පියවර 10

නිවීමේ පණිවිඩය

“ අත්හරින සියල්ලන් අත්හැරියා යන්න අල්ලා ගනිති. අත්හැරීම තුලිනුත් සිදුවන්නේ අල්ලා ගැනීමක් නම් අත්හැරියේ කුමක්ද? “
පිං පොත බලන්න එය අත්හැරියාට වඩා අල්ලාගත් දේ ගැන සාක්ෂි දරයි!
අත්හැරිය වස්තුවට වටිනාකමක් ඇත. අත්හැරීමට වටිනාකමක් නැත. අත්හැරියා යන පාරට්ටුව තුල අත්හැරීමටත් වටිනාකමක් ලැබී ඇත!
අප පුරුදුව සිටින්නේ අත්හරිනවාට වඩා අත්හැරිය දේවල් කීමටය!
ඔබත් නිවන පතන්නෙක් නොවී නිවෙන්නෙක් වන්න!
ලෝභ ද්වේෂ මෝහ රාග වල වරදක් නැත. ඒවා විදින්න විදවන්න යෑමයි වරද!

පෘතජ්ජනය! ෴

තාක්ෂණය විනාශයට මග පෙන්වයි
දියුණුව පිරිහිමට උපකාර කරයි
පොහොසත් වීම අවිවෙකය උරුම කරයි
ලස්සන වීම අනතුරු ලං කරයි
කිසිවකට නොබැදීම නිවීමට ලං කරයි!

උවටැන් ෴

ඔබ ඔබේ ලෝභය අත්නොහැර කුමක් අත්හැරියත් ඉන් ඵලය කුමක්ද?
අත්හරින ඔබ ශ්‍රේෂ්ට විය යුත්තේ අත්හැරීමට නොව, අසුනොවීමටය!
අසු වෙන තාක් කල් අත්හැරීමේ නිමාවක් නැත.

කමටහන

ලෝභයා අලෝභය අත්හරීයි! රාගියා විරාගය අත්හරීයි! වෛරයා අවෛරය අත්හරීයි! මෝහයා අමෝහය අත්හරීයි!

මෙලොව සියල්ලෝ කුමක් හෝ යමක් අත්හරිමින් පසුවෙයි, ඔබත් එවැනි අත්හරින්නෙක්දැයි සිහියෙන් විමසන්න!

සැලකිය යුතුයි!

රාගයට, ලෝභයට හෝ වෛරයට කැමති ඇත්තා ඒවා පසු පස හබායයි. නිවීමට කැමති ඇත්තා පිරි නිවීම පසු පස හබායයි!!

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

පෙර
10 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31