Report Menu
All Cards
Total Cards: 416 | Page: 7 of 21 | Showing: 20 cards
296. තනි රූල් කොලය 2

296. තනි රූල් කොලය 2

  1. තනි රූල් කොලයේ වටිනාකම නීරෝගීබවට සාපේක්ෂය. වයස්ගත මරණාසන්න පුද්ගලයෙකුට හෝ ශාරීරිකව ඉතා දුර්වල, කිසිවක් කරකියා ගත නොහැකි අයෙකුට එහි වටිනාකමක් නැත
  2. තනි රූල් කොලයක වටිනාකම වයසට සාපේක්ෂවද වෙනස් වේ. ඉගෙන ගන්නා දරුවෙකු එයින් බොහෝ ප්‍රයෝජන ගන්නා අතර කිරි බොන ළදරුවෙකුට එය සෙල්ලම් කිරීමට ලැබුණු තවත් එක් දෙයක් පමණක් වනු ඇත
  3. එහි වටිනාකම ක්‍රියාකාරී ස්ථානයටද සාපේක්‍ෂය. පිහිනුම්කරුවෙකුට හෝ කිමිදුම්කරුවෙකුට තනි රූල් කොලයෙන් ඇති පලක් නැත
  4. රැකියා ස්වභාවය අනුවද තනිරුල් කොලයේ වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ
  5. තනි රූල් කොලය ඇසෙහි පෙනීමෙහි දුර්වල කමට සාපේක්ෂය. ඇසේ බොහෝ විභේදන හැකියාව තිබුණේ නම් එහි ඇති අංශු කොටස් හොඳින් නිරීක්‍ෂණය වීමෙන් එය කඩදාසියක් නොවන බව අවබෝධ වනු ඇත
  6. උප්පත්ති භූමියට අනුවද තනි රූල් කොලයේ වටිනාකම තීරණය වන අතර කුහුඹුවකු, ගැඩවිලෙකු මෙන් තිරිසන් සත්වයින්ටද අපායගාමී නිරිසතුන්ටද කඩදාසි කොලයක වටිනාකමක් නැත
  7. ලිවීමට, එතීමට, ගිනි දැල්වීමට, පිහදැමීමට සහ වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීමද අනුව ප්‍රයෝජනයට ගන්නා කාරණය මත කඩදාසි කොලයේ වටිනාකම වෙනස් වේ
  8. ළඟ දුර අනුවද වටිනාකම වෙනස් වේ. ඉතා දුර ඇති කඩදාසි කොලයක වටිනාකම අඩු අතර සාපේක්ෂව ළඟ ඇති කඩදාසි කොලයක වටිනාකම වැඩිය
  9. මේ ආකාරයෙන් මෙනෙහි කරන විට එකම තනි රූල් කොලයේ වටිනාකම සාපේක්ෂ බවද, අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ලක්ෂණ ඇති බවද හේතුඵල න්‍යායක් බවද වැටහෙනු ඇත
No audio available
295. තනි රූල් කොලය

295. තනි රූල් කොලය

  1. පෙනෙන රූපය එකම වුවද සිතන ක්‍රමය අනුව එහි වටිනාකම වෙනස් වේ
  2. මානසික පරීක්ෂණය: තනි රූල් කොළයක් උදාහරණයට ගනිමු. පස් වල පෝෂණය උරා සකස්වන ගස් අන් ආකාරයෙන් පස්මය. ගස් කැබිලි කොට කුඩු කොට සකස් කරන කඩදාසි ද අන් ආකාරයෙන් පස්මය
  3. කඩදාසි කොලය යනු ඇසෙහි සටහන් වන වර්ණ ඡායාවක් පමණි
  4. ඇසෙහි පෙනීම, කයෙහි දැනීම නැතිනම් කඩදාසි කොලය මනස තුළට ඇතුල් වන්නේ නැත. එනම් කඩදාසි කොලය යනු ඇස කය ඇත්නම් පවතින නැත්නම් නොපවතින කාරණයකි
  5. කඩදාසි කොලයේ දිග පළල අතර අනුපාතය වෙනස් වන විට කඩදාසි කොලයක් පැනවීමට නොහැකි අවස්ථාවක් පැමිණේ. එය අතුරුදහන් වී, එවිට කඩදාසී තීරුව යන්නක් හටගනී. එනම් මෙහි යම් මායාකාරී භූත ස්වභාවයක් ඇත
  6. ආලෝකය නැත්නම් මනස තුළ කඩදාසි කොළයක් හට නොගනියි. එනම් කඩදාසි කොලය යන්න තුළ ආලෝකයේ ද සම්බන්ධයක් පවතී
  7. කඩදාසි කොලයක් දැකීමට අප ඉපදී තිබිය යුතුය. එනම් ඉපදීමට අතීතයේ යම් කර්මයක් කර තිබිය යුතුය. එනම් කඩදාසි කොලය දැකීම යනු කර්ම විපාකයකි
  8. කඩදාසි කොලය හඳුනා ගැනීමට ඇගේ ශක්තිය තිබිය යුතුය. ආහාර නොගෙන සිටි දුර්වල අවස්ථාවක කඩදාසි කොලය හඳුනාගත නොහැක. එනම් කඩදාසි කොලය යන්නෙහි ජලය ආහාරය ආදියෙහි ද සම්බන්ධයක් ඇත
  9. මෙලෙස නොයෙකුත් අරමුණු නොයෙකුත් ආකාරයෙන් බලමින් වටිනාකම වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න. විදර්ශනාව පිණිසය
No audio available
294. රැවටීමෙන් උපන් ආයතන

