“සියල්ල මනසින් අත්හරින ඔබ සියල්ලටම අසු වී සිටින්නේ මනසින්මය, අල්ලාගත් එම මනස නිදහස් කරගන්නා සියල්ල මනසින් අත්හරින්නේය“
මෙලොවට පැමිණෙන විට කුමක් රැගෙන ආවෙමුද, රැගෙනයන්නේ එයමය!
ගෙනාවෙත් නැත. ගෙනියන්නෙත් නැත. අතර මැද තණ්හාව පමණක් කුමටද?
ලෝකයේ සියල්ල ඇත. එහි අයිතියද ලෝකයට ඇත. අපට ඇත්තේ පරිභෝජන අයිතිය මිස වෙන කුමක්ද!
දෙදෙනෙක් රැගෙන ආවහූය, සතරදෙනෙක් රැගෙන යන්නහූය, මෙය නම් ජීවිතය එහි තවත් ඵලයක් ඇද්ද!
මග ඵල ලබන්නට කැමැත්තා සැමදා මහා මගය, නිරෝධයට කැමැත්තා මගෙන් එතෙරය!
නොපිපුනු මල් වෘක්ෂයේ යම් සේද හදුනානොගත් රහතාත් ඔබ තුල එලෙසමය!
මනසේ රැවටිල්ල ෴
ප්‍රඥාව: යෝගිය රැවටෙන මනසට වඩා රවට්ටන මනසේ ප්‍රඥාව දුටුවෙහිද!
ශ්‍රේෂ්ටත්වය: රවට්ටන මනසට හැඩගැහෙන රැවටෙන මනසේ ශ්‍රේෂ්ටත්වය දුටුවෙහිද!
අවබෝධය: රවට්ටන මනසටත් රැවටෙන මනසටත් දෙකටම ඔබ රැවටෙන බව දුටුවෙහිද!
නිගමනය: දැකිය යුත්තේ රැවටිල්ල නොව රැවටිල්ල දකින සිහියය!
එම්බා අසරණය! ෴
යමෙක් සතුව කුමක් තිබුණත් එහින් පිහිටක් නැතිකොට සියල්ලෝ අසරණය...
මුදලේ පිහිට පැතූ ඔබ මුදල නිසාම අසරණ වුවා නොවේද?
දරුවන්ගේ පිහිට පැතූ ඔබ දරුවන් නිසාම අසරණ වුවා නොවේද?
වස්තුවේ පිහිට පැතූ ඔබ වස්තුව නිසාම අසරණ වුවා නොවේද?
මිතුරන්ගේ පිහිට පැතූ ඔබ මිතුරන් නිසාම අසරණ වුවා නොවේද?
ඥාතීන්ගේ පිහිට පැතූ ඔබ ඥාතීන් නිසාම අසරණ වුවා නොවේද?
දැනුමේ පිහිට පැතූ ඔබ දැනුම නිසාම අසරණ වුවා නොවේද?
උවටැන් ෴
ඔබ යනු ඔබේ සිතය. සිත නිවුන විට ඔබ නිවෙන්නේය. ඔබ නිවුන විට සිත නිවෙන්නේය. එකකට තව එකක් නිවන්නට නොහැකිය.
කමටහන
මනසින් සියල්ල අල්ලා ගනී. එම මනසින්ම තමාට ඇති වු විට සියල්ල අත්හරීයි. අල්ලා ගෑනීමත් අත්හැරීමත් මනසේ ක්‍රියාවක් මිස භාහිර දෙයක් එතන නැත. මෙය සතර ඉරියව්වෙන් සිහියෙන් දකින්න්න!
සැලකිය යුතුයි!
මනස දකින ඇත්තා තමා දුටු මනසින්ම නිවෙන්නේය. මනසේ රැවටීම දකින ඇත්තා රැවටීමට කථා කියන්නේය.