සියලු අකුසල යටපත් වී කුසලය මතු වේ. හැඟීම් යටපත් වී බුද්ධිය ක්‍රියාත්මක වේ. ප්‍රඥාවන්තයා අකුසලය පවා කුසලයක් කර ගනී.
සියලු කුසල යටපත් වී අකුසල මතු වේ. බුද්ධිය යටපත් වී හැඟීම් ක්‍රියාත්මක වේ. අනුවණකම කුසලය පවා අකුසලයක් කර ගනී.
සතර ඉරියව්වේ සිහිය සතර ආකාරයේ කුසල් අවධි කරයි. අවධි වූ කුසල් නිවීම ඇති කරයි. සතර ඉරියව්වේ සිහිය පුරුදු කරන්න.
සෑම නාම රූපයක්ම නිවන කියයි. සෑම සිදුවීමක්ම නිවීමටමය. කුසල් අකුසල් දෙකම සසරේ නිමාව උදෙසාමය.
(අඳුනාගත් අකුසලය පවා කුසලයකි නිවෙන්නා හට!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව / ටීකාව
කුසලය හා අකුසලය තීරණය වන්නේ නිවීම මතය. නිවීම තීරණය වන්නේ ප්‍රඥාව මතය. කුසලයෙන් නිවෙන්නා පින්වන්තයාය, අකුසලයෙන් නිවෙන්නා බෝසත් වීරයාය.