294. රැවටීමෙන් උපන් ආයතන

  1. අපට බාහිර වස්තු ත්‍රිමාණ ලෙස දර්ශනය වීම සිදුවුවත් ඇස අනුබද්ධයෙන් ගතහොත් රූපයක් දුටු විට ලැබෙන තොරතුර බාහිර පිට පොත්ත හා සම්බන්ධ දෙයක් පමණි
  2. උදාහරණයක් ලෙස පුද්ගල රූපයක් දකින විට ශරීරයේ දෙතිස් කුණපය අතරින් කෙස්, ලොම්, නිය, දත් සහ සම් (තච පංචකය) ලෙස කුණප පහක් පමණක් මූලිකව දර්ශනය වේ
  3. ඒවා ඇසට හසු වන්නේ වර්ණ සටහන් ලෙසය. ඇත්තෙන්ම බාහිර ආලෝක ප්‍රභවයට සාපේක්ෂව ඇස තුළ හටගන්නා වර්ණ සටහනකි
  4. එම වර්ණ සටහනට නොයෙකුත් තොරතුරු එක්කොට හැඩ වැඩ දමා පුද්ගලයකු ලෙස, දෙයක් ලෙස මවා පෙන්වන්නේ සිත මගින්ය
  5. මෙය උපමාවක් ලෙස තමන්ගේ පවතින හිස රුදාවකට වෙනත් අයෙකුගේ හිස ද නොව, කිසිදු සම්බන්ධයක් නැති ඔහුගේ කකුල පිරික්සීමක් වැන්නකි
  6. ඇසෙහි හට ගන්නා ඡායාව නිරීක්ෂණය කර ඒ තුළ භෞතික වස්තුන්, සත්වයන් පුද්ගලයන් ඇතැයිද එම වස්තූන් බාහිරව ඇතැයිද පැවසීම බොරුව තුළ බොරුවක් ගොඩනැගීමකි
  7. තවද එසේ හටගන්නා වර්ණ සටහන ඒ ආකාරයෙන්ම ඇති කළහැකි බාහිර උපකරණයක් ඇත්නම් කිසිදු ආයාසයකින් තොරව ඇස රැවටිය හැකිය. ඒ අනුබද්ධයෙන් රාග, ද්වේශ මෙන්ම නොයෙකුත් කර්මයන්ද හට ගැනීම සිදුවේ
  8. තවද ඇසට හසු වන රූපයේ දර්ශන මාත්‍රයකින් වුවද ඇසීම, දැනීම සහ සුවඳ ආදී එහි ස්වභාවයන් මෙම මායාකාරී විඤ්ඤාණයට මවා පෙන්විය හැකිය
  9. මුලාවක් නොමැතිව ඇස පවතින්නේ නැත. මක්නිසාද ඇස උපදින්නේද මුලාවෙන්මය. අනෙක් ආයතන සම්බන්ධවද එසේමය. විදර්ශනාව පිණිසය
No audio available
293. ජංගම දුරකථනය

293. ජංගම දුරකථනය

  1. මනසේ පැවැත්මට අඛණ්ඩව පෝෂණය සපයන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි. සංක්ෂිප්ත ලෙස ගතහොත් නොයෙකුත් දැනගැනීමි ලෙස ගත හැක
  2. ශරීරයට ආහාර ලබා දීමෙන් පෝෂණය වන්නා සේ වර්තමානයේ මනස, නිරතුරුව දැනගැනීම් වලින් පෝෂණය වන්නේ ජංගම දුරකථනය මගිනි
  3. නවීන තාක්ෂණය අනුව ලෝකයේම ඇති ප්‍රශ්න තෝරා බේරා ගැනීමකින් තොරව ක්ෂණිකව මනසට ඇතුල් කිරීමට ජංගම දුරකථනය සමත් වීම නිසාම අද බොහෝ මිනිසුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත
  4. මෙය එක්තරා ආකාරයකට මනසට සමානය. මෙයට නොයෙකුත් තොරතුරු ලැබෙන අතර තොරතුරු ලැබෙන ආකාරය ඔප්පු කිරීම අපහසුය.
  5. ලැබෙන තොරතුර දැනගැනීම පමණක් සිදුකළ හැකිය. තමන් කැමති තොරතුරුම එයින් නොලැබෙන්නේය. මෙලෙස මෙනෙහි කරමින් මේ තුළින් අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ආදී ලක්ෂණ මතු කළ යුතුය
  6. මෙයින් බොහෝ විට ආදීනව ලෙස රාග, ද්වේශ වැඩිවීම සහ පැවැත්ම පිණිස කර්ම සකස් වීම සිදුවේ
  7. විදුලි බලය හරි ආකාරව සම්බන්ධ කරන්නේ නම් විශාල ප්‍රයෝජනයක් ගත හැකි අතර නැතහොත් ගිනි ගැනීම් ආදිය ඇතිවී ජීවිතය පවා තොර වීම සිදුවන්නේය
  8. එලෙසම ජංගම දුරකථනය භාවිතා කරන ආකාරය අනුව නිවන මෙන්ම නිරයටද මාර්ගය සකසා ගත හැකිය
  9. මේ ආකාරයෙන් ජංගම දුරකථනය විදර්ශනා කළ හැකිනම් එයින්ද නිවන උදෙසා විශාල ධර්මයක් මතුකර ගත හැකිය
No audio available
292. ප්‍රශ්න

