“ සියල්ල මනසින් අත්හරින්න අවශ්‍ය කෙනාට අවශ්‍යවන්නේ අත්හරින ක්‍රමය නොව, අසු නොවී ඉන්න ක්‍රමයයි “
අසු වන්නාට අත්හැරීමේ නිමාවක් නැත. මන්ද අසුවීම ඔහු තුල නිමා නොවන බැවින්ය!
ධනය පරිස්සම් කිරීමට වඩා කට පරිස්සම් කිරීම කොපමණ අගනේද!
පැවැත්මට මන්දගාමී වීමටත් නිවනට අප්‍රමාදී වීමටත් දක්ෂ වන්න!
අකුසලෙන් වැලකෙන්න, කුසලය ඉබේ ගෙවෙනු ඇත!
ඔබ කියන දේ අසන්නාට කෙසේ වෙතත් ඔබට තේරීම වඩා වැදගත්ය!
අසු නොවන අවස්ථා ෴
පෙනෙන, ඇසෙන සහ දැනෙන දේ තමාගේ කර නොගන්න - එවිට රූප, ශබ්ද හා දැනීම් වලට අසු නොවේ.
සිතෙන දේ තමාගේ කර නොගන්න - එවිට සිතුවිලි වලට අසු නොවේ.
ඇසුරුකරන්නන් සහ ධනය තමාගේ කර නොගන්න - එවිට ඥාති මිත්‍රාදීන්ට හා වස්තුවට අසු නොවේ.
කමටහන
ඔබ පරිභෝජනය කරන සියල්ලෙන් අසු නොවී සිටීමට සිහිය පවත්වන්න. අසුවන සියල්ල අත්හැරියෙහිය, අසු නොවී සිටීමට පුරුදු කෙළෙහිද?
කල්‍යාණ මිතුරෙකු වීමට... ෴
අනුන්ගේ අවසරයෙන් තොරව රහස් පිට නොකරන්න.
නිතරම අනුන්ගේ ගුණ දකින්න.
සෑම විටම සත්‍යවාදී වන්න.
බලාපොරොත්තු රහිතව උපකාර කරන්න.
ලද දෙයින් මෙන්ම නැති දෙයින්ද සෑහීමට පත්වන්න.
හිස් වචනවලින් වැලකී ධාර්මිකව ජීවත් වන්න.
කිසිවිටක හිංසා පීඩා හෝ සතුරුකම් නොකරන්න.
දුර්වලකම් තිබුණද ඒවා එලා නොදකින්න.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
සියලු අත්හැරීම් නිමා වන්නේ අත්හැරීමෙන් පමණකින් නොව, අසු නොවී සිටීමෙනුත්ය.