක්දැයි යන ප්‍රශ්නය මතුවූ විට රූපයක් යැයි ද, එය විග්‍රහ කරන විට අම්මා තාත්තා ආදී ලෙස ද ගස ගල මල ආදී ලෙස ද නාම රූප මතුවේ
  3. සිතිවිල්ලක් ඇති වුවද අවසානයේ සිදුවන්නේ දැන ගැනීමක් වන අතර දැනගැනීම වන්නේ සිතිවිල්ලක් ඇති වූ බවය
  4. එපමණකින් නොනැවතී දැනුම අනුව විචිත්‍ර කරන්නේ ද නොයෙකුත් අර්ථ දමන්නේ ද සිත මෝහය තුළ පවතින තුරු පමණි
  5. ලියුම් බෙදන්නෙකුට සියල්ල ලියුම් ලෙස සමාන වටිනාකම පවතින අතර වටිනාකම් මතුවන්නේ ඒවා කඩා තම දැනුම තුළින් ඒ දෙස බැලුවහොත් පමණි
  6. සිතේ උපදින්නේ සිතිවිලි පමණි. ඇති වන්නේ වර්තමානයේ පමණි. අතීතයේ සිදුවූ සිදුවීමක් වුවද එය දැනගන්නේ වර්තමාන සිතිවිල්ලකිනි. එම නිසා තොරතුර අතීත වුවද එය වර්තමාන සිතිවිල්ලකි
  7. අතීත අනාගත ලෙස සිතුවිලි නැත. අතීතයේ ඇති වූ සිතිවිල්ලක් ඇති වී අවසානය එය නැවත ඇති කළ නොහැක
  8. අනාගතයේ ඇතිවන සිතිවිල්ලක් තවම ඇතිවී නොමැත එම නිසා එය නිගමනය කළ නොහැක
  9. සිතිවිල්ලට, සිතිවිල්ලක වටිනාකම පමණක් ලබාදිය යුතුය. එවිට සිතිවිල්ලකි. එපමණකි
No audio available
340. දුරස්ථ පාලනය

340. දුරස්ථ පාලනය

  1. නවීන තාක්ෂණය අනුව බොහෝ දෑ දුරස්ථව පාලනය කළ හැක
  2. ඇත්තෙන්ම සිදුවී ඇත්තේ නොයෙක් දෑ නොයෙක් දේ ට සංවේදී භාවයක් ඇතිවීමය
  3. අපේ සිත ද ආකාර කිහිපයක් යටතේ නොයෙක් දෑ සඳහා සංවේදී බවක් දක්වයි
  4. කෙනෙක් බැන්න විට සිතේ රිදීමක් ඇතිවෙන්නේ එම බැනීමට සංවේදී පරිපථ කොටසක් මනස තුළ ඇති බැවිනි
  5. එය උපමාවක් ලෙස අපගේ මනසට ක්‍රියාත්මක කරවිය හැකි දුරස්ථ පාලකයක් ඔහු සන්තකයේ පවතිනවා වැනිය
  6. මෙලෙස නොයෙකුත් ලෙස මනස ක්‍රියාත්මක කරවිය හැකි දුරස්ථ පාලකයන් රූප, ශබ්ද, ගන්ධ ආදිය තුල සැඟව පවතී
  7. අටලෝ දහමින් කම්පා නොවීම යනු මෙම සංවේදී කොටස් ගලවා විසි කිරීමක් වැනිය
  8. මේ තුළින් අපව පාලනය කළ හැකි දුරස්ථ පාලක බාහිරය තුළ පැවතිය නොහැක, ලෙස සංඥාවක් වැඩිය හැකිය
  9. මේ තුළ ලැජ්ජාව බය ආදී ධර්මතාවයන් උපදවා ගනිමින් ක්ලේශයන් යටපත් කළ හැකිය
No audio available
339. පිරිසිදු කිරීම 6

339. පිරිසිදු කිරීම 6

  1. ධර්මය රකින්නා ධර්මයෙන් රැක දෙන්නේය. මේ තුළ සැඟවුණු බොහෝ ධර්මතා අන්තර්ගත වේ
  2. වත්ත පිටිය ගෙවත්ත පිරිසිදු කිරීම තුළින් ගේ දොර තුල සිරියාවක් උපදින අතර පිරිසිදුකම විසින් පෙරලා මනසට ප්‍රබෝධයක් ද ලබාදේ
  3. වෙහෙස මහන්සි වී සිදු කරන බැවින් කාය ශක්තිය උපදින අතර කාය නීරෝගී භාවය ද සකස් වේ
  4. ඩෙංගු ආදී රෝග සඳහා සඳහා හේතු නැති වන බැවින් ශ්‍රම දානය තුළ නීරෝගීකම ද දානයක් ලෙස පිරිනැමේ
  5. සර්පයන් ආදී සත්වයන්ගෙන් ඇතිවන අනතුරුද අවම වන බැවින් ආරක්ෂාව ද දානයක් ලෙස පිරිනැමේ
  6. අන් ආකාරයෙන් අප පරිසරය රකින විට පරිසරය විසින් නොයෙක් ආකාරයෙන් අපව රකිනු ලැබේ
  7. පිරිසිදු කිරීම තුළ අන් අයගේ යහපත සිදුවේ. ඒ තුළින් විදර්ශනාවක් අවදි කළ හැකි අතර ඒ තුළ කරුණාව මෛත්‍රිය ද උපදවා ගත හැක
  8. ගසක් ඉපදී මියැදී යන ආකාරය දැකීම තම ජීවිතයට ගැලපීම තුළ මරණානුස්සතිය ආදී භාවනාවන් වුවද ඉස්මතු කළ හැකිය
  9. පිරිසිදු කිරීම තුළ පිරිසිදු බව මෙන්ම ඒ තුළින් අති පිරිසිදු ප්‍රඥාවද මතු කළ හැකිය
No audio available
338. පිරිසිදු කිරීම 5

