“ සැබෑ අත්හැරීම ප්‍රායෝගිකව හෝ මනසින් හෝ අත්හැරීම නොව, සියල්ලන් පිළිබද අයිතිය අහිමි කර ගැනීමය “
අයිතිය අයිති නොකරගන්නා අයිතියෙන් පමණක් නොව ඉපදීමේ අයිතියද අයිති නැති කරගන්නේය!
තම අයිතිය පවතින තාක් ඔබ සසරට, සසර ඔබට!
යමක් ලැබීම පවා අත්හැරීමකි. මක්නිසාද යමක් ලැබෙන්නේ එහි කුසලය අත්හැරෙන විටය!
“මරණය” කිසිවක් අයිති නැති බව මතක් කරයි!
මරණානුසතිය වඩන්නාට හිමිවන්නේ මරණය නොව, ජීවිතාශාවත් ජීවිත වටිනාකමත්ය!
දිනුමට දිසාවට දුවන්නා ක්‍රීඩකයාය. ආපස්සට දුවන්නා ආර්යයාය!
උවටැන් ෴
අවවාද පිළිගන්න අයට අවවාද කෙළෙමි. අවවාද නොපිළිගන්න කැමති අයට නිශ්ශබ්දතාවයෙන් උදව් කෙළෙමි!
කමටහන
පුද්ගලයන් පිළිබඳ වස්තු පිළිබඳ අයිතිය පවතින තාක් අත්හැරීමක් එතැන නැත. ඔබේ දරුවෝ සංසාරේ බොහෝ අයට දරුවෝ වූ අයය. ඔබේ වස්තූන් බොහෝ අය අයිතියේ පැවතුන ඒවාය.
කිසිවක් අයිති නැති කොට අයිතිය කියන්නේ ඔබ නොව ඔබේ අඥානකමය. මෙය ඔබ සතු සියලු දෙයින් දකින්න!
සැලකිය යුතුයි!
ආලෝකය අවශ්‍යවන්නේ විනිවිද දැක්මටය. අඳුර අවශ්‍යවන්නේ පෙනෙන දේ සැඟවීමටය.
රාගය ඇත්තා කයට අසුවෙයි. ලෝභය ඇත්තා වස්තුවට අසුවෙයි. රහතා සම්මාවට අසුවෙයි!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
දුන් දේ දුන්නාය යන මතකය මත එහි අයිතිය තවම ඔබ සතුය. දුන් දේ අනුන්ගේය එයට අයිතියක් කුමටද? අයිතිය අත්හැරීම, ඔබේ අත්හැරීම සම්පූර්ණ කරයි.
ටීකාව
යමෙක් යමක් දෙන්නේ එහි අයිතිය ඔහුට ඇති නිසාය. අත්හරින විට එම අයිතිය අතහැරෙන්නේ දැයි විමසන්න.
සරලාව
දුන් දේ හෝ අත්හල දේ පිං පොතේ ලියා තැබීම සහ පුවරුවල සටහන් කිරීම, ජීවන භුක්තිය තබාගෙන ඔප්පු ලියන්නාක් වැනිය.