“ යමෙක් යමකට කැමති නම් කලකින් කැමැත්ත අවසන් වූ වහම අකැමැත්ත යන අන්තයට පැමිණෙන්නේය. එලෙස, අල්ලාගත් අය පවා කලකින් අත්හරින අන්තයට පැමිණෙන්නෝය “
ඔබ සතුව තිබෙන සියල්ල කවදා හෝ දිනක අත්හැරෙන බව දන්නෙහිද!
ඔබ කැමැත්තෙන් ලංකරගත්, අල්ලාගත් දේ කීයෙන් කීයක් එලෙස පවතීද!
කුමන සෙනෙහසින් දුක පැමිණෙන්නේද? එයින් වෙන් වන්න. එවිට දුකද වෙන් වනු ඇත!
දරුවට ආදරය කරන්න. ආදරේට ආදරය නොකරන්න. ඔබ අසුවන්නේ දරුවට නොව ආදරයටයි!
ඉර පායන්නේම බහින්නමයි. ජීවීන් ඉපදෙන්නේම මැරෙන්නමයි.
කලකිරෙන අවස්ථා ෴
• ඕනෑම දෙයක් ඕනෑවට වඩා පරිභෝජනය කළොත් කලකිරේ.
අලුත් වාහනය මුල් යුගයේ ගේ ඇතුලේය. අවුරුදු පහකින් එය පිටුපස මඩුවේය. සමහරවිට එය සුනඛයන්ගේ නිවහනය.
• එකම දෙයක් නිතර සවන් දුන්නොත් කලකිරේ.
දෙමව්පියන්ගේ අවවාද නිතර ඇසෙන දරුවාට අවවාද පමණක් නොව දෙමව්පියනුත් කලකිරේ. ප්‍රතිඵලය වෙන්වීමයි.
• එකම දේ නිතර දුටුවොත් කලකිරේ.
රූරැජිනයි රූරජුයි විවාහ වුණත් මාස තුනකට වඩා එකිනෙකා දිහා බලා සිටිය නොහැක. වෙන මුහුණක් දකින්නට ඔවුන්ට දරුවෙක් අවශ්‍ය වේ.
කමටහන
සෑම අල්ලාගැනීමක්ම කලකිරුණු විට අත්හැරේ. සෑම පරිභෝජනයකදීම මෙය පුරුදු කරන්න:
ආශ්වාදය
වස්තුව පරිභෝජනය කිරීම.
ආදීනව
පරිභෝජනය තේරුම් ගැනීම.
නිස්සරණය
එයින් හටගන්නා කලකිරීම/නිදහස.
හමුවන්නේ හමුවීමට නොව, වෙන්වීමේ නිර්මාණය උදෙසාය!
“නිවන් දකිමු ස්වාමින් වහන්සේ හමු නොවන්නේ වෙන්වීමේ දුක නොලැබෙන පිණිසය“
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
සෑම අල්ලාගැනීමක්ම කලකින් තවකෙනෙකුට දෙන්න තරම් ඉදිරිපත් වන්නේ සිතින් අත්හැරුණ නිසා නොවේද.