338. පිරිසිදු කිරීම 5

  1. අප නොයෙකුත් උපකරණ උපක්‍රම භාවිතා කරමින් පිරිසිදු කිරීම සිදුකළද සොබා දහම තුළද ස්වයං පිරිසිදු වීමක් පවතී
  2. දිරාපත් වීම එක්තරා පිරිසිදු වීමකි. වර්ෂාව මගින් කැලි කසල ගසාගෙන යෑම තවත් පිරිසිදු වීමකි
  3. එලෙසම මනස තුළද පවතින ද්වේශය, රාගය, තණ්හාව ආදී අපිරිසිදු වීම් කාලයත් සමග යම් පිරිසුදු වීමේ ස්වභාවයක් ඇත
  4. තවද පිරිසිදු බව හෝ අපිරිසිදු බව යනු පුද්ගල සාපේක්ෂ දෘෂ්ටියකි
  5. සොබාදහම තුළ කිසිවක් පිරිසිදු හෝ අපිරිසිදු හෝ ලෙස නැත
  6. ඒවා පැනවෙන්නේ එම ස්ථානයට පුද්ගලයාගේ පැමිණීමත් සමඟය
  7. තවත් ආකාරයකින් පිරිසිදු කිරීම යනු මාන්නයට විශාල පහරක් එල්ල වන කටයුත්තකි
  8. බාහිරින් පිරිසිදු කරන ලෙස පෙනුණද ඇත්තෙන්ම එය මාන්නයත් සමඟ අභ්‍යන්තරයේ සිදුකරන පොර බැඳීමකි
  9. අවසානයේ පිරිසිදු කළ භූමිය දෙස බලන විට සිතෙහි ද ප්‍රබෝධමත් ගතියක් ඇති වන්නේ ඒ සමග සිතද පිරිසිදු වී ඇති හෙයිනි
No audio available
337. පිරිසිදු කිරීම 4

337. පිරිසිදු කිරීම 4

  1. පිරිසිදු කිරීමකට ප්‍රධාන හේතුව වන්නේ එය අපිරිසිදුයි ලෙස සකස් වන හේතුවයි
  2. එලෙසම තමන් පිරිසිදු ලෙස සලකන අයෙකු තම අපිරිසිදු බව හඳුනාගන්නා තුරු පිරිසිදු වීමට උත්සාහ දරන්නේ නැත
  3. තමන් අපිරිසිදු යැයි හේතුව ඇති විට පිරිසිදු කිරීම නැමති ඵලය ඉබේ සිද්ධ වන්නේය
  4. තවද තමන් ඉතා අපහසුවෙන් පිරිසිදු කළ ස්ථානයක් වෙනත් අයෙකු විසින් අපිරිසිදු කරන විට ද්වේශයක් මතුවීමට බොහෝ ඉඩකඩ පවතී
  5. නමුත් හැමදාම කොළ වැටෙනවා, අතු වැටෙනවා ලෙස සොබා දහමින් සිදුකරන අපිරිසිදු කිරීම් වලින් අපට කේන්ති යන්නේ නැත
  6. එලෙසම පුද්ගලයන් ද ඉහත ආකාරයේ ධර්මතා ලෙස සලකන විට ඔවුන් සිදු කරන අපිරිසිදු කිරීම් වලටද කේන්ති යන්නේ නැත
  7. ආදි කාලයේ යුද්ධයකට පුහුණුවීමේදී ලී කඩු ආදියෙන් පුහුණුව ලබන අතර හොඳින් පුහුණුව ලැබූ පසු ඇත්ත කඩුව ද මනා ලෙස හැසිරවීමේ හැකියාව ලැබේ
  8. එලෙසම පිරිසිදු කිරීම ආදිය ඔස්සේ පුහුණුව ලබා, භාවනා ආදිය සිදු කරන විට සිතේ තතු දන්නා බැවින් ඉක්මනින් සිත සමාධි කර ගැනීම, ප්‍රඥාව අවදි කර ගැනීම සිදු කරගත හැකිවේ
  9. එම නිසා එදිනෙදා දින චරියාව තුළ සිදුවන පිරිසිදු කිරීම්ද පුහුණුවක් ලෙස සලකා කටයුතු කළ යුතුය. එය දිනෙක නිර්වාණය පිණිස ද පිළිසරණක් වනු ඇත
No audio available
336. පිරිසිදු කිරීම 3

