“ ඔබට කිසිවක් අයිති නැත,
ඔබත් කිසිවකට අයිතිද නැත,
අත්හැරුන මානසිකත්වය මෙය නම් ඔබ තවම අත්හැර නැත “
ලෝකයේ බොහෝ දේ දන්නාවු ඔබ, ඔබට කිසිවක් මෙලොව අයිති නැත යන්න දන්නෙහිද!
ලෝකයම ඔබ දිහා බලන්නාසේ සිතා හැඩ වන්නේහිය. කපුටෙක්වත් බලන්නට තම දිහා නැති බව දන්නෙහිද?
ඔබ ලස්සනයි කියා සිතන්නෙහිද? සමේ පාටවත්, හැඩයවත් ලස්සන නොවේ නම් ඔබේ ලස්සන කොතැන්හීද!
“මරණය” වෙන්වීමක් නොව පාරමිතාවට තවත් පාඩමකි!
පැවැත්මේ සාපේක්ෂතාවය ෴
බඩගින්න කෑම සොයයි! රාගය ස්පර්ශය සොයයි! මාන්‍යය ගෞරවය සොයයි! ලෝභය වත්කම් සොයයි!
නිවන යනු කිසිම සාපේක්ෂකයක් නොමැතිව සාපේක්ෂකයම සාපේක්ෂකයක් වූ ධර්මතාවයකි!
උවටැන් ෴
විශ්ව විද්‍යාල අධ්‍යාපනය බැඳීම් ඇතිකරයි!
විශ්වය නම් විද්‍යාලයේ අධ්‍යාපනය බැඳීම් නැති කරයි!
කමටහන
ඔබ යමකට බැඳිලද, යමක් ඔබට බැඳිලද දෙතැනම අත්හැරීම සිදු වී නැත. ඔබ අසුවන්නේ කුමටද? ඔබට අසු වන්නේ කුමක්ද? මෙය සිහියෙන් දකින්න!
සැලකිය යුතුයි! ෴
ඔබේ පැවැත්ම
දකින, අසන, දන්නා, කරන සහ සිතන දේ ඔබේ පැවැත්මයි.
ඔබේ නිවීම
පේන, ඇසෙන, දැනෙන, කෙරෙන සහ සිතෙන දේ ඔබේ නිවීමයි.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
මෙලොව පවතින කිසිවක් කිසිවෙකුට අයිති නැත. එක්කෝ අප අයිතිය කියමින් අසු වෙනවා, නැත්නම් යමක් අපට අයිතිය කියමින් අසු කරනවා.