292. ප්‍රශ්න

  1. ගිහි ජීවිත ගතකරන සාමාන්‍ය මිනිසුන්ට බරපතල ප්‍රශ්න ලෙස පෙනෙන්නේ සහ දැනෙන්නේ ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න සහ දේශපාලන ප්‍රශ්න ආදියයි
  2. මේවා නිට්ටාවටම විසඳිය හැකි ප්‍රශ්න නොවන අතර යම් විසඳුමක් ලැබුණත් ඒවා තාවකාලිකව යොදනු ලබන පැලැස්තර වේ
  3. කායිකව ඇතිවන ලෙඩ රෝග වල පීඩාව මේ අතරින් ඉතා ප්‍රබල ප්‍රශ්නයකි. බොහෝ විට එහි පීඩාව හඳුනන්නේ එයින් අසරණ වූ පිරිස පමණකි. අදාල රෝගයට නියමිත ඖෂධ ලබාගන්නා නමුත් නැවත රෝග ඇතිවීම, විසඳිය නොහැකි ප්‍රශ්නයකි
  4. බොහෝ රෝගීන් සහ රැකී රක්ෂා කරමින් ඉඩකඩම් දේපළ රැස් කරන්නන් තුළ පවතින සිතිවිල්ලක් වන්නේ දිනෙක සියලු ලෙඩ රෝග සුවවී තම හිතෛෂීයන් සමග රැස්කළ ධනය භුක්ති විඳිමින් සතුටින් සිටීමට කාලයක් එළඹේ යන්නයි
  5. එය සිතිවිල්ලක්ම මිස කිසිදිනක ඉටුනොවන කාරණයකි. අතීතයේද එලෙස සිතූ කිසිවෙකුට සතුටින් ජීවත්වීමට නොහැකි වූ අතර සියලු රැස්කිරීම් හුදෙක් ජීවත් වීමට ගත් උත්සාහයක්ම පමණක් විය
  6. නමුත් බඩගින්න, පිපාසය, පිරිසිදු කිරීම් සහ කායික නඩත්තුව ප්‍රශ්න ලෙස නොගැනුණත් අරගල කළ යුත්තේ එම ප්‍රශ්න වලට එරෙහිවය. නමුත් ඒවාද විසඳීමෙන් අවසන් වන ප්‍රශ්න නොවේ
  7. මෙම සියලු ප්‍රශ්නවල උත්පාදකයා වන මානසික ප්‍රශ්නය නිවැරදිව මෙනෙහි වීමෙන් අවබෝධයට පත් සිහිය ඇති පුද්ගලයෙකුට ලේ වමනය පිටවන්නේය
  8. අයිතියක් පැනවිය නොහැකි, පාලනය කළ නොහැකි, ක්ෂණිකව කර්මයන් උත්පාදනය වන, දුකින්ම උපන් සහ දුකම උපදවන මෙම තුච්ච නින්දිත සිත අත්හැරීමට සිත් පහළ විය යුතුය
  9. මේ සඳහා සතර සම්‍යක් ප්‍රධාන ධර්මතාවය අනුගමනය කර වීර්යය වඩමින් කෙලෙස් දුරු කිරීම පිණිස එදිනෙදා කටයුතු උපක්‍රමශීලීව වෙනස් කළ යුතුය
No audio available
291. වචනයෙහි බර

291. වචනයෙහි බර

  1. ගලක් පොළොවෙහි බොහෝ කාලයක් රැඳී පවතින්නේ එය සතු බර නිසාය. නැතහොත් වැස්ස, සුළඟ වැනි බාහිර බලපෑම් හමුවේ ගසාගෙන යෑමක් සිදුවේ
  2. එලෙසම නිවන් මාර්ගයේ ගමන් ගන්නා අයෙකුගේ වචනයෙහි අර්ථවත් බවින් යුක්ත බරක් තිබිය යුතුය
  3. සිතෙහි නොනැවතී ඇතිවන සිතිවිලි නිසා හටගන්නා වචන නම්වූ සුළඟ, තම වාසිය නම්වූ වැස්ස හමුවේ ගසාගෙන යෑම සිදු නොවිය යුතුය. එසේ වීමට නම් වචනයෙහි බර තිබිය යුතුය
  4. කෙසෙල් ගසක පතුරු ගැලවෙනවා මිස එහි හරයක් හෝ ප්‍රයෝජනයට ගත හැකි අරටුවක් නැත
  5. එලෙසම පිටවන වචන වල අර්ථය සලකා බලන විට ඇත්තේ කිසිදු හරයක් නොමැති වචන සමූහයක් පමණි. තමන්ට හෝ අනුන්ට කිසිදු යහපතක්ද වී නැත. අවසානයේ සිදුවී ඇත්තේ කර්ම රැස්වීම තුළින් දීර්ඝ සසරක් උරුමවීම පමණි
  6. දහයියාද ඈත සිට බලන කල වී ලෙස පෙනුණත් සොයා බලන විට ඇතුළත හිස්ය. බරක් නොමැත. හිස් වචන ලෙස හඳුන්වන්නේද එම වචනවල බරක් නොමැති නිසාය
  7. තථාගතයන් වහන්සේගේ එක් වචනයක පවා සිතාගත නොහැකි, මැනිය නොහැකි අප්‍රමාණ බරක් ඇත
  8. එම වචන තවමත් නොසෙල්වී පවතින්නේ ඒවායේ ඇති බර නිසාය. කිසිදු බාහිර බලපෑමක් හමුවේ ගසාගෙන යන්නේ නැත
  9. නිවන් මාර්ගයේ ගමන් කරන අපගේද වචන වල යම් බරක් පැවතිය යුතුය. එය බුද්ධ ශ්‍රාවකයෙක් සතු විය යුතු අගනා ගුණයකි
No audio available
290. අවශේෂ වන බැඳීම