336. පිරිසිදු කිරීම 3

  1. සමහර වල් ගස් විශාල ලෙස පෙනුන ද ඉතා පහසුවෙන් ගලවා ඉවත් කළ හැක
  2. නමුත් සමහර වල් ගස් කුඩා ලෙස, දුර්වල ලෙස පෙනුනද ගැලවීම ඉතා අපහසුය. විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය
  3. සියලු ගස් ඉවත්කිරීමේ අරමුණ ඇත්නම් පහසුවෙන් සියල්ල ඉවත් කළ හැකිය
  4. නමුත් වැදගත් යැයි සලකන යමක් ඇති විට, වටිනාකම් ඇති විට, පිරිසිදු කිරීමේදී ඒවා වෙන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එලෙසම ඒ තුළ වල් ගස් වලටද සැඟවීමේ හැකියාව ඇත
  5. ක්ලේශයන් දුරු කිරීමේදී ද එලෙසය. සමහර ක්ලේශයන් පහසුවෙන් ඉවත් කළ හැකි ය
  6. ක්ලේශයක් ලෙසවත් නොපෙනෙන දරු සෙනෙහස ආදී බැඳීම් ඉවත් කිරීම ඉතා අපහසුය. මෙය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය
  7. තවද ගසක එළියට පෙනෙන්නට ඇත්තේ කොටසක් පමණි. වැඩි කොටස පවතින්නේ පොළොවෙන් යටය
  8. එලෙසම ක්ලේශයක් ලෙස හසු වන්නේ ක්ලේශයේ කුඩා කොටසකි. ඒවායේ පැතිරුණු තරම වැටහෙන්නේ ඉවත් කිරීමට උත්සාහ කරන විටය
  9. සිත යනු ක්ලේශයකි. එම ක්ලේශ භූමිය තුළ තවත් ක්ලේශයන් පැලවී ඇති ලෙස උපමා කළ හැකිය. නිවන් මාර්ගය යනු එම ක්ලේශයන් ට තුඩු දුන් හේතූන් ඉවත් කිරීමක් වැනිය. එවිට ක්ලේශයන් ඉවත් වන්නේ නිරායාසයෙනි
No audio available
335. පිරිසිදු කිරීම 2

335. පිරිසිදු කිරීම 2

  1. වල් ගැලවීම තුළින් ද යම් හේතුඵල ධර්මයක් වටහා ගත හැකිය. උදළු ආදී උපකරණ භාවිතයෙන් වත්ත සුද්ද කිරීමේදී වල් ගසේ උඩින් කැපී යාම සිදුවේ
  2. එහිදී සිදුවන්නේ හේතුව ඉතිරිව තිබියදී ඵලය විනාශ වීමයි. ඒ වෙනුවට පස බුරුල් කර අලය පිටින්ම ඉවත් කර දැමීම හේතුව නැති කිරීමයි
  3. එලෙසම ද්වේශය, රාගය ආදිය ඵලයන්ය. ඒවා දුරු කිරීම කළ නොහැක
  4. ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ ඊට තුඩු දෙන ප්‍රධාන හේතුව වන, සිතන ක්‍රමය සහ දකින ක්‍රමය වෙනස් කිරීමයි
  5. සක්කාය දිට්ඨිය ප්‍රහාණය යනු දැකීමේ ක්‍රමයේ සිදුවන වෙනසයි. නැතහොත් සම්මා දෘෂ්ටියයි
  6. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ පසු සිදුවී ඇත්තේ ගසක මුදුන් මුල කැපීමක් වැනිය. වල් පැළෑටියක අලය ගලවා ඉවත් කිරීමක් වැනිය
  7. සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වූ පසු අටවෙනි ජීවිතයක් එළඹීමට පෙර සියලු ක්ලේශයන් දුරුවන බව තථාගත දේශනාවයි
  8. එම නිසා රාගය, ද්වේශය ආදී සියලු ක්ලේශයන් සක්කාය දෘෂ්ටිය හේතු කරගෙන පවතින ධර්මතාවයන්ය. නැතහොත් සියලු ක්ලේශයන්ගේ රජුන් වන්නේ සක්කාය දෘෂ්ටිය නම් ධර්මතාවයයි
  9. සක්කාය දෘෂ්ටිය බිඳුණු පසු කිසිදු ක්ලේශයක් නොනැසි ඉතිරි වීමේ ක්‍රමයක් ලෝක ධර්මතාවය තුළ නොමැත
No audio available
334. පිරිසිදු කිරීම

