පියවර 24

නිවීමේ පණිවිඩය

“ ඔබවවත් (එනම් මාන්‍යයවත්) ඔබට අත්හරින්න බැරි කොට බාහිර දේ අත්හරින්නේ කෙසේද? “
තමකම ඇත්තා සියල්ලේ අයිතිකාරයාය, තමකම නැත්තා සියල්ලේ අයිතිය නැත්තාය!
මාන්‍යයේ ස්වභාවය අයිතිවාසිකමය, අයිතියෙන් බැහැර වීම නිරෝධයේ ස්වභාවයයි!
තමකම අත්හරින්නාට අත්හැරීමට කිසිවක් ඉතිරිව නැත!
කොපමණ දන් දුන්නත් මාන්‍යය නැවත සසරට අසු කරයි!
ඔබ රැස් කරන්නේ ඔබ නිසා නොව, ඔබේ ජීවිතාශාව නිසාය!

පිබිදෙන්න! නින්දෙන් අවදිවන්න. තමකම නඩත්තුවෙන් නිදහස් වන්න. මමෙන් තොර ජීවිතයට හැඩ වන්න. ඔබ සසරෙන් නිදහස් කරන්නේ ඔබමය. ඔබට ඔබ මිස තවත් පිහිටක් නැත.

මාන්‍යය නඩත්තුවන අවස්ථා ෴

පෙලපත් නාමය හා ගෞරවය
අධ්‍යාපනය හා උපාධි
නිලතල හා බලතල
වස්තුව හා වත්කම්
ප්‍රශංසා හා පිළිගැනීම
ධර්මාවබෝධය හා දැනුම
ප්‍රසිද්ධිය හා දියුණුව
ආර්ය ඇසුර හා මාර්ගඵල දෘෂ්ඨි

කමටහන

ඔබ නිතර ඔබව නඩත්තු කරන්නෙහිය. ඒ තුළ නඩත්තු වන්නේ ඔබ නොව, ඔබේ මාන්‍යයයි. සතර ඉරියව්වෙන්ම නිහතමානිකම පුරුදු කරන්න. ඒ තුළ තමකම සමග සියල්ල අත්හැරෙන්නේය.

අටුවාව

ඔබ ස්පර්ෂ කරන, පරිභෝජනය කරන, සිතන සෑම දෙයකම "ඔබ" සිටින්නේ නම්, අත්හැරීයේ කුමක්ද? ඔබ ඔබට අත්හැරෙන තෙක් අත්හැරීමේ නිමාවක් නැත.

ටීකාව

අල්ලාගැනීමත් සිතය. අත්හැරීමත් සිතය. මමය අත්හැරීමට වෙර දරයි. සැබවින්ම එතැන ඇත්තේ අනුන්ගේ පරිභෝජනය මිස අයිතිවාසිකමක් නොවේ.

සරලාව

තමාව අත්හරින්නා සියල්ල අත්හරින්නේය. මක්නිසාද, තමකම නැතිකොට ඔහු වෙත අත්හැරීමට තවත් කිසිවක් ඉතිරි නොවන බැවිනි.

(ඔබ වෙනුවෙන් අත්හරින ඔබ, ඔබ වෙනුවෙන් කිසිවක් අත්හැර නැත!)

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

පෙර
24 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31