290. අවශේෂ වන බැඳීම

  1. පැලයක් සිටවූ පසු එහි පැවැත්ම සිදුවන්නේ පොළව සමග බැඳීම යන කාරණය මතය. එහි පැවැත්ම ඇතිවීමට නම් පොළව තව තවත් අල්ලා ගත යුතුය
  2. කොපමණ පොළොව සමග බැඳුනත් යම් දිනෙක සියලු බැඳීම් බිඳ වැටී පොළොවටම ඇද වැටෙන ඉරණම ද එය සතුව ඇත
  3. සෑම බැඳීමකම සැඟවුණු ප්‍රතිලාභ අපේක්ෂාවක් ඇත. ගසක් වුවද බැඳීම සිදු කරගන්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභ ද සලකාය. හොඳින් පෝෂණය ඇති ප්‍රදේශයට වැඩි ප්‍රමාණයක් මුල් ඇදීම උදාහරණයකි
  4. මුහුදු ජලය මුහුදු ජලය සමඟ බැඳී ඇත ලෙසද, බැඳී නැත ලෙසද හේතු සාධක ඉදිරිපත් කළ හැකිය.මෙවැනි උදාහරණ ඔස්සේ විදර්ශනාව ගෙනයන විට බැඳීම යනු පැනවිය නොහැකි දෘෂ්ටියක් බව තහවුරු වනු ඇත
  5. අප නෑදෑ හිතවතුන් ඥාති මිත්‍රයන් යාළුවන් ආදීන් හා බැඳී ඇති ලෙස පෙනුනද ඇත්තෙන්ම එම බැඳීම් වාසියට ම සකස් වූ ප්‍රපංචයන්ය
  6. සොයා බැලුවහොත් හමුවන්නේ බැඳී ඇතැයි, බැඳී නැතැයි ලෙස වරදවා වටහා ගත් සිතිවිලි සමුදායක් පමණි
  7. ලෝකය තුළ කිසිවක් කිසිවකට බැඳී නොමැත. කිසිවක් කිසිවකට නොබැඳී ද නොමැත
  8. පවතින්නේ හේතුඵල සබඳතාවයක් වන අතර එයද එක්තරා සිතිවිලි සමුදායක් පමණි. සම්මා දෘෂ්ටිය ද එක්තරා දෘෂ්ටියකි. නමුත් එය දෘෂ්ටීන් අතුරෙන් අඩුම හානිය ඇති දෘෂ්ටියයි
  9. ලණුවක් පමණක් අතැතිව ඇතැයි පැවසුවද පසුපස හරකා පැමිණෙනවා සේ බැඳීමක් ඇති විට බැඳීම පසු පස ඒකාන්තයෙන් දුකද පැමිණෙනු ඇත
No audio available
289. වේගය සහ ක්ලේශය

289. වේගය සහ ක්ලේශය

  1. වේගය යනු අප නොසිතන ලෙස ක්ලේශයන් හා බැඳී ඇති ධර්මතාවයකි
  2. උදාහරණයක් ලෙස යම් කාන්තාවක්, පුරුෂයෙක් ගමන් කරන වේගය සිය ගුණයකින් වැඩි කළ විට හෝ අඩු කළ විට කැමැත්තක් ගොඩනැගෙන්නේ නැත
  3. අනන්ත ලෙස වේගය අඩු වැඩි කළ හැකි වුවත් ඉතා කුඩා වේග සීමාවකට පමණක් කැමැත්ත ඉපදීම සිදුවේ
  4. ෆිල්ම් එකක් වුවද කිහිප ගුණයකින් වේගය වැඩිකර හෝ අඩුකර නැරඹූ විට ඒ තුළ කිසිදු රස විඳීමක් හටගන්නේ නැත
  5. ඉර හඳ ගමන් කරන වේගය සුළඟ වැස්ස ආදී ධර්මතාවල ද ලස්සනක් කැමැත්තක් ඇතිවන්නේ එක්තරා වේග සීමාවකට පමණි
  6. කන අනුබද්ධයෙන් ගතහොත් යම් සින්දුවක් වැඩි වේගයකින් හෝ අඩු වේගයකින් ශ්‍රවණය කළ විට එහි රසයක් උපදින්නේ නැත. අනෙක් ආයතන සම්බන්ධව ද එසේමය
  7. මෙලෙස ක්ලේශයන් සහ වේගය අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීම පිණිස පරීක්ෂණ සිදු කළ යුතුය
  8. වේගය ක්‍රමානුකූල ලෙස අඩුකරමින් වේගය ක්‍රමානුකූලව වැඩි කරමින් කැමැත්ත වෙනස් වන ආකාරය මානසික පරීක්ෂණයක් ලෙස සිදුකළ යුතුය
  9. මෙම විදර්ශනාව කැමැත්ත මෙල්ල කිරීම පිණිස ප්‍රයෝජනයට ගත හැකි අගනා වටිනා තවත් විදර්ශනාවකි
No audio available
288. සමබරතාවය

288. සමබරතාවය

  1. බතක් පිසීමේ යම් ක්‍රමයක් සහ එම ක්‍රියාදාමයේ යම් සමබරතාවයක් ඇත
  2. හාල්, වතුර සහ ගින්දර ආදී අමුද්‍රව්‍ය එකම වුවද සිදු කරන ක්‍රියාවලිය තුළ ලැබෙන ප්‍රතිඵල වෙනස්ය
  3. හාල් මුලින් දමා ගින්දර වැඩි කොට අවසානයේ වතුර දැමීමෙන් බත් ලැබෙන්නේ නැත
  4. අඩු වැඩි නොවූ වතුර, අඩු වැඩි නොවූ ගින්දර ආදී සමබරතාවය වැටහෙන්නේ කාලයක් බත් පිසීමෙන් ලද පළපුරුද්දේ ප්‍රතිඵලයක් ලෙසය
  5. ලෞකික ලෝකෝත්තර සමබරතාවය වැටහෙන්නේද ඒ ආකාරයෙන් කාලයත් සමඟය
  6. බත් පිසීමේ කාලයක් නිරත වූ අයෙකුට බත උතුරන හඬින් බතෙහි ස්වභාවය ප්‍රකාශ කළ හැකිය
  7. එලෙසම ධර්ම ප්‍රතිපදාවේ කාලයක් නියැලුණ අයෙකුට සිත හැසිරෙන ආකාරයෙන් සිදුවන්නේ කුමක්දැයි වැටහෙන්නේය
  8. ලෞකික ජීවිතයට සිරවී ඇත්තේ නොයෙකුත් බැඳීම් මගින්ය. බැඳීම් යනු හුදෙක් සිතුවිලි සමුදායක් පමණි. එනම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ සිතිවිලි වලටමය
  9. සිතිවිල්ල යනු භෞතික දෙයක් හෝ ඉසිලිය නොහැකි බරක් හෝ නොවේ. එය හුදෙක් සිතිවිල්ලක් පමණක් වන බව වටහා ගත යුතුය
No audio available
287. හේතුඵල