334. පිරිසිදු කිරීම

  1. වත්ත, මිදුල පිරිසිදු කිරීම එදිනෙදා දින චර්යාවේ කාර්යයකි. එහි බොහෝ ධර්මයන් ද ගැබ්ව පවතී
  2. වල් ගැලවීම වැනි කාර්යයක් තුළ මුලින් ලොකු වල් පැලෑටි ඉවත් කළ යුතු අතර, එවිට ඊළඟට ඇති වල් පැළෑටි ඉස්මතු වී පෙනේ
  3. එලෙසම මනස තුළ ඇති කෙලෙස් ද මේ ආකාරයෙන්ම උපමා උපමේය ලෙස ගැලපිය හැකිය
  4. වත්ත විශාල විට පිරිසිදු කිරීමේ කටයුත්ත අපහසුය. අද නොව හෙට ලෙස, සහ නොයෙකුත් මනසිකාරයන් ඔස්සේ සිත පසුගාමී වීම ස්වභාවයකි
  5. එවිට මෙම කොටස පමණක් සිදුකරනවා යැයි සිතා කුඩා කොටසක් තෝරාගෙන පිරිසිදු කිරීමට පටන් ගැනීම සිදුකළ යුතුය
  6. මෙවිට සිත මෙල්ල කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම යෙදීමට සහ සිතෙහි ස්වභාවය වටහා ගැනීමට පහසුවනු ඇත
  7. නමුත් ඇත්තෙන්ම සියල්ල සිදුකිරීමට නොහැකි විට, හැකි පමණ පිරිසුදු කොට සෑහීමට පත්විය යුතුය. එවිට සෑහීමට පත්වීම ලෙස ගුණයක් ද වැඩිය හැකිය
  8. හැමදාම සුද්ද කිරීම, අනෙක් අය සහභාගි නොවීම පිළිබඳ කනස්සල්ල, කරදරයක් ලෙස සිතීම ආදී ලෙස ද්වේශය මතුවිය හැකිය
  9. එවිට නොයෙකුත් සංඥා භාවිතා කරමින් නොයෙකුත් ධර්මයන් භාවිතා කරමින් සිත යටපත් කළ යුතුය. මෙලෙස සිත යටපත් කිරීම සඳහා උපක්‍රම භූමියක් ලෙස වත්ත මිදුල පිරිසිදු කිරීම සැලකිය හැකිය
No audio available
333. ටෝච් එළිය

333. ටෝච් එළිය

  1. ටෝච් එක විශාල ප්‍රදේශයක් පුරා පතිත වන විට බොහෝ කලාපයක් පෙනෙන අතර අඩු ආලෝකය නිසා පැහැදිලිව හඳුනාගත නොහැකිය
  2. නමුත් ටෝච් එළිය ක්‍රමානුකූලව ෆෝකස් කරන විට හසුවන ප්‍රමාණය අඩු වන අතර එවිට එළිය වැඩිවන හෙයින් පැහැදිලිව හඳුනාගත හැකිය
  3. හොඳින් ෆෝකස් වූ විට පොල් ගසක ඇති ගෙඩි ගණන වුවද ගණන් කළ හැකිය
  4. එලෙසම සියලු දෙනාටම පවතින යම් සිහියක් පවතී
  5. නාමරූප වල පවතින මෝහයන් හොඳින් හඳුනා ගැනීමට මනා සිහියක් අවශ්‍ය වේ
  6. එම නිසා පැතිරුණු සිහිය එක්තැන් කළ යුතුය. විදර්ශනාවට පෙර බොහෝ භාවනාවන් පවතින්නේ ඒ සඳහා ය
  7. බොහෝ පිරිසක් සිහිය නැතැයි කනස්සල්ලට පත්වුවද ඇත්තෙන්ම සිහිය එම අරමුණේ නැති වුවද යම් වෙන අරමුණක එම මොහොතේ, එම සිහිය පැවතී ඇත
  8. සිහියේ නිවැරදි ප්‍රයෝජනය නම් ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කිරීමය
  9. සිහිය ද හේතුඵල ධර්මයකි. එම සිහිය දිගටම තිබේ යැයි සහතිකයක් දිය නොහැකිය. එබැවින් සිහිය පවතින මේ මොහොතේ කළ යුත්ත සිදු කළ යුතුය.විදර්ශනාව පිණිසය
No audio available
332. නොහැකියාව

