පියවර 03

නිවීමේ පණිවිඩය

අවවාද පිලි ගන්නවාට වඩා අවවාද පිලිපැදීම ශ්‍රේෂඨ කොට සලකන්න!
උදකලාව තීරනය වන්නේ, හිස් පරිසරය මත නොව, ඔබ තුල පවතින බැදීමේ ප්‍රමාණය මතය!
මෛත්‍රිය ලබන දෙයක් නොව දෙන දෙයක්ය, එබැවින් අනුන්ගේ මෛත්‍රිය නොපතා ඔබේ මෛත්‍රිය අනුන්ට දෙන්න!
ඇයි ඉපදුනේ කියා සිතනවාට වඩා, ඉපදීමේ යුතුකම් ගැන සිතන්න!
ලෝක සමගිය වෙනුවෙන් සටන් කිරීමට වඩා, තමා ලෝකෙට සමගියෙන් වෙසීම ශ්‍රේෂ්ටය!

කමටහන

"නිවෙනවා නම් ඕනම දෙයක් අල්ලගන්න! ඇවිලෙනවා නම් රත්ත්‍රං උවත් විසිකරන්න!"

සලායතන වල ගනුදෙනු නිවෙන ලෙස භාවිතා කරන්න. සතර ඉරියව්වෙන් පුරුදු කරන්න.

ඔබේ නිවීම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබේ අවශ්‍යතාවයය!!!

සැලකිය යුතුයි!

නිවෙන තැන් සොය සොයා යාමට වඩා ඇවිලෙන තැන් සොයා නිවන්න. ඇවිලෙන්නේ ඔබමය.

ඇවිලෙන තැන් නිවීමෙන් නිවීම හටගන්නවා මිස, නිවුනු තැනින් නිවීම ගන්නට දරන උත්සහය සුළං ඇල්ලීමට කරන වෑයමක් වැනිය.

ඔබේ නිවීම ඔබේම වගකීමයි.
එය පැහැර නොහරින්න!!!

පෙර
3 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31