287. හේතුඵල

  1. ගසක් මල් ගෙඩි ආදිය මෙන්ම අතු ඉති බෙදී ලස්සනට තිබුනත් ඒ පෙනෙන්නට ඇත්තේ හේතු සමුදායක එකතුවකි
  2. එනම් ජලයෙන් වාතයෙන් පසෙන් හිරු එළියෙන් පෝෂණය වන ගස යනු එම හේතූන් වල එක්තරා ස්වරූපයක් ලෙස දැක්විය හැකිය
  3. නමුත් එය හේතූන්ට හාත්පස වෙනස් භෞතික ලක්ෂණ පෙන්වයි
  4. හිරු එළියට පමණක් ගසක් සකස් කළ නොහැක. එනම් එක් එක් හේතුව තනි තනිව ගත්විට ඒවා සතුව ගසක් සකස් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් හේතූන් නියම පදමින් එක් වූ විට ගසක් හට ගැනීම සිදුවේ
  5. තවද සිදුවන්නේ කර්මයක් වුවත් එයට හාත්පස වෙනස් ලක්ෂණ ඇති ඇස කන දිව නාසය ආදී ශරීර කොටස් මෙන්ම සුඛ දුක්ඛ ආදී මානසික තත්ත්වයන්ද හට ගැනීම හේතුඵල ලෙස සිදුවන්නකි
  6. එක් හේතුව එක් ඵලය ලෙසද, එක් හේතුව ඵල රාශියක් ලෙසද, හේතු රාශිය එක් ඵලය ලෙසද, හේතු රාශිය ඵල රාශිය ලෙස ද හේතුඵල ගැලපීම සිදුකළ හැක
  7. එදිනෙදා ජීවිතය තුළ මේවා සිදුවන ආකාරය ඝන මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා දැකීමට උත්සාහ ගත යුතුය. පුහුණු කළ යුතුය.
  8. එවිට හිතන ආකාරය වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන අතර එහි ඵලයන් ලෙස කැමැත්ත පාලනය වීම සිදුවේ
  9. මේ ආකාරයෙන් වැරදෙන සෑම අවස්ථාවකම සිත ධෛර්යමත් කරමින් පුරුදු පුහුණුව සිදු කරන විට ශක්තිමත් ලෙස සම්මා දිට්ඨිය වර්ධනය වීම සිදුවේ
No audio available
286. මිථ්‍යා දෘෂ්ටිය

286. මිථ්‍යා දෘෂ්ටිය

  1. මිථ්‍යා දෘෂ්ටිය යනු සරලව වරදවා වටහා ගැනීමයි
  2. උපමාවක් ලෙස අඹ ගසක් සිටවා ඇති විට එය දෙල් ගසක් ලෙස වරදවා වටහා ගැනීමක් වැනිය
  3. දෙල් ගසක් යැයි සිතා අඹ ගසක් සිටවා දෙල් පැලේ ලක්ෂණ, දෙල් ගසේ ලක්ෂණ ආදිය ද අවසානයේ දෙල් ද බලාපොරොත්තුවේ
  4. නමුත් අඹ ගස දරන්නේ අඹ ගසේ ලක්ෂණය ය. එහි කිසි දිනක දෙල් හටගන්නේ නැත
  5. එම වරදවා වටහා ගැනීම නිසා ඉච්ඡාභංගත්වය, පසුතැවිල්ල, අනපේක්ෂිත දෑ සිදුවීම ආදී බොහෝ දුක්ඛයන්ට පත්වෙයි
  6. එලෙසම ලෝකයේ පුද්ගල භාවයෙන් තොර හේතුඵල ආදී යම් ධර්මයක් ඇති අතර එය වරදවා වටහා ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි
  7. පුද්ගල භාවයක් ගොඩනැගීම හේතුවෙන් කර්ම ආදිය සකස් වන අතර අනපේක්ෂිත ලෙස ජාති ජරා, ව්‍යාධි මරණයන් ට ගොදුරු වීම සිදුවේ
  8. නිවැරදි වැටහීම තුළ පුද්ගල භාවයක් නොමැති අතර ඒම අවබෝධය ඇත්නම් කර්ම සකස් වන්නේ නැත
  9. එවිට ඉපදීමක් සිදු නොවන අතර සංසාර දුක්ඛය ද අවසන් වීම සිදුවේ
No audio available
285. දැනගැනීම 3

285. දැනගැනීම 3

  1. බුද්ධ ශාසනයේ ඇත නැත ආදී පැනවීම් සිදුවන්නේ බඹයක් පමණ වූ මෙම කයට (සිතද ඇතුලත්ය) සාපේක්ෂවය
  2. ඉර පෑයීම, සඳ පෑයීම, සුළං හැමීම, ගහ කොළ සෙලවීම ආදී බොහෝ දෑ ලෝක ධර්මතාවය තුළ සිදුවේ
  3. නමුත් මිහිපිට සිටියා වුවත් යම් හෙයකින් අයෙකුට ඒ පිළිබඳව දැන ගැනීමට නොහැකි විට ඔහුට ඒ දේවල් නැත
  4. ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇත්නම් ඔහුට ඒ දේවල් ඇත. බාහිර ඉර පෑයීම ඇතත් වඩා ප්‍රබල වන්නේ දැනගැනීම හෙයින් ඉර පෑයීමක් නැත ලෙස කිව හැකිය
  5. සතර අපාය ඇත සතර අපාය නැත ආදිය ද එවැනි කරුණකි
  6. සතර අපායට කර්මයක් සකස් වී නොමැති නම් හා හැකියාවක් ද නොමැති නම් ඔහු සතර අපාය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය නැත
  7. සතර අපායට කර්ම සකස් වී ඇත්නම් හෝ හැකියාවක් ඇත්නම් ඔහු එය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය ඇත
  8. මෙය හේතුඵල ධර්මයක් වන අතර සතර අපාය පැනවෙන්නේ විඤ්ඤාණයකට සාපේක්ෂවය
  9. විඤ්ඤාණ ලෙස ධාතුවක් ඇත්නම් ද එයට සතර අපායට කර්මයක් ඇත්නම් ද සතර අපාය ඇත, එසේ කර්මයක් නැත්නම් සතර අපායක් නැත
No audio available
284. දැනගැනීම  2