332. නොහැකියාව

  1. ශරීර ක්‍රියාවලිය අපගේ පාලනයෙන් තොර වෙනත් ධර්මතා වලින් පාලනය වේ
  2. නමුත් එය සිදු කරන්නේ අප යැයි සිතීම මහත් වූ අනුවණ කමකි
  3. අපට පැලයක් සිටුවා ගැනීමද අපහසු කාරණයකි. කෙස් ගසක් සිටවීම කිසිසේත් කළ නොහැකි කාරණයකි
  4. එක වැඩක් එක දිගට පැය කිහිපයක් වත් කල නොහැකි අපට කෙස් ගසක් අඛණ්ඩව වර්ධනය කිරීම කළ නොහැකි කාරණයකි
  5. ශරීරය, බත් පරිප්පු මුං ඇට යොදා ශක්තිය නිෂ්පාදනයක් සිදු කළද එය අපට සිදු කළ නොහැකි කාරණයකි
  6. ආහාරයක් දකින විට කටට කෙළ පැමිණීම සිදුවේ. එය අපට කළ නොහැකි කාරණයකි
  7. සිත සම්බන්ධව ද හේතුවක් නොමැතිව සතුටක් හෝ දුකක් ඉපදවීම කළ නොහැකි කාරණයකි
  8. මේ ආදී ලෙස මේ කිසිවක් අපගේ පාලනයේ නොමැති ධර්මතා ලෙස මෙනෙහි කළ යුතුය
  9. අපට කළ හැකි එකම දේ සිදුවන දේ සිදු වූ විට දැනගැනීම පමණි. විදර්ශනාව පිණිසය
No audio available
331. කාය ස්පර්ශය

331. කාය ස්පර්ශය

  1. කාය ස්පර්ශය ද එක්තරා ආකාරයක ප්‍රතිබිම්බයකි
  2. යම් වස්තුවක් කයේ ස්පර්ශ වන විට කයට දැනෙන්නේ වස්තුවේ ස්පර්ශය නොවේ. එම වස්තුවට සාපේක්ෂ ස්නායු වල තෙරපීමයි
  3. සිත පෙන්වා දෙන්නේ එය වස්තුවෙහි ස්පර්ශය ලෙසය. නමුත් එය වැරදි වැටහීමකි
  4. යම් වස්තුවක් මගින් ස්නායු මත ඇති කරන තෙරපීමම, වෙනත් උපක්‍රමයකින් සිදුකළ හැකිනම් සිත හඳුනාගන්නේ එම වස්තුව ස්පර්ශ වූ ලෙසය
  5. ස්නායු අක්‍රීය අයෙකුට කුමන වස්තුවක් ස්පර්ශ වුවද ස්පර්ශය නොදැනෙන්නේ ස්පර්ශය ලෙස සිත හඳුනාගන්නේ වස්තුවට සාපේක්ෂ ස්නායු වල යම් හැසිරීමක් බැවිනි
  6. තවද කාය ස්පර්ශය දුර්වල බැවින්, උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් ඔක්සිජන් වැනි වායු අණු දෙකක ස්පර්ශයෙහි වෙනසක් ශරීරයට හඳුනාගත නොහැක
  7. එලෙසම වෙනත් ලෝහ අංශු දෙකක ආදියෙහි වෙනසක් ද හඳුනාගත නොහැක
  8. තවද මොන ඉරියව්වෙන් සිටියද ශරීරයේ කුමන හෝ කොටසක් පොළොව සමග තෙරපීම සිදුවේ. තෙරපීමක් යනු දුක් සහගත ස්පර්ශයකි
  9. සිත ස්පර්ශය දැනගන්නා ආකාරය තුළ පවතින්නේ ද විශාල එළිපිටම පවතින මුලාවකි. විදර්ශනාව පිණිසය
No audio available
330. ඇසෙන ශබ්දය

330. ඇසෙන ශබ්දය

  1. කණට ඇසෙන ශබ්ද ද එක්තරා ආකාරයකට ප්‍රතිබිම්බයකි. නැතහොත් ඡායාවකි. මේ පිළිබඳ යම් විග්‍රහයක් පහත පරිදිය.
  2. වාහනයක් ගමන් කරන විට යම් ශබ්දයන් කනට ඇසීම සිදුවේ
  3. නමුත් ඇත්තෙන්ම කන ස්පර්ශ කරන්නේ වාහනේ ඇති කම්පනය වන කොටස් නොවේ
  4. කනෙහි ඇති මස් කෙන්ද ස්පර්ශ කරන්නේ කන අවට ඇති අංශුවල කම්පනයයි
  5. එය වස්තුව යම් ආකාරයකින් කම්පනය වන විට එයට සාපේක්ෂ අංශු වල කම්පනයයි
  6. නමුත් සිත අපට පෙන්වා දෙන්නේ එය වාහනයේ කම්පනය ලෙසය
  7. තවද කන දුර්වල බැවින් කන ග්‍රහණය කරන්නේ කම්පන රටා ආකාරයෙනි
  8. නමුත් පවතින්නේ කුඩා කුඩා එකිනෙකට ස්වායක්ත බොහෝ කම්පනයන්ය
  9. මේ ආදී වශයෙන් ශබ්දයක් හඳුනා ගැනීම තුළ එළිපිට පවතින, සිත මුලාවට පත් කරන බොහෝ දුර්වලතා පවතී. විදර්ශනාව පිණිසය
No audio available
329. කම්පනය සංඥාව

