සෑම බැඳීමක්ම සහ වස්තුවක්ම විඩාවක් ඇතිකරන බැවින්, විඩාවකින් තොර බැඳීමක් හා පරිභෝජනයක් අගනේය. සෑම පරිභෝජනයකදීම මෙය පුරුදු කරන්න.
විඩාව නම් අත්හැරීමට හේතුවයි. විඩාවෙන් තොරව අවසරය ඇත්තේ පරිභෝජනයට පමණය.
සියල්ල දන්නෙක් ලොව කිසිත් නැත. කිසිවක් නොදන්නා බව දන්නා තැනැත්තා සියල්ල දන්නෙක්ය. මක්නිසාද ඔහුට අවශ්‍ය වන්නේ නොදන්නා බව දැනගැනීම පමණය.
(කිසිවෙක් කිසිවෙකුට විඩාවක් නොවේවා!)
“ නිවන් දකිමු ස්වාමින් වහන්සේ හමුවීමේ උත්සහයත් විඩාවකි,
විඩාවෙන් මිදෙන්න උන්වහන්සේවත් අත්හරින්න “
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
විඩාවකින් තොරව පරිභෝජනය කරන්න. විඩාවකින් තොරව ආශ්‍රය කරන්න. එවිට ඔබත් අත්හරින බෝධිසත්ත්වයෙක් යැයි ලොව පවසනු ඇත.