284. දැනගැනීම 2

  1. ජීවත්වීම යනු නොයෙකුත් දැනගැනීම් සමග සිදු කරන පොර බැඳීමකි
  2. එක් එක් දැනගැනීම සිදුවන්නේ අතීත මතකයන් නම් උපැස් යුවළ තුළින් ය
  3. එම මතකයන් වල ස්වභාවය අනුව දැනගැනීම දෘෂ්ටියක් වීම ද ඒ තුළින් ද්වයතාවයක් නිර්මාණය වීම ද සිදුවේ
  4. තවද පිළිකුල් දේ නොපිළිකුල් ලෙස, නොපිළිකුල් දේ පිළිකුල් ලෙස, සුභ දේ අසුබ ලෙස, අසුභ දේ සුභ ලෙස ආදී වශයෙන් වරද තුළ ද වරද සහගත බවක් ගොඩනැගී ඇතඑමගින් ඇතිවන සිතිවිලි පරම්පරා මගින් බොහෝ කර්ම සකස් වීම සිදුවේ
  5. රහතන් වහන්සේලාට ද, තථාගතයන් වහන්සේට ද තම අතීත වතගොත මතකයේ පැවතුණ බව අප අසා ඇත
  6. එනම් සිදු කළ යුත්තේ මතකයන් වෙනස් කිරීම හෝ මකා දැමීම නොවේ. ඒවා තුළ මුල් බැස ඇති පුද්ගල දෘෂ්ටිය ඉවත් කිරීම පමණි
  7. මම මගේ ලෙස යම් හැඟීමක් ඇත්නම් සියලු දුක්ඛයන්ට බීජය වන්නේ එයයි
  8. එම නිසා වඩාත් බිය විය යුත්තේ යක්ෂයන්ට, ප්‍රේතයන්ට, මරණයට, සතර අපාය ආදියට නොවේ. මම මගේ ආදී ලෙස සකස් වී ඇති සිතිවිලි වලටය
No audio available
283. දැනගැනීම

283. දැනගැනීම

  1. මේ සිත කය පරිහරණය තුළ දැනගැනීම යනු ලෝකය පැනවෙන ප්‍රධාන කාරණයකි
  2. යමෙක් මියගොස් ඇති අවස්ථාවක එය දැනගන්නා තුරු අපට මියගොස් නැත
  3. හැඬීම දෙඩීම පටන් ගන්නේ මියගිය මොහොතේ නොවේ. එය දැනගත් මොහොතේ ය
  4. අනෙක් ආකාරයකට කෙනෙක් මියගොස් නැත. නමුත් වැරදි තොරතුරක් මගින් එම කෙනා මියගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත
  5. එම මොහොතේ මිය යෑමක් සිදු නොවුනත් කණගාටුවට පත්වීම, හැඬීම දෙඩීම සිදුවන්නේය
  6. නිගමනය වන්නේ මිය යෑම සිදුවුවත් නොවුනත් දැනගැනීම සිදුවූ පමණකින් කෙනෙක් මිය යෑම නොයෑම තීරණය වන බවය
  7. ලෝකය තුළ කුමක් සිදුවුවද එය දැනගන්නා තුරු අපට එය සිදුවී නැත
  8. සිල්වත් අයකු දුස්සීල ලෙස දැනගතහොත් අපට ඔහු දුස්සීලය. අනෙක් කාරණා සඳහාද එසේමය
  9. අපට සංසාරය සකස්වීමට ප්‍රධාන හේතුව වන්නේද දැනගැනීම හෙවත් දෘෂ්ටිය පිරිසුදු නොවීමය. ඒ අතරින් ප්‍රධාන වන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඇත ලෙස සිදුවී ඇති දැනගැනීම හෙවත් සක්කාය දෘෂ්ටියයි
No audio available
282. ධර්මය

282. ධර්මය

  1. නූතන වෛද්‍ය ප්‍රතිකාර තුළ රෝගීන් හට, විවිධ ඖෂධ සහ නොයෙක් ප්‍රතිකාර ක්‍රම ඇත්තේය
  2. අයෙක් වචනයෙන් පවා සුව කළ හැකි ය. තවත් විටෙක ගෑමට, බීමට මෙන්ම එන්නත් ලෙසද බෙහෙත් නියම කරන්නේය
  3. තවත් අයෙකුට අතපය බැඳ දැමීම, තරවටු කිරීම සහ හිර කර තැබීම ආදී ක්‍රමවලින්ද සැත්කම් කිරීම් සහ බද්ධ කිරීම්ද වශයෙන් ප්‍රතිකාර පවතින්නේය
  4. එලෙසම ධර්මය වනාහී සංසාර රෝගය සුවපත් කරන ඖෂධයකි. අයෙක් දහම් වචනය ඇසුණු පමණකින් සුවය ලබන අතර තවත් අය සඳහා අනුගමනය කළ යුතු නොයෙකුත් උපක්‍රම ධර්මය තුළ සඳහන් වේ
  5. කමටහන් ලබාදී සුවපත් කිරීම පමණක් නොව, දඬුවම් ආදිය නියම කිරීම සහ නොයෙකුත් සීලයන් පනවා සිත සිරකිරීමද ධර්මයක්ම වේ
  6. ස්වයං ශික්ෂණය ඇති ශ්‍රාවකයා මෙම දඩුවම් වලට ද සීලයට ද යටත් වන්නේ ස්වකැමැත්තෙන්මය
  7. සිත කය පරිහරණය යනු එක්තරා ආකාරයකින් සැඟවුණු පාලක මැදිරියක් ඇති උපකරණයක් වැනිය
  8. ධර්මය යනු පාලක මැදිරිය කුමක්දැයි, එහි එක් එක් අයිතමය සතු හැකියාව, දුර්වලතාවය, එම පද්ධතිය යහපත සඳහා නොවන බව, මිදිය යුතු බව මෙන්ම මිදිය යුතු මාර්ගයද විස්තර සහිතව පෙන්වා දීමක් වැනිය
  9. වෙනත් ආකාරයකින් කිසිදා පරාජයට පත් නොවූ, ඔබට අපට දුක උරුම කිරීමේ ධර්මය වන *සක්කාය දිට්ඨිය* බිඳීමේ ආයුධය යනු අති ප්‍රභල වූ තථාගත ධර්මය යි
No audio available
281. රස්තියාදුකාර සිතිවිලි