329. කම්පනය සංඥාව

  1. ලෝකය යනු කම්පනයක් ලෙස කැටි කළ හැකිය. මෙහි යම් විග්‍රහයක් පහත පරිදිය
  2. සියල්ල සතර මහ ධාතුව සහ එම සතර මහා ධාතුව සම්බන්ධන් මෝහය විඤ්ඤාණ ධාතුවෙහි පැවැත්ම ලෙස සඳහන් කළ හැකිය
  3. පොදුවේ ගත් කල සියල්ල ධාතූන් ය. ධාතූන් නිකං පවතින්නේ නැත තියුණු අන්වීක්ෂීය නිරීක්ෂණයකට හසු වන්නේ නිරතුරුව කම්පනය වෙමින් පවතන ස්වභාවය කි
  4. අප විද්‍යාව ලෙස සිදු කළ ඉගෙනීම් තුළද පරමාණු ලෙසද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදිය න්‍යෂ්ටිය වටේ කම්පනය වීමක් ලෙසද අසා ඇත
  5. හොඳින් දූවිලි පවතින අවස්ථාවක අපට හොඳින් අරමුණු වන්නේ දූවිලි අංශු නොව එහි පවතින කම්පනය වීමක් ය
  6. එලෙසම ලෝකය, මනසින් ධාතු කම්පනයක් ලෙස අරමුණු කළ විට ලෝකයේ කම්පනය නොවන කිසිවක් නොමැති බව වැටහෙනු ඇත
  7. සියල්ලෙහි පොදු සාධකය ලෙස කම්පනය ඉස්මතු කොට එම අරමුණෙහි සිහිය පවත්වාගෙන යන විට ඒ තුළ හිත හොඳින් සමාධිගත වනු ඇත
  8. එවිට ක්ලේශයන් ස්පර්ශ නොවනු ඇත
  9. මේ ඔස්සේ විදර්ශනා කරමින් ලෝකයේ යනු කම්පනයක් ලෙස සංඥාවක් මතුකළ හැකිය
No audio available
328. වේගය

328. වේගය

  1. වේගය යනු කුමක්දැයි ඇසූ විට එලෙස යමක් ඇතත් අර්ථ දැක්වීමක් දීම අපහසුය
  2. වාහනයක වේගය සම්බන්ධයෙන් ගතහොත් වාහනය ගමන් කිරීම ම වේගය යි
  3. මලක පිපීමේ වේගය සම්බන්ධයෙන් ගතහොත් මළ පිපීම ම වේගය යි
  4. වේගයක් ලෙස යමක් ඇත්තෙන්ම ඇති නමුත් එය භාජනයක දමා ගෙනත් පෙන්විය නොහැක
  5. එලෙසම මම යන්නෙහි අර්ථකථනය ද එවැන්නෙකි
  6. පෙනීමක් ඇසීමක් දැනීමක් හැඟීමකින් තොරව සත්වයෙක් පුද්ගලයෙක් පැනවෙන්නේ නැත
  7. එම නිසා පෙනෙන පුද්ගලයෙක් ලෙස නොව, පෙනීම ම මමයි, ඇසීම ම මමයි, දැනීම ම මමයි, හැඟීම ම මමයි ලෙස මෙනෙහි කළ විට ඒ තුළ සැඟවුණු යම් ධර්මයක් මතු කර ගත හැකිය
  8. පෙනීම ඇසීම දැනීම හැඟීම ඇති විට පුද්ගලයෙක් පහළ වෙයි. පූර්ණ වශයෙන් නැති විට නිරෝධ වේ.
  9. පෙනීම ඇසීම දැනීම හැඟීම නිරෝධ වූ විට ඒවායේ අයිතිය ඇති වෙනත් ධර්මතාවයක් ඉතුරු වන්නේ නැත. එයින් සියල්ල නිරෝධ වී ඇත. විදර්ශනාව පිණිසය
No audio available
327. මාළු දැල

327. මාළු දැල

  1. මාළුවන් සිටින පොකුණක මාළුවන්ගේ පැවැත්ම බොහෝ අස්ථීර එකකි
  2. මාළුවන්ට, තමන්ගේම ලොකු මාළුවන්ට මෙන්ම කුරුල්ලන්, කිඹුලන් සහ මිනිසුන් ආදී බොහෝ පිරිසකගේ ගොදුරු වලට පත්වීමට සිදුවේ
  3. ඉතිරි වන්නේ බොහෝ අතලොස්සකි. ඔවුන්ද ආයුෂ අවසන් වී මරණයට පත් වන්නේය
  4. එලෙසම මනුස්ස ලෝකය නම් වූ මාළු වලට, බොහෝ මාළු දැල් විටින් විට පතිත වන්නේය
  5. ස්වභාවික විපත්, ලෙඩ රෝග ආදිය ද මිනීමැරුම්, සියදිවි නසා ගැනීම් ආදී දැල් වලට ද විටින් විට පිරිස් ගොදුරු වන්නේය
  6. ඉතිරි වන පිරිසද ආයුෂ කෙළවර මරණයට පත්වන්නේය
  7. මෙලෙස නොයෙක් ආකාරයෙන් මෙනෙහි කරමින් ලෝකය කෙරෙහි පවතින ඡන්ද රාගය දුර්වල කළ යුතුය
  8. ලෝකය පිළිබඳ සුභ සංඥාව ඉස්මතු වන සෑම මොහොතකම සිදු වන්නේ කර්ම සකස් වීම පිණිස මාර්ගයක් විවර වීමකි
  9. එම නිසා දුක ලෙස, අසුභ ලෙස, අසාර ලෙස, මෙනෙහි කිරීම සියලු සත්වයන්ගේ යහපත පිණිසද, හිත සුව පිණිසද වන්නේය
No audio available
326. විවාහ ජීවිතය 2