281. රස්තියාදුකාර සිතිවිලි

  1. සිතෙහි සිතිවිලි රස්තියාදුකාරයන් වැනිය. ඕපාදූප කරේ තබාගෙන පැමිණ සිත තුළ කැලඹීමක් ඇතිකර පිටව යන්නේය
  2. සිතිවිල්ලක් තුළින් පුද්ගලයෙකුට විනාශයක් මිස යහපතක් සිදු නොවන්නේ ය. කුමන සිතුවිල්ලකින් වුවත් බොහෝ විට සිදුවන්නේ සසර දිගුවීම පිණිස හේතු සකස්වීම පමණි
  3. සිහියෙන් නොසිටියහොත් සිතිවිලි විසින් අනාගතයේ දුක පැමිණීම පිණිස කර්මයන් උපදවා පිටව යන්නේය
  4. සිතිවිලි ක්‍රියාත්මක වන්නේ සන්තතියක් ලෙසය. උදාහරණයක් ලෙස පැමිණි දුකක් පහව යන්නේ ක්‍රමානුකූලවය. තත්පරයෙන් තප්පරයට දුක සැප ලෙස උච්ඡාවචනය වීමක් සිදුවන්නේ නැත
  5. පුළුන් කැබැල්ලක් ඉහළ අහසෙහි තබා අතහැරිය විට වැටෙන්නේ කොතැනටදැයි නිශ්චිතව කිව නොහැක
  6. එලෙසම සිතිවිල්ලකට මෝහය මිශ්‍ර වූ විට ඉතා බලගතුය. කුමන විනාශයක් සිදුවේදැයි තක්සේරු කළ නොහැක
  7. උදාහරණයක් ලෙස මෝහයේ ප්‍රමාණය අනුව ප්‍රාණඝාතය, සියදිවි හානි කර ගැනීම, සොරකම ආදී ඕනෑම අකුසල කර්මයක් මහත් අකුසල කර්මයක් ලෙස සිදුවිය හැක
  8. නමුත් කාරණය සරලය. සිතිවිල්ලක් ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන එකම සිද්ධිය තුළ, ගැඹුරු කුඩා මෝහයක් පැවතීම මේ සියල්ලටම හේතුව වේමනුස්ස ජීවිතය වේගයෙන් නොයෙකුත් කඩඉම් පසු කරමින් මරණය කරා ළඟා වන්නේ ය. ලැබුණා වූ මනුස්ස ජීවිතයේ නිමාවත් සමග වැසිකිලියක් බඳු විඤ්ඤාණ ධර්මතාවයෙන් මිදීමට ඇති තවත් අවස්ථාවක් අහිමි වී යන්නේ ය
No audio available
280. හඬක් නැති වේදනාව

280. හඬක් නැති වේදනාව

  1. මිනිසෙකුට යම් කරදරයක් වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
  2. සමහර සත්ව කාණ්ඩ වලටද යම් කරදරයක් වේදනාවක් ඇති වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
  3. එය මනුස්ස ආදී සත්වයින්ට පවතින බලයකි
  4. නමුත් ඇතැම් මාළුවන්, කුහුඹුවන් වැනි සත්වයින්හට තමන්ට කරදරයක් දුකක් පීඩාවක් දැනෙන විට කෑ ගැසීමේ හැකියාව, දුක ප්‍රකාශ කිරීමේ හැකියාව අකුසලය විසින් වසා දමා ඇත
  5. ප්‍රතිචාරයක් නොමැති බැවින් බලයෙන් වැඩි සත්වයන් හට හැඟී යන්නේ එම බලයෙන් හීන සත්ත්වයන් හට වේදනාවන් නොදැනෙන බවය
  6. එම නිසා ඔවුන්ගේ වේදනාවට හඬක් නැගීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. එනම් ඔවුන්ට ලැබෙන අනුකම්පාවට සීමාවන් පැනවී ඇත
  7. අන් අයගේ බලය හමුවේ සියලු වේදනාවන් දරාගෙන සිටීම ඔවුන්ගේ ඉරණම වී ඇත
  8. වැස්සක් වුවද ඔවුන්ට ලැබෙන්නේ මහා මුහුදක් ලෙසය. මඳ සුළඟ වුවද සුළි සුළඟක් ලෙස හමන්නේය
  9. එම නිසා බලයෙන් වැඩි අපගේ එක් සිතිවිල්ලක වෙනසින් බලයෙන් හීන සත්වයන්ගේ ජීවිත පවා නැසී යන බව සිහියේ තබා ගත යුතුය
No audio available
279. පාවහන් යුගල

279. පාවහන් යුගල

  1. දෙපයට ආරක්‍ෂාව සලසන පාවහන් යුගල හිතමිත්‍රයන්ටත් වඩා සේවයක් සිදුකරයි
  2. පාවහන් මගින් කටු ගල් මුල් ආදිය මෙන්ම කුණු තැවරීම ලිස්සීම ආදියෙන්ද ආරක්ෂාව සලසාලයි
  3. නමුත් මේ සියල්ල සිදුවන්නේ පාවහන් පලඳා ඇති අවස්ථාවේ පමණි
  4. එලෙසම තථාගත ශාසනය තුළද සත්වයාගේ සැපය පිණිස නිර්වාණය පිණිස කමටහන් ලෙස පාවහන් යුගලක් ඇත
  5. කමටහන් යනු කෙටියෙන් ගතහොත් සිතට ආරක්ෂාව සලසන, නිර්වාණයට පමුණුවන ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදයන්ය
  6. නොයෙකුත් භාවනා ක්‍රම මෙන්ම වත්පිළිවෙත් ආදිය ද මෙනෙහි කළ යුතු ආකාරයන් ද කමටහන් ගණයට ඇතුළත්වේ. කමටහන තුළ සිත පවතිනතුරු සිතෙහි ආරක්ෂාව සිදුවේ
  7. දුක ආදියෙන් ආරක්ෂාව සලසයි. භවය තුළ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී සැපය ළඟා කරයි. සතර අපායට දොර වැසී යයි. නිර්වාණය පිණිස මාර්ගය සලසාලයි
  8. සිත කුඩා දරුවෙක් වැනිය. විටෙක තරවටු කළ යුතුය විටෙක නින්දා කළ යුතුය. අගය කිරීමෙන් ද සිත මෙල්ල කළ හැකිය. උදාහරණයක් ලෙස එක් මොහොතක හෝ කමටහන තුළ සිහිය පවතින්නේ නම් එය ඉතා අගය කළ යුතුය
  9. සංසාරයක් අසිහියෙන් සිටි මා හට එක් මොහොතක් හෝ සිහියෙන් සිටීමට හැකි විය, ආදී ලෙස මෙනෙහි කරමින් සිත නැවත නැවත දිරිමත් කළ යුතුය
No audio available
278. සිහිය ඇත පුද්ගලයෙක් නැත

278. සිහිය ඇත පුද්ගලයෙක් නැත

  1. ගසක් ප්‍රමාණවත් වැඩීමෙන් පසුව මල් දැරීම සිදුවේ. එය නියමිත කාලයේ නියමිත ස්ථානයේ සිදුවන්නේය
  2. එනම් ගස තුළ මනා සිහියක් පවතී
  3. තවද ගසක් මනා සිහියෙන් සියලු ගෙඩි කොළ අතු ආදියට පෝෂණය සපයයි. අතපසුවීම් මගහැරීම් සිදුවන්නේ නැත
  4. පොළොවට වැටෙන සෑම කොළයක්ම අමතක වීමෙන් තොරව දිරාපත් වන්නේය
  5. ව්‍යාධිය සිදු නොවුනහොත් සෑම පැළයක්ම ගසක් වන්නේය. පැලයකට වර්ධනය වීම අමතක වන්නේ ද නැත
  6. අඹ ගසක වැරදීමෙන් පැපොල් හටගන්නේ නැත. මනා සිහියෙන් යුතුව අඹ ගසෙහි අඹම හට ගන්නේය
  7. මෙලෙස මෙනෙහි කරන විට ඉර හඳ මහ පොළොව සුළඟ ගහකොළ ආදී සියල්ල තුළ සිහිය පවතින බව වටහාගත හැකිය
  8. එනම් පුද්ගල භාවය නොමැති වුවත් සොබා දහම තුළ සිහිය ක්‍රියාත්මක වන්නේය
  9. මේ ආකාරයෙන් මෙනෙහි කොට සිහිය පවතින බැවින් පුද්ගලයෙක් පවතී ආදී ලෙස පවතින දෘෂ්ටීන් බිඳදැමිය යුතුය
No audio available
277. නොපෙනෙන බලය

277. නොපෙනෙන බලය

  1. ඔන්චිල්ලාවක් තල්ලු කළ විට ප්‍රතිචාර වශයෙන් එය නැවත අප කරා පැමිණෙන්නේ තරහව නිසා නොවේ. යම් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
  2. එලෙසම යම් පුද්ගලයෙකුට බැනීමක් සිදුකළ විට ආපසු බැනුම් ලැබෙන්නේද එවන් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
  3. ගුරුත්වාකර්ෂණයට වස්තුවක් ස්පර්ශ කිරීමෙන් තොරව බලපෑම් කළ හැකිය
  4. කාන්දමකට, විශේෂ ගුණ ඇති වස්තූන් කුලකයකට ස්පර්ශයෙන් තොරව බලපෑම් කළ හැකිය
  5. එලෙසම විඤ්ඤාණ අතරද බලයක් ක්‍රියාත්මක වන අතර විඤ්ඤාණයකට තවත් විඤ්ඤාණයක් විසින් බලපෑම් සිදුකළ හැකිය
  6. එලෙසම අමනුස්ස, ප්‍රේත, භූත, ඇස් වහ, කට වහ ආදී බලපෑම් ලෙස ක්‍රියාත්මක වන්නේය
  7. ගුරුත්වාකර්ෂණ බලය, කාන්දම් බලය ආදී ලෙසම කර්ම බලයද ක්‍රියාත්මක වන්නේය.
  8. ආයතන වලට ගෝචර දෑ සත්‍යය ලෙසද ආයතන වලට ගෝචර නොවෙන දෑ ආශ්චර්ය අද්භූත ලෙසද සැලකුවත් සියල්ල එක හා සමාන ලෝක ධර්මතාවයන්ය
  9. තවද ලෞකික කාරණා සඳහා නොදැන ගත් දේ තුළ වටිනාකම් ගොඩනැගෙන අතර දැනගත් විට එහි වටිනාකම දියවී යන්නේය. නමුත් ලෝකෝත්තරව කිසිවක වටිනාකමක්, නොවටිනාකමක් පැනවෙන්නේ නැත
No audio available