326. විවාහ ජීවිතය 2

  1. වෙරළට ගොස් මුහුදේ සිරි නැරඹීම තුළ විශාල වරදක් නැත
  2. නමුත් වෙරළ තුළ වැලිවලින් නොයෙකුත් නිර්මාණ කිරීම කාලය නාස්ති කිරීමක් සහ තමා කරා දුක පැමිණීමට පාර කපා ගැනීමක් වැනිය
  3. එයට වඩා හොඳ නිර්මාණයක් වෙනත් අයෙකු සිදුකරන විට, මුහුදු රළ විසින් ඒවා කඩා බිඳ දමන විට සිත තුළ ඇතිවන්නේ වේදනාව කි
  4. තවද වඩා කැපවීමෙන් එම නිර්මාණ සිදු කරන අයෙක් වේ නම් මුහුදු රළ විසින් ඒවා කඩා බිඳ දමන විට ඔහු වඩා දුකට පත්වන්නේය
  5. විවාහ ජීවිතය ද වෙරළ තුළ නිර්මාණයක් සිදුකරනවා වැන්නකි. අතීතයේ බොහෝ සාර්ථක වූ පවුලක් වුවද ඉතුරු වූයේ නැත. සියලු දෙනා මිය පරලොව ගියේය. සියලු වත්කම්ද විනාශ වූයේය
  6. තවද බොහෝ පිරිසක් තම විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ කැප කිරීම් සිදුකරයි
  7. නමුත් ලෙඩ රෝග, වෙනත් සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවූ විට වඩා තැවෙන්නේ/ ගෙල වැලලා ගන්නේ වඩා කැපකිරීමක් සිදුකළ පිරිසය. එවිට පැමිණෙන දුක දරා ගත නොහැක
  8. තවද විවාහ ජීවිතයේ සාර්ථකත්වය පවතින්නේ නිරෝගිකම පවතින තුරු පමණි. නිරෝගී කම නැති වූ පසු ක්‍රමානුකූලව වෙනත් අතක් බලා ගැනීම මනුස්ස ස්වභාවයයි
  9. විවාහ ජීවිතයේ අග්‍රඵලය වන දරුවන්ගෙන් අවසාන කාලයේ සැලකිය යුතු සත්කාරයක් ලබන්නේ ඉතා අල්ප පිරිසකි. ඒය සිදුවන්නේද බොහෝවිට අකමැත්තෙනි
No audio available
325. විවාහ ජීවිතය

325. විවාහ ජීවිතය

  1. අප ඉපදී ඇත්තේ අතීත කර්මයන්ට ලැබුණු දඬුවමක් ලෙසය. ලෝකය යනු එම චූදිතයන්ට දඬුවම් විඳීම පිණිස සකස් වූ පාවෙන සිර මැදිරියක් වැනිය
  2. රාගය, ද්වේශය ආදිය ඇතිවීම එම දඬුවමේම කොටසකි. විවාහ ජීවිතය යනු එම දඬුවමෙන් ඇතිවෙන පීඩාව මඳක් සමනය කර ගැනීමට යයි සිතා චූදිතයන් විසින්ම සකස් කර ගත් ක්‍රමයකි
  3. වෙනත් ආකාරයකින් විවාහ ජීවිතය යනු එලයිමන්ට් වල දෝෂ සහිත බොහෝ බර පටවාගත් වාහනයක් පදිනවා වැනිය
  4. වම් පස රෝදය එක අතකට සකස් වී ඇති අතර දකුණු පස රෝදය පවතින්නේ වෙනත් අතකට සකස් වීය
  5. බොහෝ මුදල් ඉපයීම සිදුකළ ද ඉතුරුවක් නොමැත. හිල් වූ පනිට්ටුවකට වතුර එකතු කරනවා මෙන් එකතුවන ප්‍රමාණයට වඩා පිටව යන්නේය. මුදල් රඳන්නේ නැත
  6. කළු ගලක් කරේ තබා බැඳ ගැනීමක් වැනිය. නීතිය පවා සකස් වී ඇත්තේ කොපමණ බර වුවත් පහසුවෙන් බිම තැබීමට නොහැකි වන ලෙසය
  7. තවද විවාහ වී බොහෝ කාලයක් ගතවුව ද එකිනෙකාගේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම ද අපහසු කාරණයකි
  8. එකිනෙකාගේ නොයෙකුත් අඩුපාඩු ඉස්මතු වන්නේ කාලයත් සමගය. අවසානයේ පවුල් ජීවිතය ගතවන්නේ වෙනත් කිරීමට දෙයක් නොහැකි නිසාය
  9. විවාහය යනු නිර්වාණය පවා අහිමි කරන මාර ධර්මයකි. එම නිසා විවාහයේ නිස්සාර බව දැන සරණ යෑම කිසිසේත් නොකළ යුතුය
No audio available
324. වතුර බෝතලය

324. වතුර බෝතලය

  1. වතුර බෝතලයක් ගත්විට එහි බර පාට භෞතික ලක්ෂණ ආදිය විස්තර කළ හැකිය
  2. තවත් අයෙකුට මෙම වතුර විශ සහිතය, මෙම වතුර නුගුණය ලෙස පවසමින් වතුර පානය කිරීම කෙරෙහි ඇති විශ්වාසය බිඳවීමේ හැකියාව ඇත
  3. වතුර බෝතලය පුද්ගලයාට සාක්කුවේ දාගත හැකිය. රැගෙන යා හැකිය. නමුත්, එවිට වතුර බෝතලය එකකි. පුද්ගලයා තව එකකි. දැනුම උපමාවක් ලෙස මෙවන් දෙයකි
  4. නමුත් වතුර පානය කළ විට වතුර සහ පුද්ගලයා ලෙස දෙකක් නොපවතී. වතුර සහ පුද්ගලයා එකකි, වෙන්කළ නොහැක
  5. එම වතුර කෙරෙහි විශ්වාසය බිඳ වැට්ටවීමක් පැනවිය නොහැක. තවද පානය කළ වතුර වල පාට බර ආදී භෞතික ලක්ෂණ ද ඉස්මතු කළ නොහැක
  6. එය එකක්ම වී ඇති බැවින් එය සහ මෙය ලෙස වෙනසක් නොපවතී. අවබෝධය හෝ ප්‍රත්‍යක්ෂය මෙවැනිය
  7. එය ඵලයක් වන අතර එය තව කෙනෙකුට දිය නොහැක
  8. කළ හැකි වන්නේ එය සිදුවූයේ කෙසේද ලෙස ජලය පානය කළ ක්‍රමය විස්තර කිරීමය
  9. අන් ආකාරයෙන් එයට අදාල නිවැරදි ධර්මය වන්නේ ජලය පානය කළ ආකාරයයි. එයින් පමණක් පිපාසය සංසිඳීම සිදුවේ
No audio available
323. කුඹුරු කෙටීම

323. කුඹුරු කෙටීම

  1. කුඹුරු කෙටීමක් සිදු කරන්නේ වගාවක් සඳහාමය
  2. මේ ආකාරයෙන් කුඹුර කෙටීම සැපය, අර ආකාරයෙන් කුඹුර කෙටීම සැපය යයි ලෙස බේදයක් නැත
  3. මොන ආකාරයෙන් කුඹුර කෙටුවත් උරුම වන්නේ වෙහෙස මහන්සිය සහ සම්ප්‍රයුක්ත වශයෙන් දුකය
  4. කොටන ලද කුඹුරක් එතනින් නතර වන්නේ නැත. වගා කිරීම රැක බලා ගැනීමද අවසානයේ බෝග විකුණා ලැබෙන ධනයෙන් නැවත සිදු කරන්නේ කුඹුරු කෙටීමය
  5. එලෙසම මෙය සැපය, එය සැපය කියමින් සිදු කරන ලෞකික ගනුදෙනු තුළ ඇති වන්නේ දුකක්ය
  6. එම ලෞකික ගනුදෙනු තවත් ලෞකික ගනුදෙනුවකට පාර කපන අතර කුඹුරු කෙරුවාව සේ චක්‍රයක් ලෙස වරින් වර තමා වෙත පැමිණෙන්නේ දුකමය
  7. උපමාවක් ලෙස ලෞකික ජීවිතය යනු එය දුකය, මෙය සැපය කියමින් ක්‍රමය වෙනස් කරමින් නැවත නැවත සිදු කරන කුඹුරු කෙටීමක්ය
  8. ඉතිරියක් නැත. ලාභයක් නැත. අවසානයේ කුඹුර තුලම ජරා ජීර්ණව මිය පරලොව යාමට සිදුවන්නේය.අප සංසාරය තුළ මේ ආකාරයෙන් ඕනෑ තරම් කුඹුරු කොටා ඇත
  9. සංසාරය නැමැති මෙම දුක්ඛිත කුඹුරට, කුඹුරු කෙටීමට සමුදීමට කාලය එළැඹ ඇත
No audio available